The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'IPL නිසා මට මගේ ක්‍රිකට් දිවිය අහිමි වුනා, එංගලන්තය මට එරෙහි වුනා' - කෙවින් පීටර්සන්

T

The Leader Desk

April 9, 2026 • 9:31 AM

'IPL නිසා මට මගේ ක්‍රිකට් දිවිය අහිමි වුනා, එංගලන්තය මට එරෙහි වුනා' - කෙවින් පීටර්සන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියා ප්‍රිමිය ලීගයට (IPL) තමා තුළ තිබූ ආශාව නිසා තමාට ටෙස්ට් ක්‍රිකට් දිවිය අහිමි වූ බව එංගලන්තයේ බැටිං ලෙජන්ඩ් කෙවින් පීටර්සන් අනාවරණය කර තිබෙනවා.
  • IPL තරගවලට තමාගේ සහභාගිත්වය පිළිබඳව ECBය සමග දිග්ගැස්සෙමින් තිබූ මතභේදය හේතුවෙන් තමාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අකාලයේ අවසන් වූ බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයා පවසා තිබෙනවා.
  • තමාගේ IPL ක්‍රීඩාවේ මුල් වසරවලදී තමාව ලුහු බැඳ යාම සංවිධානය කිරීම පිණිස මාධ්‍ය යොදා ගත් බවට පීටසන් ECBයට චෝදනා කර තිබෙනවා.
  •   2008 වසරේ පැවති මංගල IPL තරගාවලියට ක්‍රීඩා කළේ එක් එංගලන්ත ක්‍රීඩකයෙක් පමණයි.
අකුරු ප්‍රමාණය (Font Size):


තමා‌‌ගේ IPL ක්‍රීඩාව අනුමත නොකළ එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) තමාව දඩයම් කළ බව ඔහු කියා සිටිනවා.

IPL තරගවලට තමාගේ සහභාගිත්වය පිළිබඳව ECBය සමග දිග්ගැස්සෙමින් තිබූ මතභේදය හේතුවෙන් තමාගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අකාලයේ අවසන් වූ බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායකයා පවසා තිබෙනවා. තමාගේ IPL ක්‍රීඩාවේ මුල් වසරවලදී තමාව ලුහු බැඳ යාම සංවිධානය කිරීම පිණිස මාධ්‍ය යොදා ගත් බවට පීටසන් ECBයට චෝදනා කර තිබෙනවා.

 

2008 වසරේ පැවති මංගල IPL තරගාවලියට ක්‍රීඩා කළේ එක් එංගලන්ත ක්‍රීඩකයෙක් පමණයි. ඒ, රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ඩිමීට්‍රී මාස්කරේනියස්  (Dimitri Mascarenhas). ඊට හේතුව වී තිබුනේ ප්‍රධාන කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ට ඉන්දියා ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කිරීම එංගලන්ත ක්‍රිකට් බලධාරීන් විසින් තහනම් කර තිබීමයි. 2009 වසරේදී ඒ ක්‍රීඩකයින් ට ම එම ලීගයේ ක්‍රීඩා කිරීමට ECBය අවසර ලබා දුන්න ද, ඒ සීමිත සති තුනක කාලයකට පමණයි.

රෝයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම සමග ඉන්දියා ප්‍රිමිය ලීගයේ ක්‍රීඩා කිරීම සඳහා ප්‍රමුඛතාව දීමට තමා ගත් තීරණය එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සමග නොඉවසුම් ගතියකට මුල පිරූ බවත් අවසානයේදී එයින් එංගලන්ත ජාතික කණ්ඩායමේ තමාගේ ස්ථානයට බලපෑමක් ඇතිවූ බවත් පීටර්සන් ප්‍රකාශ කර තිබෙනවා.

“මම ලොකු කැපවීම් කළා. මට මගේ ක්‍රිකට් දිවිය අහිමි වුනා. එංගලන්ත පාලක මණ්ඩලයේ සියලු දෙනාම මට එරෙහි වුනේ ඒ නිසයි” ඔහු පැවසුවා. “මගේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩා දිවිය අවසන් වන විට මට වයස 33යි. මම ඒ වන විට ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කර තිබුණා. මම ටෙස්ට් තරග 150-160කට ක්‍රීඩා කරමින් ලකුණු 12,000-13,000ක් ලබා ගත යුතුව තිබුණා.”

“ECBය මාව ලුහුබැඳීමට The Telegraph පුවත්පත පාවිච්චි කළා. මට ඒ ගැන වැඩි දේවල් කියන්න අවශ්‍ය නැහැ. එයට ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. මම දැන් ඉතාමත් සතුටින් සාමකාමී ජීවිතයක් ගත කරනවා.”

පීටර්සන් ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය අවසන් කළේ ශතක 23ක් සහ අර්ධ ශතක 35ක් සමග ලකුණු 8,181ක් වාර්තා කරමින්.

 

kevin pietersen

පෞද්ගලික වශයෙන් තමා පහතට වැටුන ද, තමාගේ ක්‍රියාවන්ගෙන් අනාගත පරම්පරාවන්ට වඩා ලොකු නිදහසකින් යුතුව ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබෙන බව පීටර්සන් පෙන්වා දෙනවා. “මීට දවස් කිහිපයකට පෙර මම ජොස් බට්ලර් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔහු ‘ඔබට ස්තූතියි’ කියලා මට කිවුවා. මම කරපු කැපවීම් නිසා මේ අයට දැන් ඵල නෙලාගන්න පුළුවනි.”

කෙවින් පීටර්සන් අවසන් වරට IPL ක්‍රීඩා කළේ 2016 වසරේ. එතැන් සිට ස්ථිර තරග විස්තර ප්‍රචාරය කරන්නෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස සේවය කර තිබෙනවා.


warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'IPL නිසා මට මගේ ක්‍රිකට් දිවිය අහිමි වුනා, එංගලන්තය මට එරෙහි වුනා' - කෙවින් පීටර්සන් | The Leader