විශේෂ ඡන්ද ක්‍රමවේදයක් සම්මේලනය සතුව තිබීම ඊට හේතුව බව ඔහු ජගත් පාපන්දු සම්මේලනයේ මේ වසරේ හොඳම සම්මාන ප්‍රදාන උළෙලේදී - 2024 FIFA The Best Awards - කියා සිටියේ ය‘බැලන් ඩෝ’ (Ballon d’Or) සම්මානය විවේචනයට ලක් කරමින්.
ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හොඳම සම්මාන - The Best Awards - ප්‍රදානෝත්සවයේදී 24 හැවිරිදි ඉදිරි පෙල ක්‍රීඩක විනිකියස් වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.
‘බැලන් ඩෝ’ සම්මානය සහ ‘FIFA හොඳම’ සම්මානය යනු පාපන්දු ක්‍රීඩකයන් වඩාත්ම ආශා කරන තනි සම්මානයි. බැලන් ඩෝ සම්මානය ප්‍රංශ පාපන්දුව විසින් සංවිධානය කරන අතර ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ ලොව පුරා සිටින ඉහළම මාධ්‍යවේදින්ගේ ඡන්දයෙන්. FIFA හොඳම සම්මානය පාපන්දුවේ ලෝක පාලකයන් වන FIFA විසින් මෙහෙයවන අතර එහි ජයග්‍රාහකයන් තීරණය කෙරෙන්නේ ක්‍රීඩා ලෝලීන්, සියලුම වර්තමාන පිරිමි හා කාන්තා ජාතික කණ්ඩායම්වල නායකයන් හා පුහුණුකරුවන් සහ මාධ්‍ය නියෝජිතයන් අතර සමානව බෙදුනු ඡන්දවලින්.
කටාර් දේශයේ ඩෝහා නුවර අඟහරුවාදා පැවති 2024 FIFA The Best Awards ප්‍රදානෝත්සවයේදී ඉන්ෆන්ටීනෝ මෙසේ සඳහන් කළා.

“ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයා කවුද කියලා ඔබට දැනගන්න ඕන නම්, එය FIFAගෙන් විය යුතුයි. මොකද, ඊට හැමදෙනාම ඡන්දය දෙනවා. එය විනිවිද පෙනෙනවා. එහි අරමුණක් තිබෙනවා. එය හැම දෙයකින්ම සමන්විතයි.”
ලෝක පාපන්දු ප්‍රධානියාගෙන් මේ ප්‍රකාශය සිදුවන්නේ 2024 බැලන් ඩෝ සම්මාන ප්‍රදානයේ මතභේදයක් හටගත් පසුබිමක. එම සම්මාන උළෙලේදී ‘මැන්චෙස්ට සිටි’ කණ්ඩායමේ රොඩ්රි ‘රේඅල් මෙඩ්රිඩ්’ කණ්ඩායමේ විනිකියස් ජූනිය අභිබවා සම්මානය දිනා ගත්තා. මේ සම්මානය හිමිවනු ඇත්තේ විනිකියස් බ්‍රසීල පාපන්දු තරුව ට බවට අවසන් මොහොත දක්වා ම ආරංචි පැතිර ගොස් තිබුනා. එහෙත් සිදුවූ වෙනස්කම නිසා බොහෝ ක්‍රීඩා ලෝලීන් හා පාපන්දු විශාරදයන් මේ සම්මානයේ විශ්වාසනීයත්වය පිළිබඳව ප්‍රශ්න කිරීමට පටන් ගත්තා.
24 හැවිරිදි විනිකියස් ජූනිය FIFA සම්මාන උළෙලේදී හොඳම ක්‍රීඩකයා බවට පත්වෙද්දී බැලන් ඩෝ සම්මානලාභී රොඩ්රි ට හිමිවූයේ දෙවැනි ස්ථානය.
බ්‍රසීල පාපන්දු පුරාවෘත්තයක් වන රිනාල්ඩෝ නෙසාරියා (Ronaldo Nazario), ඔහුගේ ස්වදේශික ක්‍රීඩක විනිකියස් ට සුභ පතමින් මෙසේ පැවසුවා.

“ඔවුන් ඔබව මකා දමන්න උත්සාහ කළා, මගේ මිතුර. නමුත් ඔබ ඔවුන් ඉදිරියේ නැටුවා. ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයා කළු හා බ්‍රසීල ජාතිකයෙක්.”
FIFA වසරේ ලෝක ක්‍රීඩකයා සම්මානය තෙවතාවක් (1996, 1997 හා 2002) දිනා ගත් රිනාල්ඩෝ වයස අවුරුදු 20දී එම සම්මානය දිනා ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතව සිටිනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



