The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකානු ජනාධිපතිවරයා සැනසීමට ක්‍රියා කළ ගෝලීය පාපන්දු ලොක්කා ගැන IOCයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

T

The Leader Desk

July 17, 2026 • 8:41 AM

අමෙරිකානු ජනාධිපතිවරයා සැනසීමට ක්‍රියා කළ ගෝලීය පාපන්දු ලොක්කා ගැන IOCයෙන් පරීක්ෂණයක් ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී අමෙරිකානු ආක්‍රමණශීලී ක්‍රීඩක ෆොලරින් බැලගන් ට පැනවූ තරගයක තහනම ඉවත් කිරීම ඇතුළු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆන්ටීනෝගේ දේශපාලනික මධ්‍යස්ථභාවය කඩ කිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
  •   මෙයින් පෙන්වා දෙන ප්‍රධාන කාරණා අතරෙහි බැලගන් ට පනවන ලද ඉබේටම ක්‍රියාත්මක වන එක් තරග තහනම ඉවත් කරමින් ඔහුට බෙල්ජියම ට එරෙහි ‘කණ්ඩායම් 16’ තරගයට අමෙරිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ දීමේ ප්‍රශ්නය ද තිබෙනවා.
  • මේ සිද්ධිය නැවත පරීක්ෂා කරන ලෙසට FIFAගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන පණිවුඩයක් තමන්ට ලැබුණු බව පිළිගෙන ඇති ඉන්ෆන්ටීනෝ, එහෙත් එම තීරණය වෙනස් කරන ලෙසට තමාට බලපෑමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරනවා.
  •   2020 වසරේ සිට IOC සාමාජිකයෙකු වශයෙන් ද සිටි ඉන්ෆන්ටීනෝ ඔලිම්පික් ප්‍රඥප්තිය හා දැඩි දේශපාලනික අපක්ෂපාතිත්වය අවශ්‍ය වන IOC සදාචාර ප්‍රතිපත්ති සමග බැඳී සිටින බවට FairSquare පැමිණිල්ලෙන් තර්ක කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

FairSquare නමැති අධිනීතිඥ සමූහය විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර ඉන්ෆන්ටීනෝ ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තිබෙන සමීප සබඳතාවයේදී IOCයේ දේශපාලනික මධ්‍යස්ථභාවය පිළිබඳ නීති අවස්ථා ගණනාවකදී උල්ලංඝනය වී ඇතැයි එයින් චෝදනා කර තිබෙනවා.

fs5756

 

මෙයින් පෙන්වා දෙන ප්‍රධාන කාරණා අතරෙහි බැලගන් ට පනවන ලද ඉබේටම ක්‍රියාත්මක වන එක් තරග තහනම ඉවත් කරමින් ඔහුට බෙල්ජියම ට එරෙහි ‘කණ්ඩායම් 16’ තරගයට අමෙරිකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ දීමේ ප්‍රශ්නය ද තිබෙනවා.

මේ සිද්ධිය නැවත පරීක්ෂා කරන ලෙසට FIFAගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිමින් ජනාධිපති ට්‍රම්ප්ගෙන් දුරකථන පණිවුඩයක් තමන්ට ලැබුණු බව පිළිගෙන ඇති ඉන්ෆන්ටීනෝ, එහෙත් එම තීරණය වෙනස් කරන ලෙසට තමාට බලපෑමක් සිදුවූ බව ප්‍රතික්ෂේප කරනවා.

තමාගේ මැදිහත්වීම සාධාරණීකරණය කළ ට්‍රම්ප්, “මම කළේ නැවත පරීක්ෂාවක් ඉල්ලා සිටීම පමණයි. මොකද, ඒක නීතිවිරෝධී ක්‍රියාවක් කියලා මම හිතුවේ නැහැ” යනුවෙන් කියා තිබුණා.

 

551671
2020 වසරේ සිට IOC සාමාජිකයෙකු වශයෙන් ද සිටි ඉන්ෆන්ටීනෝ ඔලිම්පික් ප්‍රඥප්තිය හා දැඩි දේශපාලනික අපක්ෂපාතිත්වය අවශ්‍ය වන IOC සදාචාර ප්‍රතිපත්ති සමග බැඳී සිටින බවට FairSquare පැමිණිල්ලෙන් තර්ක කරනවා.

ට්‍රම්ප් ට සහයෝගය දැක්වීමේදී ඉන්ෆන්ටීනෝ දේශපාලනික වශයෙන් අපක්ෂපාතව සිටීමේ IOC නීති පහක් පැහැදිලිවම උල්ලංඝනය කර ඇතැයි පැමිණිල්ලේ දැක්වෙනවා.

බැලගන්ගේ සිද්ධියට අමතරව ඉන්ෆන්ටීනෝ විසින් ට්‍රම්ප්ව නොබෙල් සාම ත්‍යාගය සඳහා අනුමත කිරීම, ට්‍රම්ප්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම, FIFA මංගල සාම ත්‍යාගය ට්‍රම්ප් ට පිළිගැන්වීම හා අමෙරිකානු ජනාධිපතිවරයා හවුල් වී සිටින දත්ත-රැස් කර ගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ FIFA ලෝක කුසලාන ක්‍රීඩා ලෝලීන්ගේ වේදිකාවක් ප්‍රවර්ධනය කිරීම යන කරුණු ද එම පැමිණිල්ලෙන් උපුටා දක්වා තිබෙනවා.

w56buyw6u

 

FairSquare මීට පෙර දෙසැම්බර් මාසයේදී FIFA සදාචාර ප්‍රතිපත්ති කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පැමිණිල්ලට නෝවේජියානු පාපන්දු සම්මේලනයේ සහාය ලැබුණු අතර ඉන්පසුව ජූනි මාසයේදී වෙන්ව ඉදිරිපත් කළ තවත් පැමිණිල්ලකට යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 50 දෙනෙක් සහාය දැක්වූවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකානු ජනාධිපතිවරයා සැනසීමට ක්‍රියා කළ ගෝලීය පාපන්දු ලොක්කා ගැන IOCයෙන් පරීක්ෂණයක් ඉල්ලයි | The Leader