The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

Karma Fight League: අපරාජිත කුමාරිට අභියෝග කරන්න Kaberi ඉන්දියානු ශූරිය ලංකාවට ඇවිත්

T

The Leader Desk

March 29, 2024 • 2:59 PM

Karma Fight League: අපරාජිත කුමාරිට අභියෝග කරන්න Kaberi ඉන්දියානු ශූරිය ලංකාවට ඇවිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Karma Fight League (KFL) 002 සටන් ක්‍රීඩා තරගාවලියේ අපරාජිත ශූරිය වන නිමේෂා කුමාරි ට
  • 2023 Kings of Kings ජාතික ශූරිය වන Kaberi හා නිමේෂා කුමාරි අතර ක්‍රීඩා ලෝලීන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වූ තරගය හෙට මාර්තු 30 වැනි දින පැවැත්වීමට නියමිතයි.
  • K-1 ශූරතාවලියේ කිරුළු ගණනාවක් හිමිකර ගෙන සිටින Kaberi දිවයිනට පැමිණ සිටින්නේ ඉන්දියා ආධුනික K-1 සම්මේලනයේ සභාපති ජොන්සන් ටිර්කී සහ ලේකම් රාජේශ් බෙන්ජමින් සමග.
  • 2019, 2020 හා 2021 වසරවල WBC කිරුළ සහ Muay Thai ජාතික ශූරතාව හිමිකර ගෙන සිටින නිමේෂා කුමාරි ශ්‍රී ලාංකික MMA හා K-1 තරග බිමේ ආධිපත්‍ය පතුරුවා සිටින තරගකාරියක්.
අකුරු ප්‍රමාණය (Font Size):

අභියෝග කිරීම පිණිස ඉන්දියානු K-1 සුපිරි තරුව වන Kaberi Gayari දැන් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

Kaberi Gayari
2023 Kings of Kings ජාතික ශූරිය වන Kaberi හා නිමේෂා කුමාරි අතර ක්‍රීඩා ලෝලීන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වූ තරගය හෙට මාර්තු 30 වැනි දින පැවැත්වීමට නියමිතයි.

K-1 ශූරතාවලියේ කිරුළු ගණනාවක් හිමිකර ගෙන සිටින Kaberi දිවයිනට පැමිණ සිටින්නේ ඉන්දියා ආධුනික K-1 සම්මේලනයේ සභාපති ජොන්සන් ටිර්කී සහ ලේකම් රාජේශ් බෙන්ජමින් සමග. මෙය දකුණු ආසියානු සටන් ක්‍රීඩාවේ ව්‍යාප්තිය සනිටුහන් කරන වැදගත් අවස්ථාවක්.

2019, 2020 හා 2021 වසරවල WBC කිරුළ සහ Muay Thai ජාතික ශූරතාව හිමිකර ගෙන සිටින නිමේෂා කුමාරි ශ්‍රී ලාංකික MMA හා K-1 තරග බිමේ ආධිපත්‍ය පතුරුවා සිටින තරගකාරියක්. කෙසේ වෙතත්, ඇය මෙවර Kaberi ට එරෙහිව මුහුණ දෙන්නේ ඇගේ ක්‍රීඩා දිවියේ ප්‍රබලතම අභියෝගයට.

අසාමාන්‍ය දක්ෂතා තිබෙන සටන්කාරියන් දෙදෙනෙකු අතර පැවැත්වෙන මේ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

KFL යනු ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධානතම K1 වෘත්තීය සටන් ලීගය යි. සටන් ක්‍රීඩාවන්ට ආදරය කරන පිරිසක් විසින් පිහිටුවා ගනු ලැබූ මේ ලීගය ශ්‍රී ලාංකික සටන් ශිල්පීන් ඉහළට ඔසවා තැබීම, ත්‍රාසජනක K1 තරගාවලියක උරුමයක් ස්ථාපිත කිරීම හා රටේ ක්‍රීඩා විනෝදයේ මුහුණුවර වෙනස් කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා.

 සටහන :

වැලිකතරේ ගිනියම් වූ පාපන්දුවෙන් මිදෙන්න දඟලන විදෙස් සුපිරි ක්‍රීඩකයෝ(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Karma Fight League: අපරාජිත කුමාරිට අභියෝග කරන්න Kaberi ඉන්දියානු ශූරිය ලංකාවට ඇවිත් | The Leader