The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

IPL 2024: 'ලසිත් මාලිංග - හර්දික් පාණ්ඩ්‍යා - රෝහිත් ෂර්මා ආරවුල' සහ මුම්බායි ඉන්ඩියන්ස් පසුබෑම

T

The Leader Desk

April 11, 2024 • 3:46 PM

IPL 2024: 'ලසිත් මාලිංග - හර්දික් පාණ්ඩ්‍යා - රෝහිත් ෂර්මා ආරවුල' සහ මුම්බායි ඉන්ඩියන්ස් පසුබෑම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට 5 වරක් ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගැනීමට සමත්වූ ප්‍රබල මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙවර
  • එම කණ්ඩායම මුහුණ දුන් පළමු තරග 3න් ම පරාජයට පත්වූ අතර, අවසන් වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග අප්‍රේල් 07 වන දා පැවති තරගයෙන් ලකුණු 29ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.
  • ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි මුම්බායි කණ්ඩායම එම ජයග්‍රහණය හේතුවෙන් 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ය.
  • කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමස්තයක් ලෙස යම් පසුබෑමකට ලක්ව ඇති බවට ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගාවලියේ කැපීපෙනෙන පසුබෑමකට ලක්ව සිටී.

එම කණ්ඩායම මුහුණ දුන් පළමු තරග 3න් ම පරාජයට පත්වූ අතර, අවසන් වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග අප්‍රේල් 07 වන දා පැවති තරගයෙන් ලකුණු 29ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි මුම්බායි කණ්ඩායම එම ජයග්‍රහණය හේතුවෙන් 8 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ය.

කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමස්තයක් ලෙස යම් පසුබෑමකට ලක්ව ඇති බවට ක්‍රිකට් විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

බොහෝ දෙනෙකු චෝදනා කරන්නේ, IPL තරගාවලි 5ක ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවූ රෝහිත් ෂර්මා වෙනුවට මුම්බායි කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට පිරිනැමීම මෙම පසුබෑමට ප්‍රධාන හේතුව බවට ය.


හර්දික් පාණ්ඩ්‍යා මිල දී ගැනීම

2024 IPL තරගාවලිය වෙනුවෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම හර්දික් පාණ්ඩ්‍යා මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රුපියල් කෝටි 15කට ය. ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය සමග ඇති කර ගත් ගනුදෙනුවක් හරහා මෙම මිල දී ගැනීම සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය රුපියල් කෝටි 15ක් ලෙස මෙම ගනුදෙනුවෙහි වටිනාකම දැක්වුව ද, ඊට අමතරව දැවැන්ත මුදලක් මෙම ගනුදෙනුව පිටුපස හුවමාරු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

2021 වසරේ ඔක්තෝබර් මාසයේදී ස්ථාපනය කරන ලද ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේ IPL කුසලානය දිනා ගත් අතර, 2023 වසරේ අනුශූරයින් බවට පත්විය.

හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායමේ නායකත්වය වෙනුවෙන් කැඳවීමක් ලබන්නේ, ඔහු නායකත්වය දැරූ ගුජරාට් කණ්ඩායම කෙටි කාලයක් තුළ විශිෂ්ට දක්ෂතා දක්වමින් සිටි අවස්ථාවකදී ය.

රෝහිත් ෂර්මා වැනි ජ්‍යෙෂ්ඨ නායකයෙකු සිටියදී හර්දික් පාණ්ඩ්‍යා මුම්බායි කණ්ඩායමේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් විශ්ලේෂකයින් මෙන් ම ක්‍රිකට් ලෝලීන් ද විමතිය පළ කර තිබිණි.

පළමු තරග තුනෙන් ම පරාජය

zdfgsr46දෛවයේ සරදමකට මෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩා කළ පළමු තරගය පැවතියේ, හර්දික් පාණ්ඩ්‍යා වසර දෙකක් මෙහෙයවූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ය.


