The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෝහිත් ෂර්මා: ICC සියලු තරගාවලියන්හි අවසාන තරගයට පිවිසි ඉතිහාසයේ පළමු නායකයා

T

The Leader Desk

March 5, 2025 • 9:29 AM

රෝහිත් ෂර්මා: ICC සියලු තරගාවලියන්හි අවසාන තරගයට පිවිසි ඉතිහාසයේ පළමු නායකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙසේ වාර්තා‌ පොතට ඇතුළත්ව සිටින්නේ ටෙස්ට්, එක්දින, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්ගෙන් පසුව චැම්පියන් කුසලාන තරගාවලියේ ද අවසාන තරගය කරා ඉන්දියාව මෙහෙයවමින්.
  • චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඩුබායි හි ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාව ලැබූ වැදගත් ජයග්‍රහණයත් සමග ඔවුන් චැම්පියන්ස් කුසලාන තරගාවලි‌යේ පස්වැනි වතාවටත් අවසාන මහා තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වනවා.
  • රෝහිත් ෂර්මා 2022 වසරේ පෙබරවාරියේදී පූර්ණ කාලීනව නායකත්වය බාර ගැනීමෙන් පසුව ඉන්දියාව වාර්තා ගණනාවක් බිඳ දමා තිබෙනවා.
  • තෙවසරක කාලයක් ඇතුළත ඉන්දියාව සෑම ICC තරගාවලියකම අවසාන තරගයට පිවිස සිටින්නේ ඒ වික්‍රමය කළ පළමු නායකයා බවට ෂර්මා පත්කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙසේ වාර්තා‌ පොතට ඇතුළත්ව සිටින්නේ ටෙස්ට්, එක්දින, විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්ගෙන් පසුව චැම්පියන් කුසලාන තරගාවලියේ ද අවසාන තරගය කරා ඉන්දියාව මෙහෙයවමින්.

2025 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඩුබායි හි ඊයේ පැවති අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාව ලැබූ වැදගත් ජයග්‍රහණයත් සමග ඔවුන් චැම්පියන්ස් කුසලාන තරගාවලි‌යේ පස්වැනි වතාවටත් අවසාන මහා තරගයට පිවිසි පළමු කණ්ඩායම බවට පත්වනවා. වෙනත් කිසිම කණ්ඩායමක් තෙවතාවකට වැඩියෙන් අවසාන තරගයට සුදුසුකම් ලබා නැහැ.

 

rrr

රෝහිත් ෂර්මා 2022 වසරේ පෙබරවාරියේදී පූර්ණ කාලීනව නායකත්වය බාර ගැනීමෙන් පසුව ඉන්දියාව වාර්තා ගණනාවක් බිඳ දමා තිබෙනවා. තෙවසරක කාලයක් ඇතුළත ඉන්දියාව සෑම ICC තරගාවලියකම අවසාන තරගයට පිවිස සිටින්නේ ඒ වික්‍රමය කළ පළමු නායකයා බවට ෂර්මා පත්කරමින්. වෙනත් කිසිවෙකු අත නොගැසූ මේ වාර්තාව විසින් ෂර්මාව දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ හොඳම නායකයින්ගෙන් කෙනෙකු බවට පත්කර තිබෙනවා.

skysports ap newsroom rohit sharma 5492130

 

රෝහිත් ෂර්මාගේ නායකත්වය යටතේ ඉන්දියාව 2023 වසරේ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසාන තරගයට පිවිසිය ද එහිදී ලකුණු 209ක පරාජයක් ලැබුවා. ඒ වසරේ ම, ඉන්දියාව අපරාජිතව ජාත්‍යන්තර එක්දින (ODI) ක්‍රිකට් ලෝක කුසලානයේ අවසාන තරගයට පැමිණිය ද එහිදී ඔවුන්ගේ සමස්ත මෙහෙයුම කඩා වැටුනා.

ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කළ ඔස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළේ වාර්තාගත හය වැනි වරටත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනිමින්.

ඒ දැඩි කම්පාව පසෙකට දැමූ පළපුරුදු ඉන්දියානු ආරම්භක පිතිකරුවා 2024 වසරේදී දියත් කළේ වාර්තා බිඳ දැමුනු විස්සයි20 (T20) ලෝක කුසලාන මෙහෙයුමක්.

 

වසර 2007න් පසුව ප්‍රථම වතාවට එම කිරුළ අත්කර ගැනීම පිණිස බාබෙඩෝස් කොදෙව් දූපත කරා ඉන්දියාව ගෙන යාමේ මහ මොළකාරයා වූයේ රෝහිත් ෂර්මා. ඉන්දියා කණ්ඩායම එම ශූරතාව දිනා ගත්තේ ද තරගාවලිය පුරා අපරාජිතව සිටිමින්.

ෂර්මාගේ ග්‍රහණයෙන් මිදී තිබූ එකම තරගාවලිය වූයේ චැම්පියන්ස් කුසලානය වූ අතර ඊයේ ඔහු ඩුබායි හි දී ඉතිහාසගත වෙමින් ඉන්දියාව එම තරගාවලියේ අවසාන මහා තරගය කරා මෙහෙයවීමට සමත් වුණා.

 

sharam

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යළි සියරට යවමින් ඉන්දියාව පළිගැනීමේ මිහිරි රසය වින්දේ නිර්භයව ලකුණු රැස්කිරීමේ ප්‍රතිපත්තියකින්. ඉන්දියාව ඊයේ ලකුණු 265ක ඉලක්කය හඹා ගියේ ICC තරගාවලියන්හි ඔස්ට්‍රේලියාව ට එරෙහිව ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ලකුණු හඹා යාමේ වාර්තාව අලුත් කරමින්. ඔවුන් අඟහරුවාදා අභිබවා ගියේ 2011 ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේ වාර්තා කළ ලකුණු 261ක හොඳම හඹා යාම.

Rohit Sharma 3

 

හිටපු ඉන්දියා නායක මහේන්ද්‍ර සිං දෝනි 2007, 2011 හා 2013 යන වසරවල අවසන් තරග ජය ගනිමින් පිළිවෙලින් T20 ලෝක කුසලානය, ODI ලෝක කුසලානය හා Champions කුසලානය යන ICC තරගාවලියන් තුනේ ශූරතා ඉන්දියාව ට දිනා දීමට උපකාරී වුණා. එහෙත්, ඔහු විශ්‍රාම යාමට පෙර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය (WTC) ආරම්භ වී තිබුනේ නැහැ.

WTC අවසාන තරගයට ඉන්දියාව රැගෙන ගිය පළමු නායකයා විරාට් කෝලි. කෙසේ වෙතත්, දෝනි ට කිරීමට නොහැකි වූ දෙය රෝහිත් ෂර්මා දැන් සම්පූර්ණ කර තිබෙනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...