The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

EURO 2024: ජෝජියාව සහ තුර්කිය (එෆ් කොටස)

T

The Leader Desk

April 19, 2024 • 4:06 PM

EURO 2024: ජෝජියාව සහ තුර්කිය (එෆ් කොටස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •    ලක්සම්බර්ග් හා ග්‍රීසිය ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ජෝජියාව එදා මෙදා තුර ප්‍රථම වතාවට ප්‍රධාන පාපන්දු තරගාවලියකට පිවිස සිටින්නේ විස්මිත අයුරින්.
  • නේෂන්ස් ලීග් තරගාවලියේ ‘ඩී’ ලීගයේ සිට මෑත වසරවලදී ‘බී’ ලීගයට ජෝජියාව උසස්ව සිටින්නේ එරට ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් කළ වැඩි ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසින්.
  • මේ 23 හැවිරිදි ක්‍රීඩකයා රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 29දී ගෝල් 15ක් ලබා ගෙන සිටින්නේ යුරෝපය හරහා ගෞරවනීය ලීග් තරගාවලියන්හි ක්‍රීඩා කරන ජෝජියානු නව ක්‍රීඩක පරම්පරාවකට මූලිකත්වය දෙමින්.
  • 2021 වසරේදී ජෝජියාවේ පාපන්දු පුහුණුකරු තනතුර බාර ගත් දා සිට ඔහු තමා යටතේ ක්‍රීඩා කෙරුනු තරග 33න් 16ක් දිනා ගෙන තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 ලක්සම්බර්ග් හා ග්‍රීසිය ට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් ජෝජියාව එදා මෙදා තුර ප්‍රථම වතාවට ප්‍රධාන පාපන්දු තරගාවලියකට පිවිස සිටින්නේ විස්මිත අයුරින්.

නේෂන්ස් ලීග් තරගාවලියේ ‘ඩී’ ලීගයේ සිට මෑත වසරවලදී ‘බී’ ලීගයට ජෝජියාව උසස්ව සිටින්නේ එරට ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් කළ වැඩි ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙසින්.

ජර්මනියේ පැවැත්වෙන ‘යුරෝ’ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසීම ජෝජියාව ට ඉතාමත් අසීරු දෙයක්. නමුත් ජෝජියාව ට අවසානයේ යුරෝපයේ සුපිරි පාපන්දු කණ්ඩායම් අතර සිටීමට හැකි වීම පිළිබඳව ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් තුළ තිබෙන්නේ ලොකු සතුටක්.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - හවීචා ක්වාරට්ස්හයිල්යා (Khvicha Kvaratskhelia)

 Khvicha Kvaratskhelia

 

ඉතාලියේ Napoli ක්‍රීඩා සමාජ තරුව වන හවීචා ක්වාරට්ස්හයිල්යාගෙන් එහා වෙනත් අතක් බැලීම කළ නොහැකි දෙයක්. මේ 23 හැවිරිදි ක්‍රීඩකයා රට වෙනුවෙන් ක්‍රීඩා කළ තරග 29දී ගෝල් 15ක් ලබා ගෙන සිටින්නේ යුරෝපය හරහා ගෞරවනීය ලීග් තරගාවලියන්හි ක්‍රීඩා කරන ජෝජියානු නව ක්‍රීඩක පරම්පරාවකට මූලිකත්වය දෙමින්.


මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ලබා ගත් ගෝල් හතර විසින් ඔහුගේ රට ජර්මන් තරගාවලියේ සිටිනු ඇති බවට තහවුරු කර තිබෙන අතර ක්වාරට්ස්හයිල්යාගේ ක්‍රීඩාවේ තත්ත්වය මත ජෝජියාව ට මේ තරග බිමේදී මතක හිටින අවස්ථාවන් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා.


කළමනාකරු - විලී සැන්යොල් (Willy Sagnol)

Willy Sagnol

ප්‍රංශයේ අවුරුදු 21න් පහළ සහ Bordeaux කණ්ඩායම්වල කළමනාකරු ලෙස කළ සේවය මිට අට වසරකට පමණ පෙර අවසන් වීමෙන් පසුව තම කළමනාකාරිත්ව දිවියට නව ජීවයක් දීම පිළිබඳව මේ හිටපු ප්‍රංශ පසුපෙල ක්‍රීඩකයාට විශාල ප්‍රශංසාවක් හිමිවීමේ අයිතියක් තිබෙනවා.


2021 වසරේදී ජෝජියාවේ පාපන්දු පුහුණුකරු තනතුර බාර ගත් දා සිට ඔහු තමා යටතේ ක්‍රීඩා කෙරුනු තරග 33න් 16ක් දිනා ගෙන තිබෙනවා. ජෝජියාව නමැති නැගෙනහිර යුරෝපීය රට ඔවුන්ගේ මංගල ‘යුරෝ’ තරගාවලියට රැගෙන යාම පිළිබඳව මේ Bayern Munich කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩකයාව ඒ රට කිසිදා අමතක කරන්නේ නැහැ.



