The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

European GT4 Championship: ප්‍රංශයේ දී පදක්කම් පෑ මාලගමුව දිවයිනට

T

The Leader Desk

April 10, 2024 • 4:31 PM

European GT4 Championship: ප්‍රංශයේ දී පදක්කම් පෑ මාලගමුව දිවයිනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රංශයේ පෝල් රිකාට් ධාවන පථයේ පැවැති යුරෝපියානු ජී.ටී. 4 මෝටර් රථ ධාවන ශූරතා තරගාවලියට
  • මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.
අකුරු ප්‍රමාණය (Font Size):

(European GT4 Championship) සහභාගී වී දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, අද (10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙම තරගය ඉකුත් 05, 06 සහ 07 යන දිනවල ලෝකයේ රටවල් 40 ක මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබූ අතර ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම නියෝජනය කරමින් ඩිලන්ත මාලගමුව එම තරගයට සහභාගී විය.

ඩිලන්ත මාලගමුව අද උදෑසන 8.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර  ඔහු පිළිගැනීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සහ ඩිලන්ත මාලගමුව ගේ මිතුරෝ පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඩිලන්ත මාළගමුව, මෙම වසරේ තවත් මෝටර් රථ ධාවන තරග 08 ක් යුරෝපයේ සහ තවත් මෝටර් රථ ධාවන තරග 02 ක් සදහා වශයෙන් මෝටර් රථ ධාවන තරග 10 ක් ඉතිරිව ඇති බවත් ඒවාට හොදින් පුහුණු වී තරග කර ලෝක ශූරතාවය දිනා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් පැවසීය.

(dinamina.lk)

dilantha malagamuwa
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...