The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීම

T

The Leader Desk

September 24, 2023 • 5:33 AM

KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීම 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් සංවිධනය වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලිය වන Karma Fight League එසේත් නැත්නම් KFL හි පළමු සටන් රාත්‍රිය පසුගියදා කොළඹ The Taprobane හිදී පැවැත්වුනා.
  • මෙම තරඟය තුළ දෙදෙනාගෙන්ම සියලු තාක්ෂණයෙන් අනූන උද්වේගකර සටනක ආස්වාදය විදින්නට ප්‍රේක්ෂකයනට අවස්ථාව හිමි වුණා.  කෙසේ වෙතත් අවසානයේ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාවේ Kumudu Prasanna ට තරඟයේ ජය හිමි වුණා.
  • එහිදී තියුණු සටනකින් අනතුරුව Brian “The Iron” Choltan පරාජය කරමින් Gevin “The Berserker” Linden ට තරඟයේ ජය හිමි කර දෙමින් KFL හි පළමු සටන් රාත්‍රිය එලෙස නිමාවට පත් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


Screenshot 2023 09 24 at 10.21.51
දැවැන්ත ප්‍රේක්ෂකය ප්‍රතිචාර මැද එදින රාත්‍රියේ පළමු සටන ලෙස Kavindu “Phoenix” Rasanjaya සහ  “Dreamer” Gayan Pradeep  අතර සටන  ආරම්භ වුණා.

ආරම්බයේ සිටම ඉතා ජවසම්පන්න තරඟයක් වූ මෙහි සටන කරුවන් වේගවත් ප්‍රහාර රැසක් හුවමාරු කර ගත්තා.

Screenshot 2023 09 24 at 10.23.10
තරඟයේ එක අවස්ථාවක Kavindu “Phoenix” Rasanjaya එල්ල කළ පහරකින්   “Dreamer” Gayan Pradeep ''Knockout'' වීමට ලක් වීමත් සමඟ Kavindu “Phoenix” Rasanjaya ට තරඟයේ ජය හිමි වුණා. 

kfl 1
කාන්තා අංශයේ සටන් ආරම්භ කරමින් ප්‍රථමයෙන් සටන් වළල්ලට පිවිසියේ Pavani “Yukio” De Lanka සහ  Divya “Chaos Pixie දෙපලයි. 

Screenshot 2023 09 24 at 10.29.58
ආරම්භයේ සිටම දැඩි ප්‍රහාරයක නිරත් වූ Divya “Chaos Pixie ට තරඟයේ ජයග්‍රහණය හිමි වුණා.

Screenshot 2023 09 24 at 10.32.08
තරඟ අතරතුර පැවති විවිධ සංගීතමය (DJ ) විශේෂාංග KFL හි පළමු සටන් රාත්‍රිය නරඹන්නට පැමිණි ප්‍රේක්ෂකයන්ට  වෙනස්ම අත්දැකීමක් එක් කරන්නට සමත් වුණා. 

Screenshot 2023 09 24 at 10.33.29
Screenshot 2023 09 24 at 10.33.54
තෙවැනි තරඟය ලෙස ආරම්භ වුයේ Gihan “Sonic” Prasanna සහ “CJ” Christine Jayasath අතර තරඟයයි, සටන්කරුවන් දෙදෙනාම කරට කර සටනක් තරඟ වට 3 පුරාවටම ලබා දුන්නේ ප්‍රේක්ෂකයන්ට අමතක නොවන සටනක ආස්වාදයක් ලබා දෙමින්.

Screenshot 2023 09 24 at 10.35.37
Gihan “Sonic” Prasanna විනිසුරු තීරණය අනුව තරඟයේ ජයග්‍රහණය හිමි වුණා. 

Screenshot 2023 09 24 at 10.36.31
අනතුරුව Hasith “Blaze” Madushanka සහ  Mohammed “Shakir” අතර තරගය ආරම්හ වුණා 

Screenshot 2023 09 24 at 10.38.17Screenshot 2023 09 24 at 10.38.54
Hasith “Blaze” Madushanka තරගයේ මුල සිටම හොද ප්‍රහාරයක් දියත් කලත් අනපේක්ෂිත මොහොතක Mohammed “Shakir” එල්ල කළ දරුණු  පහරක් හේතුවෙන් referee විසින් තරගය නතර කිරීමත් සමඟ තරඟයේ ජය හිමි වුණේ  Mohammed “Shakir” ටයි.

