The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL ක්‍රීඩක වෙන්දේසිය 2025 : වනිදු සහ මහීෂ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

T

The Leader Desk

November 25, 2024 • 4:27 AM

IPL ක්‍රීඩක වෙන්දේසිය 2025 : වනිදු සහ මහීෂ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා ව මිලදී මිලදී ගනු ලැබීය.
  • ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 කට සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.
  • ඉන්දීය ප්‍රිමියර් ලීග් 18 වන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම සෞදි අරාබියේ රියාද් නුවරදී ඊයේ (නොවැම්බර් මස 24) ආරම්භ විය.
  • වැඩිම මිලකට වෙන්දේසි වූ ක්‍රීඩකයින් 05 දෙනා කවුද?
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා ව මිලදී මිලදී ගනු ලැබීය.

ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 කට සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.


ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය වන ඊයේ, IPL තරග වෙන්දේසියේ වාර්තා අලුත් කරමින් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් කටයුතු කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 18 වන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම සෞදි අරාබියේ රියාද් නුවරදී ඊයේ (නොවැම්බර් මස 24) ආරම්භ විය.

2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ.

වැඩිම මිලකට වෙන්දේසි වූ ක්‍රීඩකයින් 05 දෙනා කවුද?

IPL තරග ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 කට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කරනු ලැබීය.


ඔහුගෙන් අනතුරුව වැඩිම මිලකට අලෙවි වූ දෙවන ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දීය රුපියල් කෝටි 26.75 කට ශ්‍රෙයාස් අයියර් අලෙවි වූ අතර ඔහුව මිලදී ගනු ලැබුවේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 23.75 කට වෙන්කටේෂ් අයියර් මිලදී ගනු ලැබීය.

පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 18 කට අර්ෂදීප් සිං සහ දඟ පන්දු ක්‍රීඩක යුස්වෙන්ද්‍ර චාහල් ද මිලදී ගැනීමට සමත් විය.

මේ දක්වා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඕස්ට්‍රේලියාවේ ඩේව්ඩ් වෝනර්, එංගලන්ත ක්‍රීඩක ජොනි බේයාර්ස්ටෝ මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ලංසු ඉදිරිපත් නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.




වෙන්දේසිය සඳහා එක්වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.

එලෙස ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටිය ද මෙවර තරගාවලිය සඳහා වෙන්දෙසියේදී තෝරා ගනු ලබන්නේ, ක්‍රීඩකයින් 204 දෙනෙකු පමණක් වන අතර ඒ අතරින් තෝරා ගැනෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 70 දෙනෙකි.


henri  ඉන්දීය රුපියල් කෝටි 23ක මිලකට රඳවා ගත් දකුණු අප්‍රිකාවේ ප්‍රවේගකාරී පිතිකරු හෙන්රි ක්ලාසන්

වැඩිම මිලක් ගෙවා රඳවා ගත් ක්‍රීඩකයින් කවුද ?

2024 IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගෙන් 2025 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට ලබාදුන් අවසරය අනුව කණ්ඩායම් විසින් ඉහළ මිලක් ගෙවා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් රඳවා ගෙන තිබේ.

එහිදී මෙවර වැඩිම මිලක් ගෙවා රඳවා ගත් ක්‍රීඩකයා වුයේ ඉන්දීය රුපියල් කෝටි 23ක මිලක් නියම වූ දකුණු අප්‍රිකාවේ ප්‍රවේගකාරී පිතිකරු හෙන්රි ක්ලාසන් ය.


2025 තරගාවලිය සඳහා ඔහුගේ සේවය ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කර ඇත.

ඉන්දීය රුපියල් කෝටි 21ක් ගෙවමින් සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇත.


බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ඉන්දීය රුපියල් කෝටි 18ක් ගෙවා රඳවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.


michel IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන මිචෙල් ස්ටාර්ක්

ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 05 දෙනා කවුද?

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පැවති ක්‍රීඩක වෙන්දේසි කිරීම්වලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 05 දෙනාගෙන් පළමු ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියාවේ වේග පන්දු ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ය.

2024 IPL තරගවාරය වෙනුවෙන් ඔහුව ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගැනීමට කණ්ඩායම් අතර ප්‍රබල උනන්දුවක් පැවති අතර අවසානයේදී ඔහුව ඉන්දීය රුපියල් කෝටි 24.75 කට මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

 

එම වසරේ පැවති IPL තරගවාරය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.

2023 වසරේ පැවති IPL තරගවාරය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5 කට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කරන ලදී.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් 2023 IPL තරගාවාරය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 17.5 කට මිලදී ගත් අතර IPL ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ සිව්වන ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

2023 තරගවාරය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 16.25 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්, වැඩිම මිලකට අලෙවි වූ පස්වන ක්‍රීඩකයා වේ.


koli IPL ඉතිහාසයේ වැඩිම වාර ගණනක් රඳවා ගනු ලැබූ ක්‍රීඩකයා වන්නේ විරාට් කෝලි ය

කණ්ඩායමක් වැඩිම වාර ගණනක් රඳවා ගත් ක්‍රීඩකයින්

IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වැඩිම වාර ගණනක් රඳවා ගත් ක්‍රීඩකයින් අතරින් පෙරමුණේ පසුවන ක්‍රීඩකයා වන්නේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ හිටපු නායකා විරාට් කෝලි යි.


ඔහු 2008 වසරේ සිට 2024 දක්වා සියලුම IPL තරගවාර 16 දී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම මගින් රඳවා ගනු ලැබීය.

මහේන්ද්‍ර සිං දෝනි:

ඔහු 2008 වසරේ සිට 2015 දක්වාත්, ඉන් පසුව 2018 වසරේ සිට 2024 දක්වා පුරා අවස්ථා 14 කදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මගින් රඳවා ගනු ලැබීය.
ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි කණ්ඩායම අවස්ථා 05 කදී IPL ශුරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය.

රෝහිත් ෂර්මා:

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිටපු නායකයා වන රෝහිත් ෂර්මා, 2011 වසරේ සිට මේ දක්වා එම කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
ඔහුගේ නායකත්වය යටතේ මුම්බායි කණ්ඩායම අවස්ථා 05 කදී IPL ශුරතාව ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

IPL ක්‍රීඩක වෙන්දේසිය 2025 : වනිදු සහ මහීෂ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට | The Leader