The Leader News
BREAKING
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්●
Top Ad
ක්‍රීඩා

සන්රයිසස් හයිද්‍රාබාද් : IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා

T

The Leader Desk

April 16, 2024 • 9:23 AM

සන්රයිසස් හයිද්‍රාබාද් : IPL පිටියේදී යළි අලුත් කළ වාර්තා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ට්‍රැවිස් හෙඩ් පන්දු 41 කින් ලකුණු 102ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 09ක් ඇතුලත් විය.
  • ඊයේ පැවති එම තරගය ලකුණු 25 කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණි.
  • හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් සිය X ගිණුමේ සටහනක් තබමින් ඊයේ පැවති මෙම IPL තරගය හඳුන්වා දී තිබුනේ දෙපිලේම පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක හැකියාව පෙන්නුම් කළ තරගයක් බවයි.
  • IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වූණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නැවත වරක් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ කණ්ඩායම බවට තමන් විසින් පෙර තබා තිබු වාර්තාව බිඳ හෙලීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ ( අප්‍රේල් මස 15 වෙනිදා) සමත් විය.

 

ඒ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව චෙන්නායි හි පැවති තරගයේදීයි.

ඊයේ පැවති එම තරගය ලකුණු 25 කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණි.

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් සිය X ගිණුමේ සටහනක් තබමින් ඊයේ පැවති මෙම IPL තරගය හඳුන්වා දී තිබුනේ දෙපිලේම පිතිකරුවන්ගේ ප්‍රහාරාත්මක හැකියාව පෙන්නුම් කළ තරගයක් බවයි.

 

sachint
අලුත් කළ IPL වාර්තාව

සන්රයිසස් හයිද්‍රාබාද් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ ( අප්‍රේල් මස 15 වෙනිදා) පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තම පන්දු වාර 20 අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 287ක් වාර්තා කිරීමට සමත් විය.

IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වූණි.

ඒ මීට පෙර මෙවර තරගාවලියේදීම සන්රයිසස් කණ්ඩායම විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 277/3 වාර්තාව බිඳ හෙලමින් වීම විශේෂත්වයක්.

සන්රයිසස් කණ්ඩායමේ සුපිරි පිතිකරුවා

2023 ලෝක කුසලාන අවසන් මහ තරගය ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණය කරදුන් ට්‍රැවිස් හෙඩ් ඊයේ පැවති තරගයේදී සිය මංගල IPL ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඔහු ඊට වැය කළේ පන්දු 39ක් පමණක් වූ අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ සිව්වන වේගවත් ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.

ට්‍රැවිස් හෙඩ් පන්දු 41 කින් ලකුණු 102ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 09ක් ඇතුලත් විය.

ට්‍රැවිස් හෙඩ් විසින් ලබාදුන් ප්‍රවේගකාරී ආරම්භය අඛණ්ඩව පවත්වා ගනිමින් හෙන්රි ක්ලාසන් ද පන්දු 31 කදී ලකුණු 67ක් රැස් කරනු ලැබීය.

සන්රයිසස් පිලේ මැදපෙළ පිතිකරුවන් වූ ඒඩ්න් මාක්ක්‍රම් සහ අබ්දුල් සමාඩ් අවසන් පන්දු වාර 03 තුළදී ලකුණු 56ක් එක් කරමින් සිය කණ්ඩායම වාර්තාගත ලකුණු 287 කරා රැගෙන යෑමට සමත් විය.

 

ipl rt5
නොදෙවැනි වූ සුපිරි හඹා යෑම

 

ipl 856gf
IPL ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසුණු රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය විසින් සිය කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන්නේ චෙන්නායි හි පිහිටි එම්. චීන්නස්වාමි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්ය.

විරාත් කෝලි සහ ෆැෆ් ඩු ප්ලේසිස් විසින් පන්දු වාර 6.2 කදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 80ක් කරා රැගෙන යෑමට සමත් විය.

කෙසේ වුවත් විරාත් කෝලි පන්දු 20 කදී ලකුණු 42ක් රැස් කරමින් සිටියදී දැවී ගිය අතර ෆැෆ් ඩු ප්ලේසිස් පන්දු 28කට ලකුණු 62ක් රැස් කරගෙන සිටියදී දවා ගියේ රෝයල් චැලෙන්ජර්ස් ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු සුන් කරමිනි.

මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වුවත් රෝයල් චැලෙන්ජර්ස් ඉනිමට නව ජීවයක් ගෙන දුන් දිනේෂ් කාර්තික් විසින් පන්දු 35ක් තුළදී වේගවත් ලකුණු 83ක් රැස් කිරීමට සමත් විය.

ඔහුගේ ඉනිමට හයේ පහරවල් 07ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුලත් වුණි.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත් විය.

දින නියමයක් නොමැතිව IPL පිටියෙන් බැහැරවූ ප්‍රබල ක්‍රීඩකයා


මේ අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වූ සුපිරි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් තමන් IPL තරගාවලියෙන් විවේකයක් ගැනීමට තීරණය කළ බවට දැනුම් දී සිටියේය.

ඔහු මෙවර IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබයි.

මෙවර IPL තරගාවලියේදී දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් බොහෝ විවේචනවලට ලක් වූ මැක්ස්වෙල් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ඊයේ (අප්‍රේල් 15 වෙනිදා) පැවති තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට විල් ජැක්ස් කණ්ඩායමට ඇතුළත් විය.

මාධ්‍ය හමුවේදී මැක්ස්වෙල් කියා සිටියේ තමන් මේ වන විට හොඳ ‘මානසික හා ශාරීරික අවකාශයක’ නොසිටින බවයි.

ඒ නිසා විවේකයක් ගන්න තීරණය කළ බව ඔහු කියා සිටියේය.
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...