The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' - චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ

T

The Leader Desk

April 15, 2024 • 11:20 AM

IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' - චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දක්ෂ පන්දු යැවීම හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර, මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
  • චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව වන පළමු පන්දු වාර 06 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් රැස් කර ගනු ලැබීය.
  • දෙවන කඩුල්ල වෙනුවෙන් චෙන්නායි කණ්ඩායමේ නායක රුට්රාජ් ගායික්වාඩ් සහ රචීන් රවින්ද්‍ර අතර ලකුණු 52ක සබඳතාවයක් පැවතුණි.
  • ලකුණු 21ක් රැස් කරගෙන සිටියදී රචීන් රවින්ද්‍ර තරගයේ 08 වන පන්දුවාරයේදී දැවී ගියේ ෂෙරේයස් ගෝපාල්ගේ පන්දුවක් හමුවේයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ (IPL) ඊයේ (අප්‍රේල් මස 14 වෙනිදා) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 20 කින් ජයග්‍රහණය කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

මෙම තරගය පැවැත්වුනේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ දීය.

ඊයේ පැවති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඔහුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් චෙන්නායි කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට හැකිවූ අතර, මතීෂ පතිරණට තරගයේ වීරයා සම්මානය හිමිවිය.


තරගයේ දී මොකද වුණේ ?

 

කාසියේ වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාන්ඩ්යා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.


චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ඉනිමේ පවර් ප්ලේ අවස්ථාව වන පළමු පන්දු වාර 06 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් රැස් කර ගනු ලැබීය.

දෙවන කඩුල්ල වෙනුවෙන් චෙන්නායි කණ්ඩායමේ නායක රුට්රාජ් ගායික්වාඩ් සහ රචීන් රවින්ද්‍ර අතර ලකුණු 52ක සබඳතාවයක් පැවතුණි.

ලකුණු 21ක් රැස් කරගෙන සිටියදී රචීන් රවින්ද්‍ර තරගයේ 08 වන පන්දුවාරයේදී දැවී ගියේ ෂෙරේයස් ගෝපාල්ගේ පන්දුවක් හමුවේයි.

ඉන් පසුව පිටියට පිවිසි ශිවම් ඩුබේ සමග එක්වූ චෙන්නායි කණ්ඩායමේ නායකයා තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

පන්දු 40 කදී ලකුණු 69ක් රැස් කරගෙන සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක රුට්රාජ් ගායික්වාඩ් ගේ කඩුල්ල දවා ගැනීමට හර්දික් පාන්ඩ්යා සමත් විය.

ඒ වන විට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 15 යි පන්දු 2 කදී ලකුණු 150ක් ලෙසයි.

ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඩැරල් මිචෙල් ලකුණු 17 කට දැවී ගියේය.

දෝනිගේ ගිනිකෙළි සංදර්ශනය


dhoniඩැරල් මිචෙල් ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි හිටපු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි තමන් මුහුණ දුන් පළමු පන්දු තුනට හයේ පහරවල් තුනක් සමගින් ලකුණු 20ක් රැස් කළේ පන්දු 04 කට පමණක් මුහුණ දෙමිනි.

 

ඩැරල් මිචෙල් ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි හිටපු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි තමන් මුහුණ දුන් පළමු පන්දු තුනට හයේ පහරවල් තුනක් සමගින් ලකුණු 20ක් රැස් කළේ පන්දු 04 කට පමණක් මුහුණ දෙමිනි.


එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශිවම් ඩුබේ හයේ පහරවල් 02ක් සහ හතරේ පහරවල් 10ක් සමගින් පන්දු 38 කදී නොදැවී ලකුණු 66ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 04 කට ලකුණු 206ක් රැස් කිරීමට සමත්විය.

මුම්බායි පිලේ ලකුණු හඹා යාම සහ මතීෂගේ දක්ෂතාවය

ලකුණු 207ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි මුමාබායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා සහ ඉෂාන් කිෂාන් සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ගෙන එනු ලැබීය.

ඔවුන් දෙදෙනා චෙන්නායි පිලේ පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරමින් සිය ඉනිමේ පළමු පන්දු වාර 07 තුලදී ලකුණු 70ක් එක් කිරීමට සමත් විය.

