The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග සැලසුම් කිරීමට FIFA සමග තීරණාත්මක හමුවක්

T

The Leader Desk

May 4, 2026 • 9:04 AM

ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග සැලසුම් කිරීමට FIFA සමග තීරණාත්මක හමුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ ක්‍රීඩා කිරීමට නියමිත ඉරානයේ ලෝක කුසලාන පාපන්දු තරග පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ස්විට්සලන්තයේ සූරිච් නගරයේදී මැයි 20 වැනි දිනට පෙර මුණගැසෙන ලෙසට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඉරාන පාපන්දු නිලධාරීන්ට දන්වා තිබෙනවා.
  • “අපට FIFA සමග සාකච්ඡා කළ යුතු බොහෝ දේවල් තියෙනවා” යනුවෙන් ඉරාන පාපන්දුවේ ප්‍රධානියා වන මෙහ්දි ටාජ් සිකුරාදා ප්‍රකාශ කර තිබුණා.
  •   මෙහ්දි ටාජ් මැයි 20 අවසන් දිනයට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මූලස්ථානයට පැමිණෙන ලෙසට ඉරාන නියෝජිත පිරිසකට FIFA මහ ලේකම් මටේඑස් ග්‍රාෆ්ස්රම් (Mattias Grafstrom) ආරාධනය කර තිබෙනවා.
  • ඉරානය නියමිත පරිදි අමෙරිකාව ට පැමිණ ක්‍රීඩා කරනු ඇති බවට FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ බ්‍රහස්පතින්දා වැන්කුවර් නගරයේ පැවති කොංග්‍රස් රැස්වීමේදී ගෝලීය පාපන්දු නායකයින් හමුවේ කළ ප්‍රධාන දේශනය ආරම්භ කරමින් නැවත නැවතත් අවධාරණය කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනය, ඉරාන ලෝක කුසලාන පාපන්දු සංචිතය අමෙරිකාවේ සිටීමට නියමිත දිනයට සති තුනකට පෙර දිනය යි.

“අපට FIFA සමග සාකච්ඡා කළ යුතු බොහෝ දේවල් තියෙනවා” යනුවෙන් ඉරාන පාපන්දුවේ ප්‍රධානියා වන මෙහ්දි ටාජ් සිකුරාදා ප්‍රකාශ කර තිබුණා. ඔහු එසේ කියා තිබුනේ කැනඩාවේ පැවති FIFA වාර්ෂික කොංග්‍රසයට සහභාගි වීමට නොහැකිව යළි සියරට පැමිණීමෙන් පසුව.

 

Tajමෙහ්දි ටාජ්
මැයි 20 අවසන් දිනයට පෙර ජාත්‍යන්තර පාපන්දු සම්මේලන මූලස්ථානයට පැමිණෙන ලෙසට ඉරාන නියෝජිත පිරිසකට FIFA මහ ලේකම් මටේඑස් ග්‍රාෆ්ස්රම් (Mattias Grafstrom) ආරාධනය කර තිබෙනවා.

මේ ඉලක්කගත දිනය, ඉරාන ලෝක කුසලාන සංචිතය අමෙරිකාව ට පැමිණ ඉංග්ල්වුඩ්, කැලිෆෝනියාව හා සිඇට්ල් යන නගරවල පැවැත්වීමට නියමිත මූලික තරග තුනට සූදානම් වීම පිණිස ඇරිසෝනාවේ ටස්කන් නුවර පුහුණු ස්ථානයක නතර වීමට නියමිත දිනයට සති තුනකට පෙර දිනය වී තිබෙනවා.

“අපේ ස්ථාවරය වී තිබෙන්නේ ළඟදීම FIFA සමග සාකච්ඡාවකට යාමයි” ටාජ් සිකුරාදා ඉරාන මාධ්‍යයට පවසා තිබුණා.

giani

ඉරානය නියමිත පරිදි අමෙරිකාව ට පැමිණ ක්‍රීඩා කරනු ඇති බවට FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ බ්‍රහස්පතින්දා වැන්කුවර් නගරයේ පැවති කොංග්‍රස් රැස්වීමේදී ගෝලීය පාපන්දු නායකයින් හමුවේ කළ ප්‍රධාන දේශනය ආරම්භ කරමින් නැවත නැවතත් අවධාරණය කර තිබුණා. එම රැස්වීමට සහභාගි වූ සාමාජික සම්මේලන 211 අතරෙහි නොසිටියේ ඉරානය පමණයි.

ඉරානය ජූනි 15-26 කාලයේදී නවසිලන්තය, බෙල්ජියම හා ඊජිප්තුව ට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර ඉරානය ඔවුන්ගේ කොටසේ අනුශූරයින් ලෙස තරගාවලියේ ඉදිරියට යාමට සමත් වුවහොත් ඔවුන්ට කණ්ඩායම් 32 දෙනාගේ වටයේදී අමෙරිකාව ජූලි 3 වැනිදා ඩලස් ක්‍රීඩාංගණයේදී මුණගැසීමට ඉඩ තිබෙනවා.

ඉරාන පාපන්දු ලීග් තරගාවලිය යුද්ධය ආරම්භ වීමෙන් පසුව නතර වූ අතර එය ලෝක කුසලාන තරගාවලියට පෙර නැවත ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉරාන කණ්ඩායම මාර්තු මාසයේ තුර්කියේ ඇන්ටල්යා නගරයේ පැවති පුහුණු කඳවුරකදී පෙරහුරු තරග දෙකකට සහභාගි වුණා. ඔවුන් එහි සිට මේ මාසයේ පැමිණ ජූනි 11 වැනිදා ඇරඹෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සූදානම් වීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...