The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'බැලන් ඩෝ’ සම්මානය නොලැබුනු විනිකියස් ජූනිය FIFA වසරේ හොඳම ක්‍රීඩකයා වෙයි

T

The Leader Desk

December 18, 2024 • 12:05 PM

'බැලන් ඩෝ’ සම්මානය නොලැබුනු විනිකියස් ජූනිය FIFA වසරේ හොඳම ක්‍රීඩකයා වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කටාර් දේශයේ ඩෝහා අගනුවර පැවති ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හොඳම සම්මාන - The Best Awards - ප්‍රදානෝත්සවයේදී 24 හැවිරිදි ඉදිරි පෙල ක්‍රීඩක විනිකියස් වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.
  • “එය කොතරම් ඈතට යනවාද කියනවා නම් මේ තැනට ඒම ඉතාම අමාරු දෙයක් ලෙස හැඟුනා.
  • තරගකරුවන් තෝරා ගැනුනේ 2023 අගෝස්තු 21 සිට 2024 අගෝස්තු 10 දක්වා වාර්තා වූ දක්ෂතා මත.
  • එහිදී ඔහු ‘රේඅල් මෙඩ්රිඩ්’ වෙනුවෙන් තරග 39කදී ගෝල් 24ක් වාර්තා කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

කටාර් දේශයේ ඩෝහා අගනුවර පැවති ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හොඳම සම්මාන - The Best Awards - ප්‍රදානෝත්සවයේදී 24 හැවිරිදි ඉදිරි පෙල ක්‍රීඩක විනිකියස් වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.

ඔක්තෝබර් මාසයේදී ‘බැලන් ඩෝ’ (Ballon d’Or) සම්මාන සටනෙන් ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ මැදපෙල ක්‍රීඩක රොඩ්රි (Rodri) ට පරාජය වීමෙන් විනිකියස් කොතරම් කලකිරීමට පත්ව සිටියාද කිවතොත් ඔහු සහ ඔහුගේ මෙඩ්රිඩ් කණ්ඩායම පැරිසියේ පැවති එම සම්මාන ප්‍රදාන උළෙල සම්පූර්ණයෙන් වර්ජනය කළා. නමුත් මේ වතාවේදී රොඩ්රි ලකුණු පහකින් විනිකියස් ට දෙවැනි වුනා.

 

Ballon d’Or සහ Fifa Best Awards යනු පාපන්දු ක්‍රීඩාවේ තිබෙන ඉහළම සම්මාන යි.

විනිකියස් ඔහුගේ සම්මානය ලබා ගැනීම පිණිස FIFA උත්සවයට සහභාගි වූයේ අන්තර් මහාද්වීප කුසලාන තරගාවලියේ අවසාන තරගයේදී ‘පැචූකා’ නමැති මෙක්සිකානු සමාජ කණ්ඩායම සමග තරග කිරීම පිණිස ‘රේඅල් මෙඩ්රිඩ්’ සමග ඩෝහා නුවරට පැමිණ සිටි අතරතුර.

“මම පටන් ගන්න ඕන කොතනින් ද කියලවත් මම දන්නේ නැහැ” යනුවෙන් විනිකියස් සම්මානය ලබා ගැනීමෙන් පසුව කියා සිටියා. “එය කොතරම් ඈතට යනවාද කියනවා නම් මේ තැනට ඒම ඉතාම අමාරු දෙයක් ලෙස හැඟුනා. මම දුප්පත්කම හා ප්‍රචණ්ඩත්වය පිරුණු සාඕ ගොන්සාලෝ නමැති බ්‍රසීල මින්සිපලයේ පාරවල් දිගේ පමණක් පාවහන් නැතිව පාපන්දු ක්‍රීඩා කළ ළමයෙක්.”

eba2f741 e7fe 4a81 b462 882ba92c0a8b

 

“මෙතනට ඒමට ලැබීම මට ඉතාමත් වැදගත්. මම මෙය කරන්නේ සියල්ල අපහසුයි හා තමන්ට එතැනට එන්න බැහැ කියලා හිතන බොහෝ ළමයින් වෙනුවෙන්.”

 

විනිකියස්ගේ මේ සංවේදී වචන දෝංකාරය වූයේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින්. තමාට ‘බැලන් ඩෝ’ සම්මානය අහිමි කරමින් ඡන්දය දුන් FIFA ශ්‍රේණිගත කිරීමේ ලොව ඉහළින්ම සිටින රටවල් සියයේ මාධ්‍යවේදීන්ට එල්ල දළ සියුම් විවේචනයක් ලෙසින් වෙස්වලා ගත් වචන ද එහි ගැබ්ව තිබුනා. 

“අද මම මේ වචන ලියන්නේ තමා ඇලුම් කරන ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මීට පෙර මේ සම්මානය ලබා ගන්නවා දුටු ඒ ළමයාටයි...ඔබේ වෙලාව ඇවිත් තියෙනවා” යනුවෙන් විනිකියස් සටහන් කළා. “එහෙමත් නැත්නම්, මගේ වෙලාව ඇවිත්. ඔව්, ලෝකෙ ඉන්න හොඳම පාපන්දු ක්‍රීඩකයා මම යි, එතනට එන්න මම ඉතා මහන්සියෙන් සටන් කළා...කියලා කියන්න කාලය ඇවිත් තියෙනවා.”

