The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘ඩායි ඩායි’ FIFA ලෝක කුසලාන ගීතයෙන් ෂකිරා නැවතත් ගෝලීය පාපන්දු වේදිකාවට

T

The Leader Desk

May 8, 2026 • 10:01 AM

‘ඩායි ඩායි’ FIFA ලෝක කුසලාන ගීතයෙන් ෂකිරා නැවතත් ගෝලීය පාපන්දු වේදිකාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු ක්‍රීඩා ලෝලීන් වසර ගණනාවක් තිස්සේ ෂකිරාගෙන් (Shakira)තවත් ගෝලීය පාපන්දු ගීතයක් ඉල්ලා සිටීමෙන් පසුව දැන් එය සිද්ධ වෙනවා.
  • බ්‍රසීලයේ Maracana ක්‍රීඩාංගණය ඇතුළේ රූගත කරන ලද වීඩියෝවක් මගින් ෂකිරා ඊයේ ඉදිරිපත් කළ එම ගීතයේ කෙටි ප්‍රවර්ධනයේ දසුන්වලින් පාපන්දු ලෝලීන්ව ඉතාමත් වේගයෙන් ආකර්ෂණය කරගෙන තිබෙනවා.
  • සම්පූර්ණ ගීතය මැයි 14 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.
  • ‌මේ වන විට බොහෝ පාපන්දු ලෝලීන්ට 49 හැවිරිදි ෂකිරා සහ පාපන්දු ලෝක කුසලානය ප්‍රායෝගිකව වෙන් කර ගන්න බැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ලෝක පූජිත කොලොම්බියානු පොප් ගායිකාව 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ‘ඩායි ඩායි’ - Dai Dai - නමින් අලුත්ම ගීතයක් සමග දැන් නිල වශයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ FIFA ලෝක කුසලාන වේදිකාවට නැවත අවතීර්ණව සිටිනවා. ඇය සමග මේ ගීතයට නයිජීරියානු සුපිරි ගායක බර්නා බෝයි (Burna Boy) ද එක්ව සිටිනවා.

බ්‍රසීලයේ Maracana ක්‍රීඩාංගණය ඇතුළේ රූගත කරන ලද වීඩියෝවක් මගින් ෂකිරා ඊයේ ඉදිරිපත් කළ එම ගීතයේ කෙටි ප්‍රවර්ධනයේ දසුන්වලින් පාපන්දු ලෝලීන්ව ඉතාමත් වේගයෙන් ආකර්ෂණය කරගෙන තිබෙනවා.

 



‘වකා වකා’ – Waka Waka (This Time for Africa) නමැති ලෝක කුසලාන පාපන්දු ගීතයෙන් සුවහසක් පාපන්දු ලෝලීන්ගේ ඉමහත් ආදරය දිනා ගත්‌ මේ ගායිකාව මෙවර නිකුත් කළ ලෝක පාපන්දු ගීතයේ කෙටි වීඩියෝවේදී ඇය විවිධ රටවල කණ්ඩායම්  නියෝජනය කරන වර්ණයන්ගෙන් යුත් ඇඳුමින් සැරසුනු නැටුම් ශිල්පිනියන් පිරිවරා ගෙන සිටියදී ‘ඩායි ඩායි’ ගීයේ කෙටි වාදනයක් පසුබිමෙන් ඇසෙනවා. සම්පූර්ණ ගීතය මැයි 14 වැනිදා නිකුත් කිරීමට නියමිතයි.

‌මේ වන විට බොහෝ පාපන්දු ලෝලීන්ට 49 හැවිරිදි ෂකිරා සහ පාපන්දු ලෝක කුසලානය ප්‍රායෝගිකව වෙන් කර ගන්න බැහැ. ඇයගේ 2010 වසරේ ‘වකා වකා’ නමැති දකුණු අප්‍රිකානු ලෝක කුසලාන පාපන්දු ගීතය එදා මෙදා තුර වඩාත්ම ආදරයෙන් වැළඳ ගනු ලැබූ පාපන්දු ගීතය බවට පත්වූ අතර ෂකිරාගේ ‘ලා ලා ලා’- La La La – (2014 බ්‍රසීලය) නමැති 2014 ලෝක කුසලානයේ දෙවැනි තේමා ගීතය හා ජර්මනියේ පැවති 2006 තරගාවලියේ සමාප්ත උත්සවයේ ඇය ගැයූ Hips Don’t Lie ගීය ඇයට පාපන්දුවේ නිල නොවූ ශබ්දපථයේ මහරැජින ලෙසින් තිබූ තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා උපකාරී වුණා.

 

shakira 2

‘ඩායි ඩායි’ ගීතයේ මිනිත්තුවක ‘ඉන්ස්ටග්‍රෑම්’ වීඩියෝවට ක්‍රීඩා ලෝලීන් මාර්ගගතව සැණින් ප්‍රතිචාර දැක්වූ අතර සමහරු එය හැඳින්වූයේ මීට වසර 16කට පෙර ‘වකා වකා’ ගීයෙන් ඇතිවූ දැවැන්ත සංස්කෘතික බලපෑමෙන් පසුව ප්‍රදර්ශනය වූ ‘සම්පූර්ණ වටයක් කැරකුනු මොහොතක්’ ලෙසින්. මෙතැන් සිට ඉදිරියට සැම ලෝක කුසලාන ගීතයක්ම මෙහෙයවීම ෂකිරා ට බාර දීමට FIFA කටයුතු කළ යුතු බවට සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කියා තිබුණා.

තමාට දරුවන් දෙදෙනෙකු ලබා දුන් හිටපු ස්පාඤ්ඤ හා බාසිලෝනා ක්‍රීඩක ජෙරාඩ් පීකේගෙන් වෙන්වීමේ දැඩි කම්පාව වටා නිර්මාණය වූ Las Mujeres Ya No Lloran (කාන්තාවන් තව දුරටත් අඬන්නේ නැහැ) නමැති ගීත ඇල්බමයේ ලෝක චාරිකාව නිසා ඉතාමත් කාර්යබහුල ලෙස ගෝලීයව වසරක් ගත කරමින් සිටින ෂකිරා ට ‘ඩායි ඩායි’ ගීතය නිකුත් වන කාලය ද ඉතාමත් හොඳින් ගැලපී තිබෙනවා.

Shakira

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසාන තරගයේ විවේක කාලයේ සුපර් බෝල් (Super Bowl) විලාසයේ ප්‍රසංගයක් මෙවර පැවැත්වීමට FIFA සැලසුම් කර තිබෙන අතර එය සංවිධානය කිරීමට ජනප්‍රිය එංගලන්ත ගායක ක්‍රිස් මාටින් උපකාර කරනවා. ෂකිරාගේ ආගමනය, බර්නා බෝයිගේ සහභාගිත්වය හා FIFA ඉතාමත් ප්‍රබල අයුරින් සංගීත සංස්කෘතියට නැවත නැඹුරු වීම දෙස බලන විට මෙවර තරගාවලිය පොප් සංස්කෘතියේ ඉසව්වක් තරමට ම සැලසුම් කර ඇති පාපන්දු තරගාවලියක් බවට දැනටමත් පත්ව තිබෙනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...