The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICCA චැම්පියන්ස් කුසලාන තරගාවලිය දෙසැම්බරයේ කොළඹදී

T

The Leader Desk

November 22, 2023 • 2:29 PM

ICCA චැම්පියන්ස් කුසලාන තරගාවලිය දෙසැම්බරයේ කොළඹදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩා කරන කීර්තිමත් රටවල ඉහළ පෙලේ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම් සහභාගි වන
  • තරගාවලිය ආරම්භ වන්නේ දෙසැම්බර් 18 වැනිදා පස්වරු 5.00 ට වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත දර්ශනීය සමාරම්භක උළෙලකින්.
  • රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන තරගාවලියේ අවසාන මහා තරග සහ තෙවැනි හා සිවුවැනි ස්ථාන සඳහා වන තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 27 වැනිදා.
  • දෙසැම්බර් 27 වැනි දින රාත්‍රියේ පැවැත්වෙන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට හිටපු සහ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාත්‍යන්තර ක්‍රිකට් ඇකඩමි කවුන්සලයේ (ICCA) චැම්පියන්ස් කුසලාන තරගාවලිය දෙසැම්බර් 18 වැනිදා කොළඹදී ආරම්භ වෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන රටවල සහභාගිත්වයෙන් දෙසැම්බර් 27 වැනි දින දක්වා පැවැත්වෙන මේ කනිෂ්ඨ ක්‍රිකට් තරගාවලිය ඒකාබද්ධව සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ඩෙසර්ට් කබ්ස්’ (Desert Cubs) ක්‍රිකට් ඇකඩමිය යි.

වයස අවුරුදු 13න් පහළ ඕවර 40 සහ අවුරුදු 15න් පහළ ඕවර  50 වශයෙන් පැවැත්වෙන මේ තරගාවලියට ඩෙසර්ට් කබ්ස්, වෙළඳ සේවා ක්‍රිකට් සංගමය, ඉන්දියාවේ බැංගලෝරයේ කර්නාටක ක්‍රිකට් ආයතනය සහ සිම්බාබ්වේ හරාරේ හි ‘රමා ක්‍රීඩා’ යන ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම් සහභාගි වීමටයි නියමිත.

තරගාවලිය ආරම්භ වන්නේ දෙසැම්බර් 18 වැනිදා පස්වරු 5.00 ට වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත දර්ශනීය සමාරම්භක උළෙලකින්.

‘රවුන්ඩ්-රොබින්’ ක්‍රමයට සෑම කණ්ඩායමක්ම ඔවුනොවුන්ගේ වයස් ඛාණ්ඩවල තරග හය බැගින් ක්‍රීඩා කරන දෙසැම්බර් 19 සිට 26 දක්වා පැවැත්වෙන ලීග් තරගාවලියේ විවේක දිනයන් ලෙස සංවිධායකයින් විසින් දෙසැම්බර් 22 හා 25 නම් කර තිබෙන්නේ විදෙස් ක්‍රීඩකයන්ට දිවයිනේ සංචාරය කිරීමට අවස්ථාව සැලසීම පිණිස.

රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන තරගාවලියේ අවසාන මහා තරග සහ තෙවැනි හා සිවුවැනි ස්ථාන සඳහා වන තරග පැවැත්වෙන්නේ දෙසැම්බර් 27 වැනිදා.

දෙසැම්බර් 27 වැනි දින රාත්‍රියේ පැවැත්වෙන තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට හිටපු සහ වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් ද සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...