The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

Karma Fight League: ලංකාවේ කුමාරි ඉන්දියාවේ ගයාරි පරාජය කරයි

T

The Leader Desk

April 3, 2024 • 3:44 PM

Karma Fight League: ලංකාවේ කුමාරි ඉන්දියාවේ ගයාරි පරාජය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ K-1 සුපිරි ක්‍රීඩිකාව වන Kaberi Gayari පරාජය කර KFL 002 අපරාජිත ශූරිය ලෙස තවදුරටත් රැඳී සිටීමට
  • මේ රාත්‍රියේදී නිමේෂා කුමාරි නැවත වරක් ඔප්පු කළේ තමා දකුණු ආසියානු කලාපයේ සිටින එක් දක්ෂතම කික්බොක්සිං ක්‍රීඩිකාවක් බව.
  • ඇය තමාගේ අපරාජිත බව දිගටම රැකගත්තේ Gayari ට එරෙහිව තමාගේ නොනවතින තාක්ෂණය හා බලය ප්‍රදර්ශනය කරමින්.
  • “ඇය පා පහර සහ මුෂ්ටි ප්‍රහාර එල්ල කළ ආකාරය දැකීමෙන් මගේ දුවලාටත් ඒ සටන ගැන උනන්දුවක් ඇතිවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිමේෂා කුමාරි සමත් වුනා.

02 KFL 3
අබාන්ස් ආයතනයේ බලගැන්වීමෙන් කොළඹ The Taprobane හි මාර්තු 30 වැනිදා පැවත්වුනේ ශ්‍රී ලංකාවේ ප්‍රථම K-1 විවෘත බර ශූරතාවලිය ද ඇතුළත් තියුණු කික්බොක්සිං සටන් රාත්‍රියක්.

මේ රාත්‍රියේදී නිමේෂා කුමාරි නැවත වරක් ඔප්පු කළේ තමා දකුණු ආසියානු කලාපයේ සිටින එක් දක්ෂතම කික්බොක්සිං ක්‍රීඩිකාවක් බව. ඇය තමාගේ අපරාජිත බව දිගටම රැකගත්තේ Gayari ට එරෙහිව තමාගේ නොනවතින තාක්ෂණය හා බලය ප්‍රදර්ශනය කරමින්.

02 KFL 6


“මේ ගමන ඒමට මට උදව් කළ මගේ පුහුණුකරු ජමිත බණ්ඩාර සහ මගේ කණ්ඩායම් සගයන් වන ඉසුරු ඩිල්හාර හා අනෙකුත් අයට මම ස්තූතිවන්ත වෙනවා” යැයි ජයග්‍රහණයෙන් පසුව කුමාරි කියා සිටියා.


හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන චමින්ද වාස් ද, තිලකරත්න ඩිල්ෂාන් සහ ඔහුගේ පවුල ද,  ශ්‍රී ලංකාවේ ඉහළ ම පෙලේ සිටින කික්බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ශිල්ප දක්වන ආකාරය දැක ගැනීම පිණිස පැමිණ සිටියා.

නිමේෂා කුමාරිගේ දස්කම් දැකීමෙන් පසුව ඩිල්ෂාන් මෙසේ කියා සිටියා.

02 KFL 5


“ඇය පා පහර සහ මුෂ්ටි ප්‍රහාර එල්ල කළ ආකාරය දැකීමෙන් මගේ දුවලාටත් ඒ සටන ගැන උනන්දුවක් ඇතිවුනා. ඇය මේ ක්‍රීඩාවේ හොඳ ලාංජන තානාපති කෙනෙක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩාවටත් ඉතාමත් හොඳ ලාංජන තානාපතිනියක් වේවි කියා මම හිතනවා. කාන්තාවන් වැඩි දෙනෙක් ඇය අනුගමනය කළ යුතු වන්නේ එක රැයකින් ඇය අනෙක් මිනිසුන් බලගැන්වූ නිසා. ඇය සටන් කළ විලාශය දැකීමෙන් මට නියම ආඩම්බරයක් ඇතිවුනා.”

“මෙවැනි අලුත් අභියෝගාත්මක ක්‍රීඩා රට ට අවශ්‍යයි. ක්‍රීඩාව හා සහජ කුසලතා වැඩිදියුණු කිරීමට මේ ආකාරයේ නව ආරම්භයන් උවමනා කරනවා.”

 

 

මේ සටන් රාත්‍රිය Prelim තරගවලින් ආරම්භ වුනේ තරගකරුවන් දහ දෙනෙකුගේ සහභාගිත්වයෙන්.

පළමු සටනේදී, ‘ෆැල්කන්’ පද්මසිරි අභිබවා යාමට ඉසුරු ඩිල්හාර සමත් වුනා. මේ ක්‍රීඩකයන් දෙදෙනා වසර දෙකක් තිස්සේ ජාතික Muay Thai සටන් ක්‍රීඩා සංචිතයේ සගයන්.

03 KFL 1

 

“මගේ එක ම ඉලක්කය මගේ ජීවිතය හසුරුවා ගෙන, නොකඩවා පුහුණුවීම් කර මගේ මව්බිම නියෝජනය කරන පුරාවෘත්ත සටන්කරුවෙක් වෙන්නයි” ඩිල්හාර මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.