දෛවයේ සරදමකට මෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩා කළ පළමු තරගය පැවතියේ, හර්දික් පාණ්ඩ්‍යා වසර දෙකක් මෙහෙයවූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ය.

මාර්තු 24 වන දා පැවති එම තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් හිමි කර ගැනීමට ටයිටන්ස් කණ්ඩායම සමත් විය.

එම තරගයේදී හර්දික් පාණ්ඩ්‍යා ආරම්භක පන්දු යවන්නා ලෙස පන්දු වාර 3ක් යවමින් ප්‍රතිවාදීන්ට ලකුණු 30ක් ලබා දුන්නේ, කිසිදු කඩුල්ලක් බිඳ දැමීමට ද අසමත් වෙමිනි.

පන්දුවට පහර දීමේදී ද ඔහු රැස් කළේ, ලකුණු 11ක් පමණි.

මාර්තු 27 වන දා පැවති දෙවන තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ මුම්බායි පන්දු යවන්නන් හමුවේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 277ක් රැස් කළේ ය.

එහිදී එක් කඩුල්ලක් දවා ගැනීමට හර්දික් පාණ්ඩ්‍යා සමත් වුව ද, ඔහු යැවූ පන්දු වාර 4ට ලකුණු 46ක් රැස් කිරීමට සන්රයිසර්ස් පිතිකරුවෝ සමත් වූහ.

පන්දුවට පහර දීමේදී හර්දික් පාණ්ඩ්‍යාට රැස් කළ හැකි වූයේ, ලකුණු 24ක් පමණි.

එම තරගයෙන් සන්රයිසර්ස් කණ්ඩායම ලකුණු 31ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.

අප්‍රේල් 01 වන දා මුම්බායි කණ්ඩායම සිය තුන් වන තරගයට සහභාගි වූ අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් ඔවුන් කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 125ක් පමණි.

එහිදී හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 34ක් රැස් කළ අතර, පන්දු යැවීමේ නිරත වූයේ නැත.

එම තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් හිමි කර ගත්තේ ය.

යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ සිව් වන තරගයේදී මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කරමින්, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 29ක ජයක් වාර්තා කළේ ය.

මෙහිදී ද හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 39ක් රැස් කළ අතර, පන්දු යැවීමේ නිරත නොවිණි.

රෝහිත් ෂර්මා පන්දු 27කදී ලකුණු 49ක් රැස් කළේ ය.


ලසිත් මාලිංග සමග ආරවුලක්?
 
ඉහත කී තරග අතරතුරදී රෝහිත් ෂර්මා සහ හර්දික් පාණ්ඩ්‍යා සම්බන්ධ සිද්ධි කිහිපයක් පිළිබදව මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

ඉන් වඩාත් කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ, සන්රයිසර්ස් කණ්ඩායම හමුවේ ලද පරාජයෙන් පසු මුම්බායි කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලසිත් මාලිංගගේ වැළඳ ගැනීම ප්‍රතික්ෂේප කර එම ස්ථානයෙන් ඉවත්ව යාමට උත්සහ කළ අවස්ථාව යි.

ඊට අමතරව, ලසිත් මාලිංග සහ පිතිකරුවන්ගේ පුහුණුකරු කයිරන් පොලාර්ඩ් කතාබහක නිරත වෙමින් සිටි අවස්ථාවක හර්දික් පාණ්ඩ්‍යා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ ලසිත් මාලිංග සිය අසුනින් නැගිට එම ස්ථානයෙන් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවල සංසරණය විය.
 
drerr
මෙම සිද්ධි පාදක කර ගනිමින් සමාජ මාධ්‍ය මෙන් ම ඉන්දීය ප්‍රධාන මාධ්‍යවල ද පළවූයේ, හර්දික් පාණ්ඩ්‍යා සහ ලසිත් මාලිංග අතර යම් ආරවුලක් පවතින බව පෙනී යන බව ය.

