ලොව ශ්‍රේණිගත කිරීමේ අංක 204 ට සිටින ශ්‍රී ලංකාව පළමුව අංක 165 පැපුවා නිව් ගිනියාව සමග තරගය 0 – 0කින් අවසන් කිරීමට සමත්ව දෙවනුව අංක 184 භූතානය 2 – 0කින් පරාජය කිරීම හේතුවෙන් මෙරට පාපන්දු ක්ෂේත්‍රය තුළ ඇතිව තිබෙන්නේ නව පිබිදීමක්.
ලෝක පාපන්දුවේ තමන්ට වඩා ඉහළින් ශ්‍රේණිගතව සිටින ප්‍රබල කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූයේ ඔවුන් නව මුහුණුවරකින් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කිරීම නිසා.

මේ කණ්ඩායම නිර්මාණය කිරීම පිණිස විදෙස්ගත සිටින ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් ද එක් කර ගැනීමේ නුවණක්කාර මෙහෙයුම සම්බන්ධයෙන් ජස්වර් උමර්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කෙරෙහි ක්‍රීඩා ලෝලීන් තුළ හටගෙන තිබෙන්නේ ලොකු පැහැදීමක්.
ශ්‍රී ලංකාව හා භූතානය අතර කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ පැවති තරගයේදී ජයග්‍රාහී ගෝල් ලබා ගෙන ශ්‍රී ලංකාව මේ වටිනා ජයග්‍රහණය කරා ගෙන ගියේ විදේශීය පාපන්දු තරග බිමේ ක්‍රීඩා කරමින් බොහෝ අත්දැකීම් ලබා ගෙන සිටින ක්‍රීඩකයින් දෙදෙනෙක්.
තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලෙන් ම ගෝල් වාර්තා වී තිබුනේ නැහැ. එහෙත් විරාමයෙන් පසුව නව ජවයකින් යුතුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ගොල් ලබා ගැනීමට වැඩි වේලාවක් වැය කළේ නැහැ.
තරගයේ පළමු භාගය අවසන් වන විට දෙපිලෙන් ම ගෝල් වාර්තා වී තිබුනේ නැහැ. එහෙත් විරාමයෙන් පසුව නව ජවයකින් යුතුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ගොල් ලබා ගැනීමට වැඩි වේලාවක් වැය කළේ නැහැ.

එංගලන්ත/ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකු වන ඩිලන් ද සිල්වා (Dillon Senan De Silva) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ තරගය නැවත ආරම්භ වී පළමු මිනිත්තුව ඇතුළත. එංගලන්තයේ උපත ලද 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ලන්ඩනයේ Wealdstone පාපන්දු සමාජය වෙනුවෙන් මැද පෙළ ක්‍රීඩකයෙකු ලෙස එංගලන්තයේ ජාතික පාපන්දු ලීගයේ ක්‍රීඩා කරනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි ගෝලය තරගයේ 56 වැනි මිනිත්තුවේදී ලබා ගත්තේ ඔස්ට්‍රේලියා/ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිලාභී ඔලිව කෙලාට් (Oliver James Kelaart Torres). ඔස්ට්‍රේලියාවේ උපන් 25 හැවිරිදි කෙලාට් අයිස්ලන්තයේ UMF Njarovik පාපන්දු සමාජයේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනවා.

ඊයේ තරගයේ අවසන් කාලයේ පිටියට පිවිසෙමින් පළපුරුදු ක්‍රීඩක මොහමඩ් ෆසාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ විශිෂ්ට පාපන්දු ක්‍රීඩා දිවිය අවසන් කළා.

සටහන :