Screenshot 2023 09 24 at 10.40.36Screenshot 2023 09 24 at 10.42.00
KFL හි සටන් රාත්‍රියේ උද්වේගකරම තරඟ වන Main Events  ආරම්භ වුණේ ඉන් අනතුරුවයි 

ඒ යටතේ ප්‍රථමයෙන් සටන් බිමට පිවිසියේ Hansana “Bubbles” Balasuriya සහ The Undefeated Nimesha Kumari දෙපළයි 

Screenshot 2023 09 24 at 10.43.18
ඉතා තීරණාත්මක මෙන්ම ප්‍රබල සටනක් මෙහිදී සටන්කාරිනියන් දෙදෙනාම ප්‍රදර්ශනය කළා. 

ශ්‍රී ලංකාවේ අපරාජිත සටන්කාරිය වන Nimesha Kumari හොඳ අභියෝගයක් එල්ල කිරීමට Hansana “Bubbles” Balasuriya සමත් වුණත් අවසානයේ Nimesha Kumari තරඟය ජයග්‍රහණය කරමින් තම අපරාජිත වාර්තාව තවදුරටත් රැකගැනීමට සමත් වුණා. 

Screenshot 2023 09 24 at 10.44.40
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වන්ද සටන ආරම්භ වුණේ ඉන් අනතුරුවයි. 

Screenshot 2023 09 24 at 10.45.11
ඒ ලංකාවේ  Kumudu Prasanna ?? ට අභියෝග කළ ඉන්දියාවේ Shahbas ?? අතරයි.
Screenshot 2023 09 24 at 10.48.01
මෙම තරඟය තුළ දෙදෙනාගෙන්ම සියලු තාක්ෂණයෙන් අනූන උද්වේගකර සටනක ආස්වාදය විදින්නට ප්‍රේක්ෂකයනට අවස්ථාව හිමි වුණා. 

Screenshot 2023 09 24 at 10.49.27
කෙසේ වෙතත් අවසානයේ ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකාවේ Kumudu Prasanna ට තරඟයේ ජය හිමි වුණා.

 ඉන් අනතුරුවයි KFL හි පළමු සටන් රාත්‍රියේ දැවැන්තම සහ වඩාත් උද්වේගකරම තරඟය වුණු  Brian “The Iron” Choltan සහ  Gevin “The Berserker” Linden අතර තරගය ආරම්භ වුණේ. 

Screenshot 2023 09 24 at 10.50.44
ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වුණු මේ තරඟය පුරාවටම දෙදෙනාගෙන්ම දැවැන්ත පහරවල් සමගින් ජවසම්පන්න සටනක් දක්නට ලැබුනා. 

Screenshot 2023 09 24 at 10.51.58
සටන තුල සටන්කරුවන් දෙදෙනාම  එල්ල කල පහරවල් හේතුවෙන් වරින් වර දෙදෙනාම බිම ඇද වැටුණත් නැවත නැගී සිටිමින් දෙදෙනාම බිහිසුණු සටනක නිරත වුණා. 

Screenshot 2023 09 24 at 10.52.45
Screenshot 2023 09 24 at 10.53.35
තරඟය කොතරම් උණුසුමද කිවහොත් තරඟ වට 3 අවසානයේදී විනිසුරුවන්ට පවා තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීමට නොහැකි වීමෙන් තරඟය අමතර වටයකට ගෙන ගියා.

Screenshot 2023 09 24 at 10.56.27Screenshot 2023 09 24 at 10.57.46
එහිදී තියුණු සටනකින් අනතුරුව Brian “The Iron” Choltan පරාජය කරමින් Gevin “The Berserker” Linden ට තරඟයේ ජය හිමි කර දෙමින් KFL හි පළමු සටන් රාත්‍රිය එලෙස නිමාවට පත් වුණා.

Screenshot 2023 09 24 at 10.58.42
එදින රාත්‍රියේ විශේෂ අවස්ථාවන් සහිත වීඩියෝව පහතින් 




මේ උද්වේගකර සටන් සියල්ලම ඉදිරියේදී  supreme sports යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹීමට ද ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි වනවා.


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...