 
රෝහිත් සහ හර්දික්
 
මේ අතර, රෝහිත් ෂර්මාගේ පන්දු රකින ස්ථානය වෙනස් කිරීම සදහා හර්දික් පාණ්ඩ්‍යා කළ සංඥා කිරීම ද ඉන්දීය මාධ්‍ය ඔස්සේ විවේචනයට ලක්වී තිබිණි.

ඇතැමුන් එම විධානය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පෙන්වා දී තිබුණේ, රෝහිත් ෂර්මා වැනි ජ්‍යෙෂ්ඨ නායකයෙකුට එවැනි විධානයක් දීමේදී ආචාරශීලී විය යුතු බව ය.
 
xfger6
කෙසේ වෙතත්, දිල්ලි කැපිටල්ස් තරගය ජය ගැනීමෙන් පසු හර්දික් පාණ්ඩ්‍යා සහ රෝහිත් ෂර්මා වැළද ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ද සංසරණය වන්නට විය.


රෝහිත් ෂර්මා මුම්බායි ඉන්ඩියන්ස් හැර යයි ද?
 
2011 වසරේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග එක්වූ රෝහිත් ෂර්මා, 2013 වසරේදී එම කණ්ඩායමේ නායකත්වයට පත් කෙරිණි.

එතැන් සිට ඔහු වසර 11ක් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙහෙයවා ඇති අතර, අවස්ථා 5කදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාව හිමි කර ගැනීමට සමත් විය.

කෙසේ වෙතත්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම තුළ පවතින තත්ත්වය තුළ ඔහු ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙනත් කණ්ඩායමක් සමග එක්වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල මත පළවී තිබේ.

එම මත පළ කර ඇත්තේ, මුම්බායි කණ්ඩායම සහ දිල්ලි කණ්ඩායම අතර පැවති තරගය අතරතුර දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පන්ත් සහ එහි හිමිකරු පර්ත් ජින්දාල් සමග රෝහිත් ෂර්මා යම් කතාබහක යෙදී සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීමත් සමග ය.
 
ftu6uu
ඊට අමතරව, දිල්ලි කණ්ඩායමේ හිමිකරු රෝහිත් ෂර්මා සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් කෙරෙහි ද මේ වන විට දැඩි අවධානයක් යොමු වී තිබේ.

lfdlgjkg
එම ප්‍රකාශය වන්නේ, "රෝහිත් ෂර්මා දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් කුසලාන 5ක් ජයග්‍රහණය කර දුන්නේ නම්, ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රිකට් ක්‍රීඩාංගණය රෝහිත් ෂර්මා නමින් නම් කරන," බව ය.

කෙසේ වෙතත්, එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාව මෙන් ම යථාර්ථවාදීත්වය සම්බන්ධයෙන් ද ඇතැමුන් ප්‍රශ්න කර තිබේ.

මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන අම්බටි රායුදු පවසා ඇත්තේ, රෝහිත් ෂර්මා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට වඩා තමන්ට ගෞරවණීය ලෙස සලකන කණ්ඩායමකට එක් වනු ඇති," බව ය.

මේ අතර, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද, රෝහිත් ෂර්මා සිය කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට කැමැත්තක් දක්වන බවට ඉඟි පළ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

 
ඉන්දීය ජාතික කණ්ඩායමේ නායකත්වය රෝහිත් ෂර්මාට
 
මේ අතර, එළඹෙන පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, රෝහිත් ෂර්මාට ය.

එම තරගාවලියේ උපනායකත්වය දරනු ඇත්තේ, හර්දික් පාණ්ඩ්‍යා ය.


රෝහිත් ෂර්මාගේ IPL දක්ෂතා
 
IPL තරග 202කට සහභාගි වී ඇති රෝහිත් ෂර්මා ලකුණු 5159ක් රැස් කර තිබේ.

තරග 168කදී මුම්බායි කණ්ඩායමට නායකත්වය දී ඇති ඔහු ඉන් තරග 91ක් ජයග්‍රහණය කර ඇත.

(BBC සිංහල සේවය)
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...