The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් සරණාගත ක්‍රීඩිකාවන්ට FIFA අවසර දෙයි

T

The Leader Desk

April 29, 2026 • 3:43 PM

ඇෆ්ගන් සරණාගත ක්‍රීඩිකාවන්ට FIFA අවසර දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ගනිතාන කාන්තා සරණාගත පාපන්දු ක්‍රීඩිකාවන්ට ඇෆ්ගනිස්තානයේ නිල ජාතික පාපන්දු කණ්ඩායම ලෙස ජාත්‍යන්තර වේදිකාවේ
  • ඒ අනුව ඔස්ට්‍රේලියාව, මැද පෙරදිග සහ යුරෝපය ඇතුළු ලොව පුරා විසිරී සිටින සරණාගතයින්ගෙන් සමන්විත ‘එක්සත් ඇෆ්ගන් කාන්තා’ (Afghan Women United) සංචිතයට FIFA නිල තරගාවලියන් හිදී ටලිබාන්වරුන්ගේ අනුමැතියකින් තොරව ඇෆ්ගනිස්තානය නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා.
  • FIFA කවුන්සලය අද අනුමත කිරීමට නියමිත මේ වැදගත් නීති රීති වෙනස් කිරීම යටතේ ‍‍‍ඇෆ්ගන් කාන්තාවන්ට එරට රජයේ කැමැත්තට එරෙහිව නිල ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම ලෙස තරග කිරීමට ප්‍රථම වතාවට අවසර ලැබෙනවා.
  • කාන්තාවන්ට ක්‍රීඩා කිරීමේ තහනම හේතුවෙන් කාන්තා පාපන්දු කණ්ඩායමක් පිළිනොගන්නා ටලිබාන් පාලනය යටතේ තිබෙන ඇෆ්ගනිස්තාන පාපන්දු සම්මේලනයෙන් කණ්ඩායම අනුමැතිය ලබා ගත යුතු බවට කලින් තිබූ නීති රීති යටතේ FIFA ස්ථාවරය වී තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරග කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) අවසර දී තිබෙනවා.


ඒ අනුව ඔස්ට්‍රේලියාව, මැද පෙරදිග සහ යුරෝපය ඇතුළු ලොව පුරා විසිරී සිටින සරණාගතයින්ගෙන් සමන්විත ‘එක්සත් ඇෆ්ගන් කාන්තා’ (Afghan Women United) සංචිතයට FIFA නිල තරගාවලියන් හිදී ටලිබාන්වරුන්ගේ අනුමැතියකින් තොරව ඇෆ්ගනිස්තානය නියෝජනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

FIFA කවුන්සලය අද අනුමත කිරීමට නියමිත මේ වැදගත් නීති රීති වෙනස් කිරීම යටතේ ‍‍‍ඇෆ්ගන් කාන්තාවන්ට එරට රජයේ කැමැත්තට එරෙහිව නිල ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම ලෙස තරග කිරීමට ප්‍රථම වතාවට අවසර ලැබෙනවා.

කාන්තාවන්ට ක්‍රීඩා කිරීමේ තහනම හේතුවෙන් කාන්තා පාපන්දු කණ්ඩායමක් පිළිනොගන්නා ටලිබාන් පාලනය යටතේ තිබෙන ඇෆ්ගනිස්තාන පාපන්දු සම්මේලනයෙන් කණ්ඩායම අනුමැතිය ලබා ගත යුතු බවට කලින් තිබූ නීති රීති යටතේ FIFA ස්ථාවරය වී තිබුණා.

ඇෆ්ගනිස්තානය විසින් තමන්ට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබෙන නිල පිළිගැනීම හා මූල්‍ය සහාය වෙනුවෙන් මැදිහත් වෙමින් ඒවා ලබා දෙන ලෙසට ඇෆ්ගන් ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ ආධාරකරුවන් වසර තුනකට වැඩි කාලයක් තිස්සේ FIFAගෙන් ඉල්ලමින් සිටිනවා.

“එක්සත් ඇෆ්ගන් කාන්තා’ කණ්ඩායම පිහිටුවා ගනු ලැබුවේ ටලිබාන්වරු 2021 වසරේදී නැවත බලයට පත්වීමෙන් පසුව හා 2007 වසරේදී ස්ථාපිත කෙරුනු නිල කාන්තා ජාතික කණ්ඩායම තහනම් කිරීම නිසා එහි ක්‍රීඩිකාවන් වැඩි දෙනෙක් වෙනත් රටවල දේශපාලන රැකවරණ පැතීමෙන් පසුව.

නව කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් හා බාලිකාවන්ට සහයවීම පිණිස FIFA හඳුන්වා දී තිබෙන කුලුනු තුනක උපායක කොටසක්. කාන්තාවන්ට ක්‍රීඩාවට සහභාගි වීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කිරීමට සහ ඔවුන්ට ක්‍රීඩා කිරීම සඳහා අවස්ථාවන් ලබා දීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කිරීම ද මේ උපායට ඇතුළත්.

මේ කණ්ඩායම සඳහා තරග ද සංවිධානය කළ FIFA, පසුගිය වසරේදී මංගල FIFA Unites  කාන්තා තරගමාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කළ ද ක්‍රීඩිකාවන්ට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කෙරුනු බැවින් එම තරගමාලාව මොරොක්කෝව ට ගෙන ගියා.

“මම පිටියට පා තැබුවම අනෙක් සියලු දේවල් මගේ මනසින් මැකී යාම ඉබේ සිදුවනවා” යනුවෙන් ඉතාලියේ වෙසෙන ෆාතිමා හයිදාරි (Fatima Haidari) නායිකාව පසුගිය වසරේ ජාත්‍යන්තර මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණා.

“මම පුහුණු වෙනවා, මම ක්‍රීඩා කරනවා. ඒ සමගම මා තුළ තිබෙන ගින්දරක් ඇවිලෙනවා. එහෙම වෙන්නේ ක්‍රීඩිකාවක් ලෙස ඒ මොහොතේ මට දැනෙන බලය නිසා නොව මා සමග තව අනෙක් කෙල්ලන් බොහෝ දෙනෙක් ඉන්න බවට මට හැඟෙන නිසයි. එය මම ඔවුන්ගේ අත් අල්ලා ගෙන සිටින, මම ඔවුන් එක්ක සෙල්ලම් කරමින් ඉන්නවා වැනි හැඟීමක්. එය මා වෙනුවෙන් පමණක් ඇතිවන හැඟීමක් නොවුනත් මම බලවත් යැයි මට දැනෙනවා!”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...