දඬුවම් නොකරන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව, ඔවුන් ඉන්දියාව සමග සම සත්කාරකත්වය දරන 2031 ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පෙර බංග්ලාදේශය ට ICC තරගාවලියක් පිරිනැමීමට ද තීරණය වී තිබෙනවා.
“මුදල්මය, ක්‍රීඩා හෝ පරිපාලන කිසිම දඬුවමක් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට (BCB) නොපැනවීමට එකඟ වී තිබෙනවා” යනුවෙන් ICCය නිවේදනයක් මගින් කියා තිබෙනවා. “අවශ්‍ය වුනොත් ආරවුල් බේරුම් කිරීමේ කමිටුව වෙත යාමේ BCBයේ අයිතිය පිළිගන්නවා. මේ අයිතිය වර්තමාන ICC රෙගුලාසි යටතේ පවතින අතර එය එලෙසම රැඳී තිබෙනවා” යනුවෙන් ද ICC නිවේදනයේ දැක්වෙනවා.
මේ අවබෝධයේ කොටසක් වශයෙන්, සාමාන්‍ය ICC සත්කාරකත්ව ක්‍රමවේදය, කාලවකවානු සහ මෙහෙයුම් අවශතාවන්ට යටත් වන පරිදි, වසර 2031 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් මෙහෙයවනු ලබන තරගාවලියකට සත්කාරකත්වය දැක්වීමේ එකඟත්වයකට ද පිවිස තිබෙනවා.
ICCයේ මේ නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් වූයේ ඉන්දියාව සමග ලෝක කුසලාන තරගය පාකිස්තානය වර්ජනය කිරීමේ ප්‍රශ්නය විසඳා ගැනීම පිණිස පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සමග පැවති සාකච්ඡාව මධ්‍යයේ. එහිදී එම වර්ජනය අතහැර, ඉන්දියාව ට එරෙහිව පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලාන තරගයට සහභාගි වීමට පාකිස්තානය එකඟ වුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




