නැති බව වාර්තා වනවා. මේ කණ්ඩායම් දෙක මාරු කිරීමට යෝජනා කර තිබෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත පාලෝ සම්පෝලි.
XIV වැනි ලියෝ පාප් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ට්‍රම්ප්ව ඉතාලි අගමැතිනි ජෝර්ජා මිලෝනි විසින් විවේචනය කිරීමෙන් පසුව අමෙරිකාව හා ඉතාලිය අතර උද්ගතව තිබෙන අයහපත් තත්ත්වය සමනය කිරීම පිණිස සම්පෝලි මේ සැලැස්ම යෝජනා කළ බවට මාධ්‍ය වාර්තා දක්වනවා.
“ඔව්, මම ට්‍රම්ප් ට සහ ඉන්ෆන්ටීනෝ (FIFA සභාපති) ට යෝජනා කළා ඉරානය වෙනුවට ඉතාලිය ලෝක කුසලානයට සහභාගි කර ගන්න කියලා” යනුවෙන් සම්පෝලි පවසනවා. “මම ඉතාලි ජාතිකයෙක්. අමෙරිකාව සත්කාරකත්වය දක්වන තරගාවලියක ඉතාලිය ක්‍රීඩා කරනවා දැකීම මගේ සිහිනයක්.”
සම්පෝලිගේ යෝජනාව ගැන FIFA නිල වශයෙන් කිසිවක් කියා නැහැ. එහෙත් ඔවුන්ගේ සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ, “ඉරාන කණ්ඩායම එන බව නිසැකයි” යනුවෙන් පසුගිය සතියේ කළ ප්‍රකාශය ඔවුන් මතුකර දක්වා තිබෙනවා.
සම්පෝලිගේ මේ යෝජනාවෙන් අමෙරිකාවේ සදාචාර බංකොලොත් භාවය පෙන්නුම් කරන බව ඉරාන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.
“ඉතාලිය ඔවුන්ගේ විශිෂ්ටත්වය උපයා ගෙන තිබෙන්නේ පිටියේදී මිස දේශපාලනික වරප්‍රසාදයන්ට ස්තූතිවන්ත වන්නට නෙවෙයි” යනුවෙන් ඉරාන තානාපති කාර්යාලය X වේදිකාවේ සටහන් කර තිබෙනවා.
“ඉරානය ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමෙන් අනාවරණය කරන්නේ ක්‍රීඩා පිටියේ පෙනී සිටින තරුණ ඉරාන ජාතිකයන් එකොළොස් දෙනෙකුට පවා බියක් දක්වන අමෙරිකාවේ ‘සදාචාර බංකොලොත් භාවය’ පමණයි.”
සම්පෝලි විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ‘ලජ්ජා සහගත’ යැයි ඉතාලියේ ආර්ථික ඇමතිවරයා කියා තිබෙන අතර ඉතාලි ක්‍රීඩා ඇමතිවරයා මෙසේ සඳහන් කරනවා: “පළමුව, ඒක කරන්න බැරි දෙයක්. දෙවැනුව, එය ඔබින දෙයක් නෙවෙයි. කෙනෙක් සුදුසුකම් ලබන්නේ ක්‍රීඩා පිටියේදීයි.”
සම්පෝලිගේ යෝජනාව සමග එකඟ නොවන ඉතාලි ඔලිම්පික් කමිටු ප්‍රධානියා, “ලෝක කුසලාන තරගාවලියට යන්න නම්, ඔබ එය උත්සාහයෙන් ලබා ගත යුතුයි” යනුවෙන් ප්‍රකාශ කරනවා.
බොස්නියා-හර්සගොවිනාව වෙතින් පසුගිය මාසයේ ලැබූ පරාජයෙන් පසුව සිවු වරක් ලෝක ශූර ඉතාලිය පිට පිට තෙවැනි වතාවටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වුණා.
අමෙරිකාව හා ඊශ්‍රයලය සමග පවතින යුද්ධය නිසා ඉරානයේ ලෝක කුසලාන සහභිගිත්වය තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක.
ඉන්ෆන්ටීනෝ පසුගිය සතියේ වොෂිංටන් නගරයේදී මෙසේ ප්‍රකාශ කර තිබුණා: “තරගාවලිය එළඹෙන විට සාමකාමී තත්ත්වයක් තියේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එවැනි තත්ත්වයක් පැහැදිලිවම උපකාරයක් වේවි. ඉරාන පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ ජනතාව නියෝජනය කරනවා නම් ඔවුන්ට එන්න සිද්ධ වෙනවා. ඔවුන් සුදුසුකම් ලැබුවා. ඊටත් ඔවුන් පැහැදිලිවම දක්ෂ කණ්ඩායමක්. ඔවුන්ට තරගාවලියේ ක්‍රීඩා කරන්න ඇත්තෙන්ම උවමනාව තියෙනවා. ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. ක්‍රීඩාව තියෙන්න ඔ්නේ දේශපාලනයට පිටතින්.”
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා ඉරානය සම්පූර්ණයෙන්ම සූදානම් බවට රජයේ ප්‍රකාශකයා පැවසූ බව ‘අල් ජසීරා’ පසුගිය බදාදා වාර්තා කළා.
සම්පෝලි එක්සත් ජාතීන්ගේ තානාපතිවරයෙකුව සිටියදී කටාර් හි පැවති 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ද මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com




