The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉරණම: ඉතිහාසයේ වැඩිම මුදලක් ලබන ශ්‍රී ලාංකිකයා මතීෂ පතිරණ

T

The Leader Desk

December 17, 2025 • 9:50 AM

IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ඉරණම: ඉතිහාසයේ වැඩිම මුදලක් ලබන ශ්‍රී ලාංකිකයා මතීෂ පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL - අයි.පී.එල්.) වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.
  • වෙන්දේසියේ සැලකිය යුතු ආයෝජනයක් සිදු කරමින් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් වෙනුවෙන් ද ඉන්දියානු රුපියල් කෝටි 25.20ක් වියදම් කර තිබෙනවා.
  • මීට පෙර වාර්තාව වී තිබුනේ කොල්කටා කණ්ඩායම ම 2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ වමතින් වේග පන්දු යවන මිචල් ස්ටාක් ඉන්දියානු රුපියල් කෝටි 24.75ක මුදලකට මිලදී ගැනීමයි.
  • ග්‍රීන්ව අයිති කරගැනීමේ උත්සාහයේදී කොල්කටා නයිට් රයිඩර්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තියුණු සටනක් තිබූ බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දිල්ලි කැපිටල්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් ද සම්බන්ධ වූ තරගකාරී ලංසු සටනකින් පසුව කොල්කටා නයිට් රයිඩර්ස් විසින් මතීෂ මිලදී ගනු ලැබුවේ රුපියල් කෝටි 61.2කට ආසන්න මුදලකටයි (ඉන්දියානු රුපියල් කෝටි 18ක්). ඉන්දියානු රුපියල් කෝටි දෙකක මූලික ලංසුවකින් ආරම්භ වූ මෙය මෙවර වෙන්දේසියේ වාර්තා වූ දෙවැනියට වැඩිම වටිනාකමයි.

IPL Auction 2026 Live Updates KKR Splash Rs 25.20 Crore to Sign Cameron Green

කොල්කටා නයිට් රයිඩරස් අයි.පී.එල්. වෙන්දේසියේ සැලකිය යුතු ආයෝජනයක් සිදු කරමින් ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් වෙනුවෙන් ද ඉන්දියානු රුපියල් කෝටි 25.20ක් වියදම් කර තිබෙනවා. ග්‍රීන්ව මේ ආකාරයෙන් අත්කර ගැනීමෙන් අයි.පී.එල්. වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවන ලද විදෙස් ක්‍රීඩකයාගේ නව වාර්තාවක් බිහිවුණා. මීට පෙර වාර්තාව වී තිබුනේ කොල්කටා කණ්ඩායම ම 2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ වමතින් වේග පන්දු යවන මිචල් ස්ටාක් ඉන්දියානු රුපියල් කෝටි 24.75ක මුදලකට මිලදී ගැනීමයි. ග්‍රීන්ව අයිති කරගැනීමේ උත්සාහයේදී කොල්කටා නයිට් රයිඩර්ස් හා චෙන්නායි සුපර් කිංග්ස් අතර තියුණු සටනක් තිබූ බව වාර්තා වනවා.

cameron2394

 

ග්‍රීන්ගේ සැබෑ වැටුප ඉන්දියානු රුපියල් කෝටි 18ක් වනු ඇත්තේ එහි අතිරේක මුදල ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රීඩක සංවර්ධන වැඩසටහනට යන බැවින්. මෙය විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් තිබෙන වෙන්දේසි නීතියක්. මතීෂ පතිරණ ට ඔහුගේ සම්පූර්ණ ලංසු මුදල ලැබෙනු ඇත්තේ එය වැටුප් සීමාවට පහළින් තිබෙන නිසාවෙන්.  

අබුඩාබි හි ඊයේ පැවති ඉන්දියා ප්‍රිමිය ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී වඩාත්ම වටිනා ක්‍රීඩකයින් පහළොස් දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු සිටීම විශේෂත්වයක්. පතිරණ හැරුනු විට අනෙක් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක යි.

 

pathum ni9283

නිස්සංක අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකට ඉදිරිපත් කෙරුනේ ප්‍රථම වතාවටයි. එහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිස්සංකව ඩැහැගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 4ක ලංසුවක් තබමින් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 13.6ක් පමණ). මෙය ඔහු වෙනුවෙන් තිබූ ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මූලික ලංසුව අභිබවා යාමක්.

අබුඩාබි වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු අලෙවි වූ අතර අනෙක් ක්‍රීඩකයා වූයේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග යි. ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම හසරංගව ඔහුගේ මූලික ලංසු මුදල වූ ඉන්දියානු රුපියල් කෝටි ‌2කට ලබා ගත්තා (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.8ක් පමණ).

 

wanidu093r
මේ අතර කමිඳු මෙන්ඩිස් හා ඉෂාන් මාලිංග (සන්රයිසර්ස් හයිදරාබාද්), දුෂ්මන්ත චමීර (දිල්ලි කැපිටල්ස්) සහ නුවන් තුෂාර (රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිවු දෙනා ක්‍රීඩකයින් රඳවා ගැනීමේ ක්‍රමවේදය යටතේ වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, මේ වෙන්දේසියට ඉදිරිපත් කෙරුනු මහීෂ් තීක්ෂණ, කුසල් ජනිත් පෙරේරා, චරිත් අසලංක, දසුන් චානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ප්‍රනාන්දු හා ට්‍රැවින් මැතිව් යන ක්‍රීඩකයින්ව කිසිම කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...