The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappe

T

The Leader Desk

November 25, 2023 • 2:45 PM

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ මීළඟ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වීමේ මාර්ගයේ කිලිඅන් බප්පේ (Kylian Mbappe) ගමන් කරමින් සිටින්නේ මවිතයට පත්වෙන
  • බප්පේ ඔහුගේ අලුත් ම වාර්තාවට ගොස් තිබෙන්නේ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම අභිබවමින්.
  • ජිබ්රාල්ට රට ට එරෙහිව පැවැති Euro 2024 සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී මේ සුපිරි ක්‍රීඩකයා ප්‍රංශය ගෝල් 14-0ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ පිට පිට ගෝල් ත්‍රිත්වයක් (hat-trick) ලබා ගනිමින්.
  • ඔහු දැන් ආජන්ටිනාවේ ලයනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ බ්‍රසීලයේ නෙයිමා (Neymar) පරාජය කරමින් ක්‍රීඩා දිවියේ ගෝල් 300 සන්ධිස්ථානයට පැමිණ සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

තරමේ වේගයකින් ගෝල් ලබා ගනිමින්.

2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය සමග Golden Boot සම්මානය දිනා ගන්නා අතරවාරයේ පසුගිය ක්‍රීඩා වාරය තුළ පැවති සියළු තරගාවලියන්හිදී පැරිස් සේන්ට්-ජමේන් (Paris Saint-Germain) ක්‍රීඩා සමාජය වෙනුවෙන් තරග 43කින් ගෝල් 41ක් ලබා ගැනීමට සමත්ව සිටින 24 හැවිරිදි මේ ඉදිරි පෙළ ක්‍රීඩකයා දැනටමත් මේ තරග වාරයේ තරග 15කින් ප්‍රහාර 15ක් වාර්තා කර තිබෙනවා.

Kylian Mbappe 3
බප්පේ ඔහුගේ අලුත් ම වාර්තාවට ගොස් තිබෙන්නේ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම අභිබවමින්.

ජිබ්රාල්ට රට ට එරෙහිව පැවැති Euro 2024 සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී මේ සුපිරි ක්‍රීඩකයා ප්‍රංශය ගෝල් 14-0ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ පිට පිට ගෝල් ත්‍රිත්වයක් (hat-trick) ලබා ගනිමින්.

ඒ අතරතුර බප්පේ තවත් සන්ධිස්ථානයකට පිවිසුනා.

v bdfgr
ඔහු දැන් ආජන්ටිනාවේ ලයනල් මෙසී, පෘතුගාලයේ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සහ බ්‍රසීලයේ නෙයිමා (Neymar) පරාජය කරමින් ක්‍රීඩා දිවියේ ගෝල් 300 සන්ධිස්ථානයට පැමිණ සිටිනවා.

බප්පේ දෙසැම්බරය වන තුරු 25 වැනි වියට පිවිසෙන්නේ නැහැ. නමුත් මෙසී ට මේ සන්ධිස්ථානයට පැමිණීමට ඒ වයසට එනතුරු ඉන්න සිද්ධ වුනා. රොනාල්ඩෝ 27 වැනි වියට පැමිණෙන තෙක් ගෝල් 300ක් ලබා ගත්තේ නැහැ. මේ වැදගත් ස්ථානයට නෙයිමා පිවිසියේත් වයස අවුරුදු 25දී. 

 
2018 වසරේදී තමා දිනා ගත් ලෝක කුසලානයට ‘චැම්පියන්ස් ලීග්’ ජයග්‍රාහකයන්ගේ පදක්කමක්ද එක් කර ගැනීමට මාන බලමින් සිටින කිලිඅන් බප්පේ ප්‍රංශ  ක්‍රීඩකයා මෙසී හා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ යන දෙදෙනා ම යුරෝපීය පාපන්දුවෙන් ඉවත් වීමෙන් පසුව ලෝකයේ හොඳම ක්‍රීඩකයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා.

වර්තමානයේ ගෝල් 231ක් තමාගේ නමට එක්කර ගෙන සිටින නෝවේජියානු ජාතික ආක්‍රමණශීලී ක්‍රීඩක අර්ලිං හාලන්ඩ් (Erling Haaland) ද ඉදිරි තරග වාර කිහිපයේදී බප්පේගේ දක්ෂතාව ඉලක්ක කරගෙන සිටින බවට කිසිම සැකයක් නැහැ.

Erling Haaland
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...