 

fifa a wereport

“මාව අවලංගු කරන්න, මාව පුංචි කරන්න ඔවුන් උත්සාහ කළා. තවමත් උත්සාහ කරනවා. නමුත් ඔවුන් ඒකට සූදානම් නැහැ. මම සටන් කරන්න අවශ්‍ය කවුරු වෙනුවෙන් ද හෝ මම හැසිරෙන්න ඕන කොහොමද කියලා හෝ කවුරුවත් මට කියා දෙන්න උවමනා නැහැ.”

ස්පාඤ්ඤයේදි ජාතිවාදී පරිභව කිරීම්වලට ලක්වූ විනිකියස් ජූනිය, මේ වසර මුල එක් අවස්ථාවකදී පාපන්දු ක්‍රීඩා කිරීමට තමා තුළ තිබෙන ආශාව නැතිවෙමින් තිබෙන බවත් එහෙත් තමා දිගටම සටන් කරන බවත් කියා සිටියා.

ජගත් පාපන්දු සම්මේලනයේ වසරේ හොඳම සම්මානලාභීන් තීරණය කෙරුනේ ක්‍රීඩාලෝලීන්, සියලුම ජාතික කණ්ඩායම්වල වර්තමාන නායකයන් හා පුහුණුකරුවන් සහ මාධ්‍ය නියෝජිතයන් අතර සමානව බෙදුනු ඡන්ද ක්‍රමවේදයකින් බව FIFA ප්‍රකාශ කළා. තරගකරුවන් තෝරා ගැනුනේ 2023 අගෝස්තු 21 සිට 2024 අගෝස්තු 10 දක්වා වාර්තා වූ දක්ෂතා මත.

 

ckhr890

විනිකියස් ට තිබුනේ ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම තරග වාරය. එහිදී ඔහු ‘රේඅල් මෙඩ්රිඩ්’ වෙනුවෙන් තරග 39කදී ගෝල් 24ක් වාර්තා කළා. මීට අමතරව ඔහු ස්පාඤ්ඤ ක්‍රීඩා සමාජයට වාර්තාගත 15 වැනි යුරෝපීය කුසලානය දිනා දීමටත්, තමාගේ දෙවැනි චැම්පියන්ස් ලීග් කුසලානය හිමිකර ගැනීමටත් සමත් වුනා. අවසාන තරගයේදී විනිකියස් ගෝලයක් ලබා ගත්තේ චැම්පියන්ස් ලීග් අවසාන තරග දෙකකදී ගෝල් ලබා ගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වෙමින්.

FIFA Puskas සම්මානය හිමිකර ගත්තේ 2023 නොවැම්බරයේ ‘එවර්ටන්’ කණ්ඩායමට එරෙහිව අතිදර්ශනීය අයුරින් හිස උඩින් පහරක් එල්ල කරමින් ගෝලයක් ලබා ගත් ‘මැන්චෙස්ට යුනයිටඩ්’ කණ්ඩායමේ අලෙහන්ඩ්‍රෝ ගෝනාචෝ (Alejandro Garnacho).

බ්‍රසීලයේ මර්තා (Marta) ඇය වෙනුවෙන් නම් කර තිබෙන මංගල FIFA Marta සම්මානය දිනා ගත්තා. ඒ, ජූනි මාසයේ ජැමෙයිකාව ට එරෙහිව ලබා ගත් ගෝලය වෙනුවෙන්.

කාන්තා සම්මානය අයිතානා බොන්මතී ට

 

453dims.apnews

කාන්තා පාපන්දුවේ මේ වසරේ හොඳම ක්‍රීඩිකා FIFA සම්මානය හිමිකර ගත්තේ බාසිලෝනා සමාජයේ සුපිරි ක්‍රීඩිකාව වන අයිතානා බොන්මතී (Aitana Bonmati). ‌මෙය ඇය මේ වස‌රේ පිට පිට දිනා ගත් දෙවැනි ගෝලීය සම්මානය යි.

ඇය මීට පෙර, වඩාත් පැරණි හා වඩාත් ගෞරවනීය සම්මානය වන ‘බැලන් ඩෝ’ සම්මානය දිනා ගැනීමට සමත් වුනා. ‘FIFA වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාව’ යනු ‘බැලන් ඩෝ’ සම්මානයේ ජගත් පාපන්දු සම්මේලනයේ පරිවර්තනීය සම්මානය යි.

26 හැවිරිදි මේ ස්පාඤ්ඤ මැදපෙල ක්‍රීඩිකාව ‘බැලන් ඩෝ’ සම්මානය පිට පිට වසර දෙකක් ද ස්පාඤ්ඤ ලීගය, ස්පාඤ්ඤ කුසලානය හා චැම්පියන්ස් ලීගය ද බාසිලෝනා කණ්ඩායම සමග මේ වසරේදී දිනා ගත්තා. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...