The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

January 7, 2026 • 8:12 AM

'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න. නැත්නම් නිතරග ලකුණු ලබා දෙන්න' :ICCය බංග්ලාදේශ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිත තරග වෙනත් රටක පවත්වන ලෙසට බංග්ලාදේශය කර ඇති ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් ප්‍රතික්ෂේපර කර තිබෙන බව ESPNCricinfo ඊයේ (6) රාත්‍රියේ වාර්තා කළා.
  • එසේ නැත්නම් ප්‍රතිවාදීන්ට නිතරග ලකුණු හිමිවීමේ අවදානම බාර ගත යුතුයි” යනුවෙන් ICCය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබෙනවා.
  • කෙසේ වෙතත්, එම වාර්තාව ට ම අනුව, ICCය විසින් එවැනි අවසාන නිවේදනයක් තමන්ට ලබා දී නැතැයි BCBය පවසා තිබෙනවා.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com  
අකුරු ප්‍රමාණය (Font Size):

ලැබී තිබෙන තොරතුරුවලට අනුව, තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ අඟහරුවාදා සිදුවූ ඇමතුමකදී, ආරක්ෂක හේතු මත තමන්ගේ 2026 T20 ලෝක කුසලාන තරග ඉන්දියාවෙන් පිට ස්ථානයක ක්‍රීඩා කිරීමේ බංග්ලාදේශ ඉල්ලීම ICCය ප්‍රතික්ෂේප කළ බව ඔවුන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) දන්වා තිබෙනවා.

එම වාර්තාවට අනුව, “බංග්ලාදේශය T20 ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාව ට යා යුතුයි. එසේ නැත්නම් ප්‍රතිවාදීන්ට නිතරග ලකුණු හිමිවීමේ අවදානම බාර ගත යුතුයි” යනුවෙන් ICCය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම වාර්තාව ට ම අනුව, ICCය විසින් එවැනි අවසාන නිවේදනයක් තමන්ට ලබා දී නැතැයි BCBය පවසා තිබෙනවා.

 


බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියේ ඔවුන්ගේ සියලුම ‘සී’ කොටසේ තරග ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් (පෙබරවාරි 7), ඉතාලිය (පෙබරවාරි 9) සහ එංගලන්තය (පෙබරවාරි 14) ට එරෙහි බංග්ලාදේශයේ පළමු මූලික වට තරග තුන කොල්කටා නගරයේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර සිවු වැනි හා අවසාන මූලික වට තරගය පෙබරවාරි 17 වැනිදා නේපාලය සමග ක්‍රීඩා කිරීම පිණිස ඔවුන් මුම්බායි නගරයට යාමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...