The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

IPL සහභාගිත්වයට අවසර ලැබෙන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන ක්‍රීඩකයින්ට පමණයි - SLC

T

The Leader Desk

March 21, 2026 • 3:30 PM

IPL සහභාගිත්වයට අවසර ලැබෙන්නේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වන ක්‍රීඩකයින්ට පමණයි - SLC

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ඉන්දියා ප්‍රිමිය ලීග් (IPL) තරගාවලියට සහභාගි විය හැක්කේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සාර්ථකව සමත් වන
  • මෙහි අරමුණ වී තිබෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියන්ට සූදානම් වීම සඳහා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා ප්‍රමිතිය වැඩි කිරීමයි.
  • (සටහන : වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com    
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩකයින්ට පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සිය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සාර්ථකව සම්පූර්ණ කළ දුශ්මන්ත චමීර, පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් යන ක්‍රීඩකයින්ට IPL තරගාවලියට සහභාගි වීමට අවසර ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල ජාතික වශයෙන් කොන්ත්‍රාත්ගතව සිටින සියලුම ක්‍රීඩකයින් සඳහා සති අටක විශේෂ ශාරීරික පුහුණු වැඩසටහනක් හා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කරන වැඩසටහනක් පවත්වා ගෙන යනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලියන්ට සූදානම් වීම සඳහා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා ප්‍රමිතිය වැඩි කිරීමයි. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අනිවාර්ය කර තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය IPL තරගාවලියට සහභාගි වීම පිණිස ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන ක්‍රීඩකයින්ට ඒ සඳහා ආයතනයේ විරුද්ධත්වයක් නැති බවට සහතිකයක් (NOC) නිකුත් කරන්නේ ඔවුන් එම පරීක්ෂණවලින් සාර්ථකව සමත් වුවහොත් පමණක් බවට ඊයේ නිවේදනය කළා.

ඒ අනුව, NOCයක් සඳහා නුවන් තුෂාරගේ සුදුසුකම ඔහුගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිඵලය මත රැඳී තිබෙන අතර IPL තරගාවලියට සහභාගි වීමට අනුමැතිය ඉල්ලා තිබෙන වනිඳු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ තවමත් ඔවුන්ගේ ආබාධවලින් සුවය ලැබීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියක නිරතව සිටින බැවින් මෙතෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලට සහභාගි වී නැහැ. ‌මේ ක්‍රීඩකයින් යළි ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් පසුව එම පරීක්ෂණවලට මුහුණ දීමට නියමිතයි.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

fuel 1

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...