The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට

T

The Leader Desk

October 11, 2025 • 3:14 PM

ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධානී ජස්වර් උමාර් FIFA මූලික පදනම හා ආධුනික පාපන්දුවේ කමිටුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මූලික පදනම හා ආධුනික පාපන්දුව සඳහා වන කමිටුවට
  • ‌මේ ගෞරවාන්විත පත්වීම වාර්තා වන්නේ උමාර් මහතාගේ කාල්පනික නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය පාපන්දුව පසුගිය මාස 18 තිස්සේ සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින අවස්ථාවක වීම විශේෂත්වයක්.
  • ජාතික පාපන්දු කණ්ඩායම හා සුපිරි පාපන්දු ව්‍යුහය වෘත්තිමය තත්ත්වයකට ගෙන ඒමේ සභාපති උමාර්ගේ නිර්දය අවධානය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ නැගී එන පාපන්දු බලවේගයක් බවට පත්කර තිබෙනවා.
  • සැලකිය යුතු මට්ටමේ දියුණුවක් පෙන්නුම් කර තිබෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවමත් තරගකාරීව සිටින එකම දකුණු ආසියානු රට ලෙසින් රැඳී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(FIFA Grassroots and Amateur Football Committee) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පත්කර තිබෙනවා.

‌මේ ගෞරවාන්විත පත්වීම වාර්තා වන්නේ උමාර් මහතාගේ කාල්පනික නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය පාපන්දුව පසුගිය මාස 18 තිස්සේ සීඝ්‍ර දියුණුවක් ලබමින් සිටින අවස්ථාවක වීම විශේෂත්වයක්. ඔහුගේ උපායශීලී සහ නිර්භීත ප්‍රවේශය මත ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩාව පරිවර්තන යුගයකට එළඹ සිටින්නේ එහි වෘත්තීයතාව, පාලනය හා ක්‍රීඩාව අලුත් මට්ටමකට පිවිසෙමින්.

drye46
ජාතික පාපන්දු කණ්ඩායම හා සුපිරි පාපන්දු ව්‍යුහය වෘත්තිමය තත්ත්වයකට ගෙන ඒමේ සභාපති උමාර්ගේ නිර්දය අවධානය ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ නැගී එන පාපන්දු බලවේගයක් බවට පත්කර තිබෙනවා. ඔහුගේ නවීන කළමනාකරණ ශෛලිය හා ඉදිරියට කල්පනා කිරීමේ ප්‍රතිපත්තීන් ක්‍රීඩාවට ගෙනැවිත් තිබෙන්නේ නව ප්‍රාණයකින් යුත් ශක්තියක් මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක්.


සැලකිය යුතු මට්ටමේ දියුණුවක් පෙන්නුම් කර තිබෙන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා තවමත් තරගකාරීව සිටින එකම දකුණු ආසියානු රට ලෙසින් රැඳී සිටිනවා. මෙය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ හා වෘත්තීමය සැලසුම් හරහා අත්කර ගත් සාර්ථකත්වයට හොඳ සාක්ෂියක්.


FIFA නව තනතුරත් සමග ජස්වර් උමාර් මහතා දැන් ඔහුගේ පළපුරුද්ද සහ ප්‍රවීණතාව පාපන්දු ක්‍රීඩාවේ මූලික පදනම හා ආධුනික පාපන්දුව ගෝලීය මට්ටමින් නංවාලීම පිණිස යොදවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. උමාර් මහතාගේ මේ නව පත්වීමෙන් ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ ඔහුගේ වැඩිවෙමින් තිබෙන බලපෑම හා ලොව පුරා ක්‍රීඩාව අර්ථවත් සංවර්ධනයක් සඳහා ප්‍රබෝධ කිරීමකට ඔහු සතුව තිබෙන පෙළඹවීමේ ශක්තිය පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තබා ඇති විශ්වාසය පැහැදිලිව පෙන්නුම් කරනවා.
xfye346
“පාපන්දු ක්‍රීඩාව ගොඩනැගිය යුත්තේ එහි මූලික පදනමේ සිටයි. මූලික හා ආධුනික මට්ටමේ බලායනය කිරීමෙන් අනාගත පරම්පරාවන් සඳහා පෝෂිත සාර්ථකත්වයක් තහවුරු වනවා” යනුවෙන් නව පත්වීම ලැබීමෙන් පසුව උමාර් මහතා කියා සිටියා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...