චෙන්නායි පිලට කඩුල්ලක් අවශ්‍යව සිටි මොහොතේ දි ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ ලකුණු 23ක් රැස් කරගෙන සිටි ඉෂාන් කිෂාන් දවා ගැනීමට සමත් විය.

නැවත වරක් ක්‍රියාත්මක වූ මතීෂ පතීරණ මුම්බායි කණ්ඩායම් ප්‍රවේගකාරී පිතිකරු වන සුර්යකුමාර් යාදෙව් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනු ලැබුවේය.


ඒ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 7 යි පන්දු 3 කදී ලකුණු 70 කට කඩුලු 02ක් ලෙසයි.

image4
ඉක්මන් කඩුලු දෙකක් දැවි යාමෙන් අනතුරුව රෝහිත් ෂර්මා සහ තිලක් වර්මා එක්වී තෙවන කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ 14 වන පන්දු වාරය ක්‍රියාත්මක කළ මතීෂ පතිරණ ලකුණු 31ක් රැස් කරගෙන සිටි තිලක් වර්මාගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

ඒ වන විට මුම්බායි පිලේ ලකුණු පුවරුව සටහන් වුයේ පන්දු වාර 13 යි පන්දු 5 කදී ලකුණු 130 කට කඩුලු 03ක් ලෙසයි.

මුම්බායි නායක හර්දික් පාන්ඩ්යා ලකුණු දෙකකට දවා ගැනීමට තුෂාර් දේශ්පාන්ඩේ සමත් වූ අතර, ටිම් ඩේවිඩ් ලකුණු 13 කට දවා ගැනීමට මුස්ටාෆිසුර් රෙහෙමාන් සමත් විය.

නැවත වරක් ක්‍රියාත්මක වූ මතීෂ පතිරණ විසින් රොමාරියෝ ෂෙපර්ඩ් එක් ලකුණකට දවා ගනු ලැබිය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක නිරතවූ රෝහිත් ෂර්මා පන්දු 63 කදී නොදැවී ලකුණු 105ක් රැස් කර ගන්නා ලදී.

සිය නියමිත පන්දු වාර 20 අවසානයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 186ක් රැස් කර ගනු ලැබීය.

ඒ අනුව මුම්බායි කණ්ඩායම සමග පැවති තරගය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 20කින් ජය ගැනීමට සමත් විය.

 
මතීෂට ලැබුණු පැසසුම්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනකු ගේ කඩුලු දවා ගත් මතීෂ පතිරණ පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් සිය X ගිණුමේ සටහනක් තබමින් මෙලෙස සඳහන් කර තිබුණි.

" මතීෂගේ දක්ෂ පන්දු යැවීමක්, මෙම ක්‍රීඩා පිටියේ ලකුණු ලබා ගැනීම අවහිර කිරීම පහසු නැහැ." යනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් එහි සටහනක් තබා ඇත.


image1

 

තරගයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක රුට්රාජ් ගායික්වාඩ් මතීෂගේ දක්ෂතාවය ගැන ඉහලින් කතා කළේය.

"අපේ මාලිංග ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ වගේම හොඳ යෝකර් පන්දු කිහිපයක්ම යොමු කළා. ඒ පන්දු යැවීම අමතක වෙන්නේ නැහැ." චෙන්නායි කණ්ඩායමේ නායකයා කියා සිටියේය.


මතීෂ තරගයෙන් පසු කියූ දේ

ලකුණු 28 කට කඩුලු 04ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත් මතීෂ පතිරණ කියා සිටියේ තමන් කැළඹීමට පත්ව සිටියත් හොඳින් පන්දු යැවීමට කටයුතු කළ බවය.

image 3

" අපේ පවර් ප්ලේ අවස්ථාවේදී පන්දු යවන අවස්ථාවේදී මම කැළඹීමකට පත්වෙලා හිටියේ."

"ඉන්පසුව මම මගේ සාමාන්‍ය ආකාරයෙන් පන්දු යැවීම සිදුකරන ආකාරය ගැන අවධානය යොමු කළා." ඔහු පැවසුවේය.


(BBC සිංහල සේවය) 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

IPL : 'අපේ මාලිංග හොඳින් පන්දු යැව්වා' - චෙන්නායි පිලට ජය ගෙනා මතීෂ පතිරණ | The Leader