The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL ක්‍රීඩකයන්ට 'ස්මාට්' කන්නාඩි තහනමක්? දූෂණ මර්දන අංශයෙන් රතු එළියක්!

T

The Leader Desk

May 29, 2026 • 1:47 PM

 IPL ක්‍රීඩකයන්ට 'ස්මාට්' කන්නාඩි තහනමක්? දූෂණ මර්දන අංශයෙන් රතු එළියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘ස්මාට්’ වර්ගයේ ඇස් කන්නාඩි, අව් කන්නාඩි හා ඇස් ආරක්ෂාවට පළඳින කන්නාඩි (ගොග්ල්ස්) භාවිතය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ඉන්දියා ප්‍රිමිය ලීගයේ (IPL) ක්‍රීඩකයින් හා සහාය කාර්ය මණ්ඩලයට අලුත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.
  • එවැනි උපකරණ IPL තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් හා කණ්ඩායම් නිලධාරීන්ට අලෙවි කිරීම සඳහා ආයතන උත්සාහ කරමින් සිටින බවට එම අංශය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා.
  • මේ ‘ස්මාට්’ කණ්ණාඩි නිෂ්පාදනවලට තරග සජීවීව පෙන්වීමට, කෙටි පණිවුඩ හුවමාරු කිරීමට හා Wi-Fi හෝ Mobile data ඔස්සේ ශ්‍රව්‍ය හා වීඩියෝ ඇමතුම් ලබා දීමට හැකියාව තිබෙන බව දූෂණ විරෝධී අංශය ඉන්දියා ක්‍රිකට් බලධාරීන්ට පවසා තිබෙනවා.
  • මේ හේතුවෙන්, තරග සජීවීව විකාශනය වෙද්දී මෙම උපකරණ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


දූෂණ-විරෝධී හා ආරක්ෂක අංශය (ACSU) විසින් මේ උපදෙස් ලබා දී තිබෙන්නේ සංකීර්ණ සන්නිවේදන උපකරණ පාවිච්චිය වැඩිවීම මධ්‍යයේ. එවැනි උපකරණ IPL තරගාවලියට සම්බන්ධ ක්‍රීඩකයින් හා කණ්ඩායම් නිලධාරීන්ට අලෙවි කිරීම සඳහා ආයතන උත්සාහ කරමින් සිටින බවට එම අංශය ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබෙනවා.

මේ ‘ස්මාට්’ කණ්ණාඩි නිෂ්පාදනවලට තරග සජීවීව පෙන්වීමට, කෙටි පණිවුඩ හුවමාරු කිරීමට හා Wi-Fi හෝ Mobile data ඔස්සේ ශ්‍රව්‍ය හා වීඩියෝ ඇමතුම් ලබා දීමට හැකියාව තිබෙන බව දූෂණ විරෝධී අංශය ඉන්දියා ක්‍රිකට් බලධාරීන්ට පවසා තිබෙනවා. මේ හේතුවෙන්, තරග සජීවීව විකාශනය වෙද්දී මෙම උපකරණ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වීමේ අවශ්‍යතාවක් මතුව තිබෙනවා.

deccanherald 2026 05 29 fqhf0zu8 f073c3cd 15c5 43ba bc65 53081e872e5f
පැළඳිය හැකි තාක්ෂණය වඩාත් නවීන තත්ත්වයට පත්වෙමින් තිබියදී හා රහස්‍ය සන්නිවේදන ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීම වැඩිවෙමින් තිබියදී ACSU හි මේ අලුත්ම මර්දන පියවරෙන් කැපී පෙනෙන්නේ IPL නමැති ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම වාණිජ වටිනාකමක් තිබෙන තරගාවලිය අතරතුර එහි අවංකත්වයට ක්‍රමයෙන් ඇති වෙමින් තිබෙන අවදානමට වඩා ඉදිරියෙන් සිට කටයුතු කිරීමට එම ලීගය දරන උත්සාහය යැයි ඉන්දියා පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකරුවන් හා නිලධාරීන්ගේ අයුතු ලෙස හැසිරීම් හා බරපතල නීති උල්ලංඝනය කිරීම් මතුකර දක්වමින් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිටු අටක උපදෙස් මාලාවක් මේ මස මුල නිකුත් කිරීමෙන් පසුව ඉන්දියා ප්‍රිමිය ලීගය සියුම් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

වර්තමාන IPL තරගාවලිය අතරතුර ඇතිවූ මේ සිද්ධීන් පිළිබඳව දැඩි ලෙස ක්‍රියාත්මක නොවුවහොත් එමගින් එම ක්‍රීඩකයාට අදාළ ෆ්‍රැන්චයිසියට හා ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කීර්තියට සැලකිය යුතු හානියක් සිදුවිය හැකි බවට එම මණ්ඩලයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

දැන් පැවැත්වෙන IPL 2026 තරගාවලියේ මුල් කාලයේදී තරගයක් සජීවීව විකාශනය වෙමින් තිබියදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ කළමනාකාරවරයා ආරම්භක පිතිකරු වයිභාව් සූර්යවන්ශි පසෙකින් අසුන් ගෙන ජංගම දුරකථනයක් භාවිතා කරමින් සිටින අයුරු දිස්වීමෙන් පසුව මතභේදයක් හට ගත්තා. එම සිද්ධියෙන් පසුව ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය එම කළමනාකරුට දඩ ගැසුවා.

 

warnan Gunasekara
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...