The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අනාගත ICC තරගාවලියන්හි හයිබ්‍රිඩ් ආකෘතියකට - ඉන්දියාව හා පාකිස්තානයේ එකඟත්වයක්

T

The Leader Desk

December 2, 2024 • 11:15 AM

අනාගත ICC තරගාවලියන්හි හයිබ්‍රිඩ් ආකෘතියකට - ඉන්දියාව හා පාකිස්තානයේ එකඟත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුව මේ රටවල් දෙක අතර තරග ක්‍රීඩා කෙරෙනු ඇත්තේ මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල.
  • පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිණිස පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව ට යාමෙන් පසුව හයිබ්‍රිඩ් ආකෘතියක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුනා.
  • තම කණ්ඩායම එදා කළ ඒ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස ඉන්දියාව ද ඔවුන්ගේ කණ්ඩායම චැම්පියන්ස් කුසලානය සඳහා පාකිස්තානය ට එවනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වුනා.
  • නමුත් අනාගතයේදී එවැනි උපකාර බලාපොරොත්තු නොවන ලෙසට ඔවුන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව මේ රටවල් දෙක අතර තරග ක්‍රීඩා කෙරෙනු ඇත්තේ මධ්‍යස්ථ ක්‍රීඩාංගණවල.

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) හා ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ එකඟත්වයට පිවිසීමත් සමග ලබන වසරේ පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන තරගාවලිය අරබයා දෙරට අතර හටගෙන තිබූ අර්බුදය නිමාවන ලකුණු පහළ වී තිබෙනවා.

 

පෙබරවාරි 19 සිට මාර්තු 9 දක්වා පාකිස්තානයේ පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි වීම පිණිස ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම පැමිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ICCයේ කැඳවීමෙන් දෙරටේ ක්‍රිකට් මණ්ඩල අතර කෙරුනු සාකච්ඡාවේදී හයිබ්‍රිඩ් ආකෘතියක් සඳහා පොදු එකඟතාවකට එළඹුන ද, වසර 2031 දක්වා ඉන්දියාවේ ICC තරගාවලියන් පැවැත්වෙද්දී ද මේ ආකෘතිය ම පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වනු දැකීමට උවමනා බව PCBය අවධාරණය කර තිබෙනවා.

මේ සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීම තහවුරු කිරීම පිණිස ජගත් ක්‍රිකට් කවුන්සලයේ අවසන් අනුමැතිය ලැබිය යුතුව තිබෙනවා. පසුගිය වසරේ පැවති ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම පිණිස පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව ට යාමෙන් පසුව හයිබ්‍රිඩ් ආකෘතියක් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබුනා. තම කණ්ඩායම එදා කළ ඒ උපකාරයට ප්‍රතිඋපකාරයක් ලෙස ඉන්දියාව ද ඔවුන්ගේ කණ්ඩායම චැම්පියන්ස් කුසලානය සඳහා පාකිස්තානය ට එවනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් බලාපොරොත්තු වුනා. නමුත් අනාගතයේදී එවැනි උපකාර බලාපොරොත්තු නොවන ලෙසට ඔවුන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා.

 


“ඔව්, පසුගිය අත්දැකීම පාකිස්තානයට තිත්තයි. නමුත් අනාගතයේදී හයිබ්‍රිඩ් ආකෘතිය ක්‍රියාත්මක කරන බවට ICCය ලිපියකින් හා ජීවයෙන් යුතුව ස්ථිර සහතික වීමක් දිය යුතුයි. කිසිම පාකිස්තාන කණ්ඩායමක් මින් ඉදිරියට කිසිම ICC තරගාවලියකට ක්‍රීඩා කරන්න ඉන්දියාවට යන්නේ නැහැ. ඒ වගේම ඉන්දියා කණ්ඩායමත් මෙහෙ එන්නේත් නැහැ” යනුවෙන් PCB ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.

