The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කවිදු රසංජය King of Kings World Series තරගාවලියට සුදුසුකම් ලබයි

T

The Leader Desk

December 18, 2023 • 1:17 PM

කවිදු රසංජය King of Kings World Series තරගාවලියට සුදුසුකම් ලබයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව දැවැන්තම K -1 තරගාවලියක් වන King of Kings ( KOK) World Series තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කවිදු රසංජය (Kavindu “Phoenix” Rasanjaya) සමත් වුණා.
  • King of Kings Elimination Series තරඟාවලිය එක්වීමට පෙර කවිදු රසංජය සහ කුමුදු ප්‍රසන්න මෙලෙස සිය අදහස් පළ කළා
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ ඉන්දියාවේ පැවති  King of Kings (KOK) Elimination Series තරගයේදී ඉන්දීය ක්‍රීඩක Nishal Rai පරාජය කරමින්. 



ශ්‍රී ලංකාවේ මෙතෙක් සංවිධානය වුණු දැවැන්තම සටන් අත්දැකීම වුණු KFL තරඟාවලියේ කැපී පෙනෙනම තරඟකරුවන් දෙදෙනෙක් වු කවිදු රසංජය සහ කුමුදු ප්‍රසන්න යන සටන්කරුවන් දෙදෙනා ලොව දැවැන්තම K -1 තරඟාවලියක් වන King of Kings (KOK) සඳහා එක්වීමේ අවස්ථාව උදා වුණේ එම තරඟාවලියේ මුලික වටයේ තරගාවලිය වන KOK Elimination Series සඳහා තේරී පත් වීමත් සමගයි 

King of Kings World Series 2023                  දයාන් සමරසේකර (පුහුණුකරු | කළමනාකරු ) , කවිදු රසාන්ජය , කුමුදු ප්‍රසන්න

 ඒ අනුව කවිදු රසංජය සහ කුමුදු ප්‍රසන්න  පසුගිය දෙසැම්බර් මස 17 වනදා ඉන්දියාවේ කල්කටා නුවරදී සටන් බිමට පිවිසියා.

ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෙක් ක්‍රීඩකය වුණු කුමුදු ප්‍රසන්න ප්‍රබල සටනකින් අනතුරුව ඉන්දීය ක්‍රීඩක Satish Singh හමුවේ පරාජයට පත් වුණා. 

Boys Kok

කවිදු රසංජය, කුමුදු ප්‍රසන්න

වෘත්තියෙන් කාර්මික ශිල්පින් වන මේ දෙපල විවිධ වූ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද සටන් කලාවට ඇති අතිශය ආදරය සමග මෙම ක්‍රීඩාව තුල නියැලෙයි .


රටක් වශයෙන් නිතර කථා වෙන සහ අවධානය යොමු කරන ක්‍රිකට් ක්‍රීඩාව පවා බිඳ වැටුණු පසුබිමක ක්‍රිකට් වලින් ඔබ්බට මෙවැනි දක්ෂයන්ට ජාත්‍යන්තර වේදිකාවේ දක්ෂතා දක්වන්නට අතහිත මේ මොහොතේ ජාතික වගකීමක්.

Kings World1

කවිදු රසංජයට සහ කුමුදු ප්‍රසන්න ට මෙම King of Kings [ KOK ] Elimination Series තරඟාවලිය සඳහා එක්වීමේ බරපැන දරමින් පුර්ණ අනුග්‍රහය දක්වන්නේ  Black Panther Fighting Academy / bRemote / Supreme Sports /  Karma Fight League  සහ Amature K -1  federation of Sri  Lanka සහයෝගය දක්වන්නට කටයුතු සිදු කෙරෙනවා.

KavinduKumudu
King of Kings Elimination Series තරඟාවලිය එක්වීමට පෙර කවිදු රසංජය සහ කුමුදු ප්‍රසන්න මෙලෙස සිය අදහස් පළ කළා




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...