The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජස්ප්‍රිට් බුම්රා: ICC අංක 1ට පිවිසි පළමු ඉන්දියානු වේගපන්දු යවන්නා

T

The Leader Desk

February 8, 2024 • 3:06 PM

ජස්ප්‍රිට් බුම්රා: ICC අංක 1ට පිවිසි පළමු ඉන්දියානු වේගපන්දු යවන්නා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් ක්‍රිකට් කවුන්සලයේ - ICC - ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීමේ මුදුන ට ම එදා මෙදා තුර
  • පසුගිය සතියේදී එංගලන්තය ට එරෙහිව ජයග්‍රහණයක් අත්කර ගෙන ඉන්දියාව ටෙස්ට් තරගමාලාව සමකිරීමේදී විශේෂ කාර්යභාරයක් ඉටුකළ මේ 30 හැවිරිදි පන්දු යවන්නා එම තරගයේදී කඩුලු 9ක් ලබා ගැනීමට සමත් වුනා.
  • එම ක්‍රීඩකයින් වන්නේ අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා සහ පසුගිය වසරේ ජිවිතක්ෂයට පත්වූ පුරාවෘත්ත වමත් දඟපන්දු ක්‍රීඩක බිශාන් සිං බීඩි.
  • ඔහු 1979 දෙසැම්බරයේ සිට 1980 පෙබරවාරිය දක්වා කෙටි කාලයක් තුළ අංක 2 ස්ථානයේ පසුවෙමින් සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

පිවිසි පළමු ඉන්දියානු වේගපන්දු යවන්නා බවට ජස්ප්‍රිට් බුම්රා (Jasprit Bumrah) පත්ව සිටිනවා.

dfser345
පසුගිය සතියේදී එංගලන්තය ට එරෙහිව ජයග්‍රහණයක් අත්කර ගෙන ඉන්දියාව ටෙස්ට් තරගමාලාව සමකිරීමේදී විශේෂ කාර්යභාරයක් ඉටුකළ මේ 30 හැවිරිදි පන්දු යවන්නා එම තරගයේදී කඩුලු 9ක් ලබා ගැනීමට සමත් වුනා.

ටෙස්ට් පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීමේ ICC ලැයිස්තුවේ බුම්රා අලුත් කරන්නේ එහි ඉහළින් ම සිටින තම කණ්ඩායම් සගයා වන පිට දඟපන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින්ගේ ස්ථානය.

dse545
බුම්රා ශ්‍රේණිගත ලැයිස්තුවේ ස්ථාන තුනක් ඉහළට යද්දී අශ්වින් තෙවැනි ස්ථානය දක්වා පහළ බැස සිටිනවා.

නවසිලන්තයේ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා නොකර සිටියදීත් දකුණු අප්‍රිකාවේ කගිසො රබාඩා දෙවැනි ස්ථානය රැකගෙන සිටීමට සමත්ව තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා ට පෙර ICC ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල මුදුන ට පැමිණ තිබෙන්නේ ඉන්දියා පන්දු යවන්නන් තිදෙනෙක් පමණ යි. එම ක්‍රීඩකයින් වන්නේ අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා සහ පසුගිය වසරේ ජිවිතක්ෂයට පත්වූ පුරාවෘත්ත වමත් දඟපන්දු ක්‍රීඩක බිශාන් සිං බීඩි.

මීට කළින් ඉහළ ම ශ්‍රේණියට පිවිසි ඉන්දියානු වේගපන්දු යවන්නා වූයේ කපිල් දේව්. ඒ, දෙවැනි ස්ථානය. ඔහු 1979 දෙසැම්බරයේ සිට 1980 පෙබරවාරිය දක්වා කෙටි කාලයක් තුළ අංක 2 ස්ථානයේ පසුවෙමින් සිටියා.

වමතින් වේගපන්දු යවන සහීර් ඛාන් 2020 වසරේ ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා අංක 3 ස්ථානයේ සිටියා.

xbgdfgertඅලුත් ම ICC ශ්‍රේණිගත කිරීම් වටයේදී යශාස්වි ජායිස්වාල් ස්ථාන 37ක් උඩින් පනිමින් අංක 29 ටෙස්ට් පිතිකරුවා බවට පත්වුනේ එංගලන්තයට එරෙහිව ලබා ගත් ද්විත්ව ශතකය මත.


දකුණු අප්‍රිකාව ට එරෙහිව ඉනිම දෙකේදී ම ශතක ලබා ගෙන තම කණ්ඩායම බදාදා ජයග්‍රහණය කරා මෙහෙයවූ නවසිලන්ත නායක කේන් විලියම්සන් ටෙස්ට් පිතිකරණ ලැයිස්තුවේ සිය ආධිපත්‍ය දිග ට ම පතුරුවා ගෙන යමින් සිටිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...