The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICC තහනම ගැන අලුත් කතාවක් !

T

The Leader Desk

November 28, 2023 • 2:49 PM

ICC තහනම ගැන අලුත් කතාවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ,
  • එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා ඇති බවද එහි සඳහන්ය.
  • කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් ඒ පිළිබඳ සහතිකයක් ලබාදී නොමැති බවත් ක්‍රික්ඉන්ෆෝ පවසයි.
  • එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීම සඳහා ජවයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම, රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් දේශපාලන බලපෑම් සිදුනොකරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා ඇති බවද එහි සඳහන්ය.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙතෙක් ඒ පිළිබඳ සහතිකයක් ලබාදී නොමැති බවත් ක්‍රික්ඉන්ෆෝ පවසයි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉවත්කිරීම සඳහා ජවයෙන් කටයුතු කළ රොෂාන් රණසිංහ එම තනතුරෙන් ඉවත්කිරීම, රජය ක්‍රිකට් පරිපාලනය සඳහා තවදුරටත් මැදිහත් නොවීමේ සලකුණක් වනු ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.

Sri Lanka sports minister's sacking could bring SLC relief

නව ක්‍රීඩා ඇමති හරීන්ගේ සැලසුම

නැවත ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිඳු කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

ක්‍රීඩා අමාත්‍යධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ සඳහා සියලුදෙනාට තමන් ආරාධනා කරන බවද ක්‍රීඩා හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

"මේ වගකීම ඉතාමත් වැදගත් වගකීමක් වෙනවා. මොකද මේ වෙලාවේ ක්‍රීඩාවට අපි සියලුමදෙනා ආදරය කරන තැනක්. ඒ වගේම මේ නීති වෙනස් කිරීමේදී අනුගමන කරන්න ඕනේ ක්‍රියා පිළිවෙත් කිහිපයක් තිබෙනවා. මම හිතනවා මම කාටවත් විරුද්ධව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කැමතී අර්ජුන රණතුංග මහතාත්, සියලුදනො එක්ක එකතුවෙලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් පිරිසිඳු කරන්න. එහෙමත් නැතිනම් මිනිසුන්ගේ බලාපොරොත්තුව තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නැවත ලංකාවට ගෙන එන්න උත්සහ කරන්නට ඕනේ. ඒ වගේම ICC තහනම ඉතාමත්ම වැදගත් වෙනවා පුළුවන් තරම් ඉක්මනට දින කිහිපයක් ඇතුළත නැවත් වතවත් හරවාගෙන්න." 

 

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...