The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කෝලිගේ සුපිරි ඉනිම බැංගලෝරයට දෙවැනි IPL කිරුළත් ගෙනෙයි: ගුජරාට් ටයිටන්ස් අනුශූරතාවයෙන් සැනසෙයි!

T

The Leader Desk

June 1, 2026 • 8:10 AM

කෝලිගේ සුපිරි ඉනිම බැංගලෝරයට දෙවැනි IPL කිරුළත් ගෙනෙයි: ගුජරාට් ටයිටන්ස් අනුශූරතාවයෙන් සැනසෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව ධනවත්ම සහ වඩාත්ම තරගකාරී පන්දුවාර 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රීමියර් ලීග් (IPL) 2026 තරගාවලියේ මහා අවසාන මහා තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින් තමන් සතු IPL කිරුළ සාර්ථකව ආරක්ෂා කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු (RCB) කණ්ඩායම සමත් විය.
  • ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භය සිතූ තරම් සාර්ථක නොවූයේ බැංගලෝරු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ මුල් කඩුලු 2 ලකුණු 26ක් තුළ බිඳ වැටීම හේතුවෙනි.
  • සුපිරි පිතිකරුවන් වන ෂුබ්මන් ගිල් (ලකුණු 10) සහ සයි සුදර්ශන් (ලකුණු 12) අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් සමත් වූහ.
  •   කෙසේ වෙතත්, ගුජරාට් ඉනිම සේසත් කරමින් වොෂින්ටන් සුන්දර් පන්දු 37කදී නොදැවී ලකුණු 50ක් රැස්කරමින් සටන්කාමී අර්ධ ශතකයක් වාර්තා කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ ඔවුන් මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම්වලට පසුව IPL ඉතිහාසයේ පිට පිටම දෙවරක් ශූරතාවය දිනාගත් තෙවැනි කණ්ඩායම බවට පත්විය.  

f343

 

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භය සිතූ තරම් සාර්ථක නොවූයේ බැංගලෝරු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ මුල් කඩුලු 2 ලකුණු 26ක් තුළ බිඳ වැටීම හේතුවෙනි. සුපිරි පිතිකරුවන් වන ෂුබ්මන් ගිල් (ලකුණු 10) සහ සයි සුදර්ශන් (ලකුණු 12) අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් සමත් වූහ.

 

f68kr
කෙසේ වෙතත්, ගුජරාට් ඉනිම සේසත් කරමින් වොෂින්ටන් සුන්දර් පන්දු 37කදී නොදැවී ලකුණු 50ක් රැස්කරමින් සටන්කාමී අර්ධ ශතකයක් වාර්තා කළේය. නිෂාන් සින්දු ලකුණු 20ක් ලබා ගත්තේය. නියමිත පන්දුවාර 20 අවසානයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 155ක් පමණි.  

පන්දු යැවීමේදී බැංගලෝරු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රාසික් සලාම් ලකුණු 27කට කඩුලු 3ක් දවාගත් අතර, බුවනේෂ්වර් කුමාර් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 බැගින් බිඳහෙලූහ.  

 

ANI RCB win IPL upl

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ලකුණු 156ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝරු කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබාදීමට විරාත් කෝලි සහ වෙන්කටේෂ් අයියර් සමත් වූහ. වෙන්කටේෂ් අයියර් පන්දු 16කදී වේගවත් ලකුණු 32ක් රැස් කළේය. ඉන්පසු මැදපෙළ කඩුලු කිහිපයක් ඉක්මනින් දවාගනිමින් රෂීඩ් ඛාන් ගුජරාට් කණ්ඩායමට බලාපොරොත්තු ගෙන ආවද, නොසැලී පිටියේ රැඳී සිටි ප්‍රවීණ පිතිකරු විරාත් කෝලි බැංගලෝරු කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය.  

ඔහු පන්දු 42කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී විශිෂ්ට ලකුණු 75ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

ඒ අනුව පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 161ක් ලබා ගනිමින් පන්දු 12ක් ඉතිරිව තිබියදී තියුණු ජයග්‍රහණයක් සමඟින් 2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය.  

 

g5n56
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (Player of the Tournament) ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වෛභව් සූර්යවංශි තේරී පත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශූරතාවය දිනූ RCB කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20ක ත්‍යාග මුදලක් හිමි වූ අතර, අනුශූරතාවය ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 12.5ක මුදලක් හිමිවිය.  


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...