The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICCයෙන් බංග්ලාදේශයට අවසන් නිවේදනයක්: 'ඉන්දියාවේ ක්‍රීඩා කළේ නැත්නම් ඒ වෙනුවට ස්කොට්ලන්තය ගන්නවා'

T

The Leader Desk

January 19, 2026 • 10:58 AM

 ICCයෙන් බංග්ලාදේශයට අවසන් නිවේදනයක්: 'ඉන්දියාවේ ක්‍රීඩා කළේ නැත්නම් ඒ වෙනුවට ස්කොට්ලන්තය ගන්නවා'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිණිස ඉන්දියාව ට යාමට එකඟ වීම හෝ ඔවුන් වෙනුවට ස්කොට්ලන්තය ආදේශ වීම තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට
  • ICCය මේ අවසාන නිවේදනය BCBයට දන්වා තිබෙන්නේ දෙපාර්ශවය අතර සෙනසුරාදා පැවති හමුවේදී බව පැවසෙනවා.
  • බංග්ලාදේශය මේ තරගාවලියට සහභාගි නොවීමට තීරණය කළහොත් වර්තමාන ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඊළඟ සුදුසුකම තිබෙන්නේ යුරෝපීය කණ්ඩායමක් වන ස්කොට්ලන්තය ට.
  • බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී ආරක්ෂක තර්ජනයක් නැති බවට ද ICC නිලධාරීන් සෙනසුරාදා පැවති සාකච්ඡාවේදී BCB නිලධාරීන්ට සහතික වී ඇතැයි වාර්තා වී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(BCB) ජනවාරි 21 වනතෙක් කල් ලබා දී තිබෙන බව වාර්තා වනවා. ICCය මේ අවසාන නිවේදනය BCBයට දන්වා තිබෙන්නේ දෙපාර්ශවය අතර සෙනසුරාදා පැවති හමුවේදී බව පැවසෙනවා.

බංග්ලාදේශය මේ තරගාවලියට සහභාගි නොවීමට තීරණය කළහොත් වර්තමාන ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඊළඟ සුදුසුකම තිබෙන්නේ යුරෝපීය කණ්ඩායමක් වන ස්කොට්ලන්තය ට.

තමන්ගේ සියලුම මූලික වටයේ තරග ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන අයර්ලන්තය සමග තරග කොටස හුවමාරු කරගැනීමේ බංග්ලාදේශ අදහස ද ICCය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේදී ආරක්ෂක තර්ජනයක් නැති බවට ද ICC නිලධාරීන් සෙනසුරාදා පැවති සාකච්ඡාවේදී BCB නිලධාරීන්ට සහතික වී ඇතැයි වාර්තා වී තිබෙනවා. ලබන මස ඇරඹෙන මේ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 20 ට ම යවා තිබෙන, ස්වාධීන ආරක්ෂක ඒජන්සියක් විසින් සකස් කරන ලද උපදෙස් මාලාවක ඉන්දියාවේ තිබෙන සමස්ත තර්ජන මට්ටම මධ්‍යම සිට ඉහළ තත්ත්වය දක්වා වන බවට හඳුනාගෙන තිබෙනවා. එහෙත් එහි සංචාරය කරන කිසිම කණ්ඩායමකට සෘජු හෝ විශේෂයෙන් සඳහන් කළ හැකි තර්ජනයක් නැති බව ද එහි සඳහන්ව තිබෙනවා.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...