The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දු - පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි - ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

T

The Leader Desk

February 10, 2026 • 3:50 AM

ඉන්දු - පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි - ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා පාකිස්තාන මතභේදාත්මක වාතාවරණය හමුවේ පාකිස්තාන කණ්ඩායම විසින් වර්ජනය කිරීමට නියමිතව පැවැති එළැඹෙන 15 වැනිදා මෙරටදී පැවැත්වීමට නියමිත ඉන්දීය පාකිස්තාන විස්සයි විස්ස ක්‍රිකට් තරගය සඳහා පාකිස්තාන රජයේ අනුමැතිය හිමිව තිබේ.
  • ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට සහ සහභාගී වන සියලුම රටවල ක්‍රීඩාවේ අඛණ්ඩ සහභාගිත්වය සහතික කිරීමට මෙම තීරණය ගන්නා බව පකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
  • ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි.
  •   ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


බහුපාර්ශවික සාකච්ඡාවලදී ලබාගත් ප්‍රතිඵල මෙන්ම මිත්‍රශීලී රටවල ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කරන ලෙස පකිස්ථාන රජය සිය ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට සහ සහභාගී වන සියලුම රටවල ක්‍රීඩාවේ අඛණ්ඩ සහභාගිත්වය සහතික කිරීමට මෙම තීරණය ගන්නා බව පකිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මෙම ගැටලු සඳහා විසඳුමක් සොයා ගැනීමට පකිස්ථානයට ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අනෙකුත් රටවලින් ලැබුණු දැනුම් දීම් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය විසින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත කරනා ලද ඉල්ලීම් මෙහිදී සැලකිල්ලට ගත් බව පකිස්ථාන රජය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ජනපතිගෙන් පකිස්ථාන අගමැතිට දුරකථන ඇමතුමක්

ඊයේ (9 වැනිදා) වනතෙක් අවිනිශ්චිත පැවැති මෙම තරගය ⁣ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර දිසානායකගේ ඍජු මැදිහත්වීමෙන් පාකිස්තාන අගමැති ශෙබාස් ෂෙරිෆ් සමග පැවැති දුරකථන සංවාදයකින් අනතුරුව තරගය පැවැත්වීමට පාකිස්තානයේ අනුමැතිය හිමිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

පෙබරවාරි 09 වන දා සවස පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ බවත්, එම සුහදශීලී ඇමතුම අතරතුර, විශේෂයෙන් දුෂ්කර කාලවලදී පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගය ඔවුන් සිහිපත් කළ බවත් වත්මන් ගැටලුව මිත්‍රශීලී ආකාරයකින් විසඳීමට බැරෑරුම් ලෙස සලකා බලන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිය බවත් පකිස්ථාන රජය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි.

 

PAK IND 260202

ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

"අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාව අඛණ්ඩව සිදු කරගෙන යාම සහතික කිරීම ගැන පාකිස්ථාන අගමැතිවරයාට ස්තූතිය පුද කරනවා. කොළඹ පැවැත්වෙන T20 ක්‍රිකට් ලෝක කුසලානයේ, සැවොම උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්ථාන තරගය සැලසුම් කළ පරිදි සිදුවීම ගැන සතුටුයි."

Screenshot 2026 02 10 091204

"තරගාවලියේ සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මෙන් ම ඒ පිළිබඳව සැලකිලිමත් වූ සියලු දෙනාගේම උත්සාහයට ස්තූතිවන්ත වනවා. 1996 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්ථානය යන දෙපාර්ශවයම පෙන්වූ සහයෝගීතාවය ශ්‍රී ලංකාව අමතක කර නැහැ. ආරක්ෂක හේතූන් මත අනෙක් අය ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටි අවස්ථාවක, එම රටවල් දෙක කොළඹදී ක්‍රීඩා කළා." යයි ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙම තරගය නොපැවැත්වුවහොත් එයින් ලංකාවට සිදුවන මූල්‍යමය බලපෑම ආදිය සඳහන් කරමින්, තරගය සඳහා පැමිණෙන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් ද දින කිහිපයකට පෙර පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබිණ. 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දු - පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි - ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති | The Leader