ඉන්දියා රජය විසින් ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමට ආරක්ෂක හේතුන් මත පාකිස්තානයේ සංචාරය කිරීමට අවසර නොදෙන බවට සඳහන් ලිපිය තමන්ට පෙන්වන ලෙසට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටිය ද එවැනි ලිපියක් ඉදිරිපත් නොකෙරුනු බව එම ප්‍රකාශකයා කියා සිටිනවා.

“ඔවුන්ගේ රජයේ එවැනි ලිපියක් නැති බැවින් හා ඔක්තෝබර් 21 වැනිදා පැවති ICCයේ රැස්වීමේදී ඉදිරිපත් කෙරුනු චැම්පියන්ස් කුසලානය සඳහා වන PCBයේ මාස්ටර් ආරක්ෂක සැලැස්මට එකඟ වූ බැවින් PCBය යම් හෙයකින් ක්‍රීඩා බේරුම්කාර අධිකරණයට ගියහොත් BCCI ට තිබෙන්නේ දුර්වල නඩුවක් බවට ඉන්දියා ක්‍රිකට් බලධාරීන්ට වක්‍රාකාරව අනතුරු අඟවා තිබෙනවා.”

 

ජගත් ක්‍රිකට් කවුන්සලයේ වඩාත්ම ප්‍රබල සාමාජිකයා ලෙසින් ඉන්දියාව රැඳී සිටින්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන එම කවුන්සලයේ ආදායමෙන් ඉතා වැඩි කොටසක් උපයා ගනිමින්. මේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරගවලින් බැවින් පාකිස්තානය අනාගතයේදී එම ආදායමෙන් වැඩි කොටසක් ඉල්ලා සිටිනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කරනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර තරග පාකිස්තානයෙන් පිට රටක ක්‍රීඩා කිරීමේ හයිබ්‍රිඩ් ආකෘතියකට එකඟ නොවන්නේ නම් පාකිස්තානය නොමැතිව චැම්පියන්ස් කුසලාන තරගාවලිය පැවැත්වීමට සිදුවන බවට ICCය මීට දින කිහිපයකට පෙර PCBයට අනතුරු අඟවා තිබුනා.

1996 ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලියට සමසත්කාරකත්වය දැක්වීමෙන් පසුව පාකිස්තානයේ පැවැත්වෙන පළමු ICC තරගාවලිය 2025 චැම්පියන්ස් කුසලානය යි.

 

ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකුම ප්‍රතිවාදිත්වයේ අලුත්ම පරිච්ඡේදය
2031 වසර දක්වා වන කාලය අතරතුර 2026 විස්සයි20 ලෝක කුසලානය (ශ්‍රී ලංකාවේ සමසත්කාරය ඇතිව) ද, 2029 චැම්පියන්ස් කුසලානය හා 2031 ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය (බංග්ලාදේශයේ සමසත්කාරකත්වයෙන්) යන ICC පිරිමි තරගාවලියන් තුනක් ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මේ තරගාවලියන් දෙකක ට ම සමසත්කාරකත්වය දරණ බැවින් මේ තරගවලදී ඉන්දියාව ට යාම සඳහා පාකිස්තාන කණ්ඩායමට බල කිරීමක් සිදුවන්නේ නැහැ. මතභේදයට භාජන වීමට ඉඩ තිබෙන කරුණ වනු ඇත්තේ සම්පූර්ණයෙන්ම ඉන්දියාව තුළ පැවැත්වෙන 2029 චැම්පියන්ස් කුසලාන තරගාවලිය.

තවත් වැදගත් කාරණයක් වනු ඇත්තේ ලබන වසරේ ඔක්තෝබරයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ජාත්‍යන්තර එක්දින ලෝක කුසලාන තරගාවලිය. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :
2025 චැම්පියන්ස් කුසලානය: ජගත් ක්‍රිකට් කවුන්සලයෙන් සත්කාරක පාකිස්තානයට කොන්දේසියක් !

ශ්‍රී ලංකා ‘ඒ’ සංචාරය අවලංගු වීමෙන් පාකිස්තානය චැම්පියන්ස් කුසලානය අහිමි වීමේ අවදානමක

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...