The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
ක්‍රීඩා

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී කයා දළුවත්තගෙන් ඓතිහාසික ගොල්ෆ් පදක්කමක්

T

The Leader Desk

October 27, 2025 • 2:41 PM

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී කයා දළුවත්තගෙන් ඓතිහාසික ගොල්ෆ් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආසියානු යොවුන් ගොල්ෆ් ක්‍රීඩාවෙන් ‌ඓතිහාසික ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ගොල්ෆ් ක්‍රීඩිකා කයා දළුවත්ත
  • ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය ඉසව්ව සාර්ථකව අවසන් කළ කයා දළුවත්ත අද (27) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා.
  • බහරේනයේ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පැවති බාලිකා ගොල්ෆ් තරගාවලියේදී දළුවත්ත ලබා ගත් අවසාන ලකුණු 202 (-14) සමග ඇය ආසියාවේ දක්ෂතම තරුණ ගොල්ෆ් ක්‍රීඩිකාවන් අතරට පිවිසියා.
  • මෙය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක ගොල්ෆ් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් හිමිකර ගත් පළමු පදක්කමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සමත්ව සිටිනවා.

ඇය මේ වික්‍රමය ප්‍රදර්ශනය කළේ බහරේන් දේශයේ පැවැත්වෙන 3 වැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ (Asian Youth Games Bahrain 2025).

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිය ඉසව්ව සාර්ථකව අවසන් කළ කයා දළුවත්ත අද (27) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන් සහ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියා.

බහරේනයේ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ පැවති බාලිකා ගොල්ෆ් තරගාවලියේදී දළුවත්ත ලබා ගත් අවසාන ලකුණු 202 (-14) සමග ඇය ආසියාවේ දක්ෂතම තරුණ ගොල්ෆ් ක්‍රීඩිකාවන් අතරට පිවිසියා. මෙය ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලක ගොල්ෆ් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව මෙතෙක් හිමිකර ගත් පළමු පදක්කමයි.

මේ තරුණ ගොල්ෆ් ක්‍රීඩිකාවගේ පුහුණුකරු හා කළමනාකරු ලෙස කටයුතු කරන්නේ මෙරට ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන මිතුන් පෙරේරා.

කයා දළුවත්තගේ මේ ඓතිහාසික පදක්කම ආසියාවේ වර්ධනය වෙමින් තිබෙන ශ්‍රී ලංකා ක්‍රීඩා ලෙගසියට අලුත් පරිච්ඡේදයක් එක් කරනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

xdge44345

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...