The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාකිස්තාන සම්භවයක් ඇති ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාටම ICC මැදිහත්වීමෙන් වීසා

T

The Leader Desk

January 24, 2026 • 4:02 PM

පාකිස්තාන සම්භවයක් ඇති ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු දෙනාටම ICC මැදිහත්වීමෙන් වීසා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරග සඳහා යන පාකිස්තාන සම්භවයක් ඇති සියලුම ක්‍රිකට් ක්‍රීඩකයන් හා
  • අලි ඛාන් සහ ශයාන් ජහාන්ගිර් අමෙරිකාව නියෝජනය කරන අතර සුල්ෆිකර් සකිබ් ඇතුළු තව කිහිප දෙනෙක් නෙදර්ලන්ත කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.
  • රෂිඩ්, රෙහාන් සහ සකිබ් යන එංගලන්ත ක්‍රීඩකයින්ට දැනටමත් වීසා ලැබී ඇති බව වාර්තා වනවා.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකාව, ඉතාලිය, බංග්ලාදේශය හා කැනඩාව යන කණ්ඩායම්වලට අයත්ව සිටින පාකිස්තාන ජාතිකයන් හෝ පාකිස්තාන සම්භවයක් තිබෙන ක්‍රීඩකයින් හා නිලධාරීන්ට වීසා බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලධාරීන් 42 දෙනෙකුගේ වීසා ලබා ගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ඉදිරිපත්ව සිටිනවා.

එංගලන්ත කණ්ඩායමේ සිටින පාකිස්තාන පෙළපත තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ දඟ පන්දු යවන අඩිල් රෂිඩ්, රෙහාන් අහමඩ් සහ වේග පන්දු යවන සකිබ් මහමූද්.

අලි ඛාන් සහ ශයාන් ජහාන්ගිර් අමෙරිකාව නියෝජනය කරන අතර සුල්ෆිකර් සකිබ් ඇතුළු තව කිහිප දෙනෙක් නෙදර්ලන්ත කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

රෂිඩ්, රෙහාන් සහ සකිබ් යන එංගලන්ත ක්‍රීඩකයින්ට දැනටමත් වීසා ලැබී ඇති බව වාර්තා වනවා.

නෙදර්ලන්ත සංචිතයේ සිටින ක්‍රීඩකයන්ට ද ඔවුන්ගේ වීසා ලැබී තිබෙනවා. කැනඩා කාර්ය මණ්ඩලයේ සාමාජික ෂා සලීම් සෆාර් ට ද වීසාව ලැබී තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකාව, ඉතාලිය, බංග්ලාදේශය හා කැනඩාව යන කණ්ඩායම්වලට අයත්ව සිටින පාකිස්තාන ජාතිකයන් හෝ පාකිස්තාන සම්භවයක් තිබෙන ක්‍රීඩකයින් හා නිලධාරීන්ට වීසා බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මේ කණ්ඩායම්වලට වීසා ලබා ගැනීමේ සම්මුඛ සාකච්ඡා ලබන සතියේ මුල් කාලයට දැනටමත් නියම වී තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන්නන් සඳහා වීසා නිකුත් කිරීමේ අවසන් දිනය වන්නේ ජනවාරි 31.

වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අධීක්ෂණය කරමින් සිටින ICCය මහාද්වීප හරහා බොහෝ නගරවල තිබෙන ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල සමග නිරන්තර සන්නිවේදනයේ යෙදී සිටිනවා.

පාකිස්තාන සම්භවයක් සහිත ඉන්දියානු වීසා අයැදුම්කරුවන්ව සියුම් පිරික්සීමකට ලක් කරන බැවින් ඔවුන්ට වීසා නිකුත් කිරීම සඳහා සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි කාලයක් ගතවනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...