තුර්කිය

 ‘යුරෝ 2020’ තරගාවලියේ ‘කළු අශ්වයන්’ ලෙසින් බොහෝ දෙනා විසින් සලකනු ලැබූ තුර්කිය ට ඒ තරගාවලිය විනාශකාරී අවසානයක් ගෙන දුන්නේ මූලික තරග තුනෙන් ම ඔවුන් පරාජය වූ බැවින්.
 
එහෙත්, ඒ ලැබූ පළපුරුද්දෙන් ශක්තිමත්ව සිටින තුර්කිය එම කලකිරවන මෙහෙයුමෙන් පළි ගැනීමට මේ වතාවේදී අපේක්ෂා කරනු ඇත්තේ සුදුසුකම් ලැබීමේ ඔවුන්ගේ තරග කොටසේ ක්‍රොඒෂියාව හා වේල්සය අභිබවා ඉහළට පිවිසීමට සමත් වීමෙන් පසුව.

කෙසේ වෙතත්, තම රටෙන් පිටතදී ක්‍රොඒෂියාව හා ජර්මනිය ට එරෙහිව ලබා ගත් ජයග්‍රහණ ද ඇතුළත් ආකර්ෂණීය ක්‍රීඩාවකින් පසුව, තුර්කිය නැවතත් මහ පොළවට පතිත කරවනු ලැබුවේ හංගේරියාව සහ ඔස්ට්‍රියාව විසින් මෑතකදී ඔවුන් පිට පිට පරාජය කරමින්.


අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයා - හකාන් චල්හනෝලු (Hakan Calhanoglu)

Hakan Calhanoglu

 

නායක හකාන් චල්හනෝලු තුර්කියේ වීරයෙක්. ජර්මනියේ ඉපදුනත් තමාගේ පවුල පැවත එන රට වෙනුවෙන් ක්‍රිඩා කිරීම තෝරා ගත් මේ 30 හැවිරිදි ක්‍රීඩකයා 2021 වසරේදී ඉතාලියේ AC Milan ක්‍රීඩා සමාජයේ සිට ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන් වන Inter Milan කණ්ඩායමට එක්වීමෙන් පසුව නව ජීවයක් ලබා ගෙන සිටිනවා.


ආක්‍රමණික මැදපෙල ක්‍රීඩකයෙකු ලෙස කළින් රංගනයක යෙදුනු චල්හනෝලු දැන් තවත් පසුපසින් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් තරග 84ක ක්‍රීඩා වාර්තාවක් ඇතිව. ඔහුගේ පළපුරුද්ද හා ක්‍රීඩා තත්ත්වය වින්චෙන්සෝ මොන්ටෙල්ලාගේ කණ්ඩායමට තීරණාත්මකයි.


කළමනාකරු - වින්චෙන්සෝ මොන්ටෙල්ලා (Vincenzo Montella)

Vincenzo Montella
49 හැවිරිදි මේ ඉතාලි ජාතිකයා උද්යෝගිමත් විවේචන උපයා ගෙන සිටින්නේ මහාද්වීපය හරහා පසුගිය දශකයේ කළ සේවය නිසා.

 

තුර්කියේ සුපර් ලීග් කණ්ඩායමක් වන Adana Demirspor සමග දෙවසරක සිත් බඳනාසුලු සේවයකින් පසුව මොහුට තුර්කියේ පාපන්දු කණ්ඩායමේ කළමනාකාරිත්වය දැරීමේ අවස්ථාව හිමි වූ අතර මෑතකදී කලකිරවන තරග සතියක් උදා වීමට පෙර මේ පුහුණුකරුවා තුර්කි ජාතික කණ්ඩායමට ඔහුගෙන් ලොකු බලපෑමක් ඇති වී තිබෙන බවට ප්‍රදර්ශනය කරමින් සිටියා.

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

සබැඳි පුවත් :

 
 


EURO 2024: යුක්රේනය සහ ස්ලොවේකියාව (ඊ කොටස)

EURO 2024: පෝලන්තය සහ ඔස්ට්‍රියාව (ඩී කොටස)

EURO 2024: නෙදර්ලන්තය සහ ප්‍රංශය (ඩී කොටස)

EURO 2024: සර්බියාව සහ එංගලන්තය (සී කොටස)

EURO 2024: ස්ලොවේනියාව සහ ඩෙන්මාර්කය (සී කොටස)

EURO 2024: ඉතාලිය සහ ඇල්බේනියාව (බී කොටස)

EURO 2024: ස්පාඤ්ඤය සහ ක්‍රොඒෂියාව (බී කොටස)

EURO 2024: හංගේරියාව සහ ස්විට්සලන්තය (ඒ කොටස)

EURO 2024: ජර්මනිය සහ ස්කොට්ලන්තය (ඒ කොටස)    

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...