දෙවැනි සටන බොහෝ ක්‍රීඩා ලෝලීන්ට පුදුමය ගෙන දුන්නේ ජෝජියාවේ ක්‍රීඩක Saba Galantia විසින් සහන් තිසරංග ක්‍රීඩකයා බිම හෙලා පිරිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීම හේතුවෙන්.

03 KFL 3
ඩිල්ෂාන් ප්‍රියවධන තෙවැනි තරගයේදී ප්‍රබල උත්සාහයකින් පසුව ඉසුරු ප්‍රභාතිය පැරදවීමට සමත් වුනා.

sgfsg
සිවුවැනි සටන කොළඹ ක්‍රීඩා ලෝලීන් කලක සිට බලාපොරොත්තුවෙන් සිටි තරගයක්. Urban Clash ලෙසින් හැඳින්වුනු මේ තරගය ඩිල්ශාන් ශ්‍රීස්කන්දරාජා සහ ජානුක ‘Hound’ රණවීර අතර ඉහළ ම තාක්ෂණයෙන් පිරුණු ඉසව්වක් වුනා. Vanquish Muay Thai සමාජය නියෝජනය කළ ඩිල්ශාන් තරග වළල්ලේ සීමා ලණුවලට ප්‍රතිවාදියා හිරකළත්, ඉන් මිදී වළල්ල මැදට පැමිණ සටන තමාගේ වාසියට හරවා ගැනීමට ජානුක සමත් වුනා. අවසානයේ, Team Shed හි ජානුක තරගයේ මැදදී ඔහුගේ උපක්‍රම යෝග්‍ය පරිදි සකස් කරගෙන සටන් වැද ජයග්‍රාහකයා වුනා.

03 KFL 2
“මගේ ක්‍රීඩාව පිළිවෙලකට සකස් කිරීම මගේ සටන් විලාශය යි” ජානුක තරගයෙන් පසුව ප්‍රකාශ කළා. “තරගය මැදදී ප්‍රතිවාදියාගේ ක්‍රීඩා විලාශය අනුව මම මගේ සටන හරිගස්සනවා. ඔවුන් තරග සැලැස්මක් ඇතුව ආවත් මම මගේ ක්‍රමය ඊට ගළප ගන්නවා.”


“KFL විසින් නිර්මාණය කර තිබෙන වේදිකාව හරහා දිනෙක ජාත්‍යන්තර වෘත්තීය සටන්වල තරග කරන්නයි මගේ අපේක්ෂාව.”


ප්‍රථම වතාවට K-1 නීති යටතේ පැවති විවෘත බර ශූරතාවලිය (Open Weight Championship) අමතක නොවන්නක් බවට පත්වුනා.

පළමු තරගයේදී, සිල්වෙස්ට සිල්වා පසුගිය පසුබෑම්වලින් පසුව නැවත තරග බිමට අවතීර්ණ වෙමින් ශ්‍රීමාල් රොඩ්රිගෝ පැරදවූවා. දෙවැනි තරගයේදී ලක්සිරි සිල්වා මුලින් අත්විඳින්නට සිදුවූ අසීරුතාවන් අභිබවා යමින් විස්මිත විලසින් තෙවැනි වටයේදී හේෂාන් බෙන්ජමින් පරාජය කළා.

ගිහාන් ‘Sonic’ ප්‍රසන්න විසින් ලහිරු සඳරුවන් පැරදවූයේ නරඹන්නන් කුල්මත් කරමින්. ගිහාන් තරග බිමට පිවිසියේ මෝටර් බයිසිකලයකින්. ඔහු නරඹන්නන් විනෝදයට පත්කළේ මෝටර් බයිසිකල්වලට ඔහුගේ තිබෙන පිස්සු ආශාව ප්‍රදර්ශනය කරමින්.

කෙසේ වෙතත්, මේ රාත්‍රියේ වඩාත්ම අනපේක්ෂිත සිදුවීම වුනේ පළපුරුදු ක්‍රීඩක මලින්ද ‘Boyka’ අමරසිංහ ජෝජියාවේ Tazo Subitidzeගෙන් පහර කා බිම ඇද වැටීම.


සටන් ක්‍රීඩා තරගාවලියන් ශ්‍රී ලංකාවේ කවදත් තිබූ බව KFL ප්‍රවර්ධන අධ්‍යක්ෂ Shyam Impett මෙහිදී සඳහන් කළා. “කෙසේ වෙතත්, KFLවල ඉන්න අපි කළේ තිබුනු දේ අරගෙන එය නැවත සකස් කර, නැවත ලාංජනගත කර එය Karma Fight League ස්වරූපයෙන් ඔබ වෙත ගෙන ඒමයි. අපි ලෝකයට විස්මිත සටන්කරුවන්ගේ උරුමයක් ඉතිරි කරනවා.”

KFL 30 Night


මෙවැනි උසස් මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව සංවිධායකයන්ට සුභ පැතූ ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා, මෙය තමා පෞද්ගලිකව මැදිහත් වී දියුණු කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩාවක් බවට අවධාරණය කළා.



සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :
Karma Fight League: අපරාජිත කුමාරිට අභියෝග කරන්න Kaberi ඉන්දියානු ශූරිය ලංකාවට ඇවිත්

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...