The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Karma Fight League සටන් ක්‍රීඩා තරගාවලිය අගෝ. 26 රාත්‍රී

T

The Leader Desk

August 13, 2023 • 5:40 AM

Karma Fight League සටන් ක්‍රීඩා තරගාවලිය අගෝ. 26 රාත්‍රී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) තව නොබෝ
  • කරාටේ, මුආයි තායි (Muay Thai) සහ බොක්සිං යන සටන් සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් වන K1 සටන් ක්‍රමයට අදාල නීති ඔස්සේ ක්‍රියාත්මක වන මෙම තරඟාවලිය මෙරට පළමු K1 සඳහාම වෙන්වූ  තරගාවලියයි.
  • KFL සටන් ලීගය තුළින් මෙරට නිර්මාණය වන ජාත්‍යන්තර සටන් වේදිකාව, මෙරට සටන්කරුවන්ට ජාත්‍යන්තර සටන්කරුවන් සමඟ උරෙන් උර සටන් කිරීමට අවස්ථාව හිමිවන අතර ඒ ඔස්සේ ඔවුන්ට ජාත්‍යන්තර ලීග් සටන් තරඟාවලි සදහාත් එක්වීමේ අඩිතාලම නිර්මාණය වෙනවා.
  • තායිලන්තය තුල දැනටමත් අතිශය ප්‍රචලිත මෙම සටන් කලාව ආශ්‍රිත ලිග් තරඟාවලි ඔස්සේ විශාල සංචාරක ආකර්ෂණයක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව මෙරට තුලද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනීමට KFL සටන් ලීගය තුලින්  මහඟු අවස්ථාවක් උදා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දිනකින් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්.

කරාටේ, මුආයි තායි (Muay Thai) සහ බොක්සිං යන සටන් සම්ප්‍රදායන්ගේ සම්මිශ්‍රණයක් වන K1 සටන් ක්‍රමයට අදාල නීති ඔස්සේ ක්‍රියාත්මක වන මෙම තරඟාවලිය මෙරට පළමු K1 සඳහාම වෙන්වූ  තරගාවලියයි.

කොළඹ සහ මහනුවර නගර කේන්ද්‍රකර ගනිමින් මෙරට තුළ 10,000කට අධික සටන්කරුවන් විහිදී සිටින නමුත්, ඔවුන්ට සිය කුසලතා ප්‍රදර්ශනය කරමින් ඉදිරියට යාමට මෙතෙක් මෙරට තුළ  නිසි වේදිකාවක් නිර්මාණය නොවූ අතර එම අඩුව සම්පූර්ණ කරමින් මෙරට නිර්මාණය වන  එකම ජාත්‍යන්තර වේදිකාව ලෙස KFL නම් කළ හැකියි.

All Fight System Organization හි  නියාමනය යටතේ මෙරට ක්‍රියාත්මක වන AFSO Sri Lanka මගින්  මෙම  KFL තරඟාවලි‍ය පූර්ණ අධීක්ෂණය සිදු කෙරේ.

KFL සටන් ලීගයේ සුවිශේෂීම කාරණාව වන්නේ මෙරට සටන් ක්‍රීඩා ඉතිහාසයේ පිරිනැමෙන දැවැන්තම ත්‍යාග මුදල් සම්භාරය (prize pool) KFL ඔස්සේ පිරිනැමීමයි.

PHOTO 2023 08 13 10 43 50
PHOTO 2023 08 13 10 44 31
KFL සටන් ලීගය තුළින් මෙරට නිර්මාණය වන ජාත්‍යන්තර සටන් වේදිකාව, මෙරට සටන්කරුවන්ට ජාත්‍යන්තර සටන්කරුවන් සමඟ උරෙන් උර සටන් කිරීමට අවස්ථාව හිමිවන අතර ඒ ඔස්සේ ඔවුන්ට ජාත්‍යන්තර ලීග් සටන් තරඟාවලි සදහාත් එක්වීමේ අඩිතාලම නිර්මාණය වෙනවා.

තායිලන්තය තුල දැනටමත් අතිශය ප්‍රචලිත මෙම සටන් කලාව ආශ්‍රිත ලිග් තරඟාවලි ඔස්සේ විශාල සංචාරක ආකර්ෂණයක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව මෙරට තුලද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර ගැනීමට KFL සටන් ලීගය තුලින්  මහඟු අවස්ථාවක් උදා වනවා.

ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් වන KFL හි පළමු සටන් රාත්‍රිය එළඹෙන අගෝස්තු 26 වන දා කොළඹ The Taprobane හිදී පැවැත්වීමට නියමිතයි.

එවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් රාත්‍රියක අත්දැකීම විඳගන්න ක්‍රීඩාශීලී ප්‍රේක්ෂක ඔබත් සූදානම්වන්න.

{gallery}karmafighting{/gallery}


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...