පැවැත්වීමට යන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පෙර මහා ගැටුමක් ඇති වීමේ ලකුණු පහළ වෙමින් තිබෙනවා.
පළවන මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුළ ‘සිංහයා සහ හිරු’ගේ කොඩිය තහනම් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. කොළ, සුදු හා රතු ත්‍රිත්ව වර්ණයෙන් යුත් මේ ධජය 1979 වසරේ ඇතිවූ ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානයේ ජාතික කොඩිය බවට පත්ව තිබුණා.
අමෙරිකානු විරෝධී ටෙහෙරාන් රජය මේ සංකේතය මීට දශක ගණනාවකට ඉහත තහනම් කර තිබුනත්, මේ ලකුණ අයතොල්ලාගේ කුරිරු පාලනයට එරෙහි ලොව පුරා මිලියන ගණන් ජනතාවකගේ නිදහසේ හා උණුසුම් විරෝධයේ සංකේතය ලෙසින් තවමත් පවතිනවා.
FIFA ඔවුන් ගන්නා මේ පියවර සාධාරණීකරණය කරන්නේ දේශපාලනික හා සිත් රිදවන ක්‍රියාවන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියේ නාමයෙන් නීතිවිරෝධී කර තිබෙන ඔවුන්ගේ ක්‍රීඩාංගණ හැසිරීමේ ව්‍යවස්ථාව දෙසට ඇඟිල්ල දිගු කරමින්.
කෙසේ වෙතත්, විවේචකයින් විසින් ලෝක පාපන්දු සම්මේලනයේ මේ ලැජ්ජා නැති දෙබිඩි පිළිවෙත දැඩි දෝෂාරෝපණයට ලක් කර තිබෙනවා. කිසිම බාධාවකින් තොරව පලස්තීන ධජය ප්‍රදර්ශනය කිරීමට FIFA නිර්ණායකයන් පැහැදිලිව ඉඩ දී තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.
විදේශීය රටක බල පැවැත්වෙන කතා කිරීමේ නිදහසේ පොලිස් උපක්‍රම අමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක කිරීමෙන් අපේ ශුද්ධ වූ පළමු ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබා දී තිබෙන ආරක්ෂාවන් උල්ලංඝනය වන බවට තර්ක කරන නීති අභියෝගයකට මූලිකත්වය දරන්නේ ‘නිදහසේ හඬ සඳහා වන ආයතනය’ (Institute for Voices of Liberty) නමින් අමෙරිකාවේ තිබෙන ලාභ සඳහා නොවන සංවිධානය නියෝජනය කරන Shahrokh Mokhtarzadeh නීතිඥවරයා.
FIFA ට ඔවුන්ගේ තීරණය ආපසු හකුලා ගන්නා ලෙසට කළ දැඩි තෙදින නීතිමය අනතුරු ඇඟවීමක් නොසලකා හැරීමෙන් පසුව, ‘සිංහයා සහ සූර්යයා’ කොඩිය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් පැනවීමට අදහස් කරන තහනමක් තරගාවලිය ආරම්භ වීමට පෙර අවලංගු කිරීම සඳහා කැලිෆෝනියා උත්තරීතර අධිකරණයේ හෝ අමෙරිකානු දිස්ත්‍රික් උසාවියේ නඩු පවරන බවට නීතිඥවරු ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානය ඔවුන්ගේ පළමු තරගය නවසිලන්තය ට එරෙහිව ජූනි 15 වැනිදා ක්‍රීඩා කරන කැලිෆෝනියාවේ ඉංග්ල්වුඩ් නගරයේ SoFi ක්‍රීඩාංගණයට නිදහස අගයන ඉරාන-අමෙරිකානු දේශප්‍රේමීන් දස දහස් ගණනින් රොද බැඳගෙන පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




