The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

'අඩු වේගයෙන් ඕවර යැවූ ඉන්දියාවට දඬුවම් නොකරන්නැයි මට කීවා' - හිටපු ICC තරග තීරකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

T

The Leader Desk

October 28, 2025 • 2:46 PM

'අඩු වේගයෙන් ඕවර යැවූ ඉන්දියාවට දඬුවම් නොකරන්නැයි මට කීවා' - හිටපු ICC තරග තීරකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) එරෙහිව බරපතල චෝදනාවක් නගන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ හිටපු තරග
  • එක් විශේෂ තරගයක මන්දගාමීව ඕවර යවමින් සිටි ඉන්දියාව ඒ සඳහා නියම වන දඬුවමෙන් බේරා ගැනීම සඳහා ක්‍රම සොයා ගනිමින් ‘සානුකම්පිත’ වන ලෙසට උපදෙස් දුන් දුරකථන පණිවුඩයක් තමාට ලැබුනු බව ක්‍රිස් බ්‍රෝඩ් මෙහිදී කියා සිටියා.
  • එම තරගය අවසානයේදී ඉන්දියාව සිටියේ ඕවර තුනක් හෝ හතරක් පිටුපසින් බවත් එය ඉබේම දඩයක් ලබෙන වරදක් බවත් ඔහු පැවසුවා.
  • එහෙත් BCCI වෙතින් එල්ල වූ බලපෑම නිසා ඊට අවනත වූ තමා, ඕවර යැවීමේ වේගය දඩ ගැසී‌මේ මට්ටමෙන් පහළට ගෙන ඒම පිණිස, ඕවර යැවීම සඳහා වැඩියෙන් ගතකර තිබූ කාලය හසුරවන්නට කටයුතු කළ බව හෙළි කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරක ක්‍රිස් බ්‍රෝඩ්, ඉන්දියා කණ්ඩායම සිදුකරන වැරදි ක්‍රියාවන්ට දඬුවම් නොකර ඔවුන් ආරක්ෂා කරන ලෙසට තමාට දේශපාලන බලපෑම් සිදුකළ බව අවධාරණය කරනවා.

විශ්‍රාම ගිය එංගලන්ත වේග පන්දු යවන ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පියා ද වන ක්‍රිස් මේ අනාවරණය සිදුකර තිබෙන්නේ ‘ද ටෙලිග්‍රාෆ්’ සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

එක් විශේෂ තරගයක මන්දගාමීව ඕවර යවමින් සිටි ඉන්දියාව ඒ සඳහා නියම වන දඬුවමෙන් බේරා ගැනීම සඳහා ක්‍රම සොයා ගනිමින් ‘සානුකම්පිත’ වන ලෙසට උපදෙස් දුන් දුරකථන පණිවුඩයක් තමාට ලැබුනු බව ක්‍රිස් බ්‍රෝඩ් මෙහිදී කියා සිටියා.

එම තරගය අවසානයේදී ඉන්දියාව සිටියේ ඕවර තුනක් හෝ හතරක් පිටුපසින් බවත් එය ඉබේම දඩයක් ලබෙන වරදක් බවත් ඔහු පැවසුවා. එහෙත් BCCI වෙතින් එල්ල වූ බලපෑම නිසා ඊට අවනත වූ තමා, ඕවර යැවීමේ වේගය දඩ ගැසී‌මේ මට්ටමෙන් පහළට ගෙන ඒම පිණිස, ඕවර යැවීම සඳහා වැඩියෙන් ගතකර තිබූ කාලය හසුරවන්නට කටයුතු කළ බව හෙළි කළා.

ඉන්දියා කණ්ඩායමට සානුකම්පිත වීම පිණිස එම දුරකථන පණිවුඩය තමාට බල කළ ආකාරය බ්‍රෝඩ් අනාවරණය කළා.

මේ සිදුවීම හටගත්තේ සෞරව් ගන්ගුලි නායකත්වය දරමින් සිටි ඉන්දියා කණ්ඩායමේ තරගයකදීයි. කෙසේ වෙතත්, ගන්ගුලි සම්බන්ධ වූ තවත් තරගයකදී තමා නීතියට කටයුතු කරමින් ඉන්දියා කණ්ඩායමට දඩ නියම කළ බව බ්‍රෝඩ් පැවසුවා.

“ඉන්දියාව තරගය අවසන් වන විට කාලය අතින් සිටියේ ඕවර තුන හතරක් පසුපසින්. ඒ නිසා ඊට දඩයක් අඩංගු වී තිබුණා. ඒ අවස්ථාවේ මට දුරකථන ඇමතුමක් ලැබුනා. ‘සානුකම්පිත වෙන්න, කාලය පොඩ්ඩක් හොයා ගන්න. මොකද, මේ ඉන්දියාව නිසා’ යනුවෙන් එයින් මට දැනුම් දුන්නා. ඒ නිසා අපට සිද්ධ වුනා කාලය ටිකක් හොයා ගන්න. ඊට පස්සේ එය දඩ ගැසීමකට ලක්වන සීමාවෙන් පහළ තැනකට ගෙන ආවා.”

“ඊළග තරගයේදීත් මේ දේ ම සිද්ධ වුනා. ඉක්මන් කරන්න යනුවෙන් කළ එකම දැනුම් දීමකටවත් සෞරව් ගන්ගුලි ඇහුම් කන් දුන්නේ නැහැ. ඉතිං මම දුරකථනයෙන් කතා කරමින්, ‘දැන් මම කරන්න ඕන මොකක්ද?’ කියා විමසුවා. එවිට මට කීවේ ‘ඔබ ඔබේ කටයුත්ත කරන්න’ කියලයි. මම කණ්ඩායමට දඩ ගැසුවා. ඒ නිසා මෙහිදී මුල සිටම දේශපාලනය සම්බන්ධ වෙලා තිබුණා. දැන් ඉන්න බොහෝ දෙනා එක්කෝ දේශපාලනික වශයෙන් වඩාත් නිපුණ අය හෝ යන්තම් ඔළුව බේරාගෙන ඉන්න අයයි. මම දන්නේ නැහැ” බ්‍රෝඩ් සඳහන් කළා.

වසර 2003 සිට 2024 පෙබරවාරිය දක්වා වූ වකවානුවේ ක්‍රිස් බ්‍රෝඩ් ටෙස්ට් තරග 123ක්, ජාත්‍යන්තර එක්දින තරග 361ක් සහ ජාත්‍යන්තර විස්සයි20 තරග138ක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක (ICC Match Referee) ලෙස කටයුතු කළ අතර ඔහු එම කාරිය අවසන් වතාවට සිදුකළේ 2024 පෙබරවාරියේ කොළඹදී පැවති තරගයක. තවදුරටත් තරග තීරකවරයෙකුගේ කාර්යයේ රැඳී සිටීමට ඔහු කැමැත්තෙන් සිටිය ද, ජාත්‍යන්ත‌ර ක්‍රිකට් කවුන්සලය ඔහුගේ කොන්ත්‍රාත්තුවට දිගුවක් ලබා දුන්නේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...