The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL 2023 : 'දඹුල්ල අවුරා' පළමු තැන රැකගෙන අවසන් වටයට

T

The Leader Desk

August 15, 2023 • 5:04 AM

LPL 2023 : 'දඹුල්ල අවුරා' පළමු තැන රැකගෙන අවසන් වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ 19 වැනි තරගය ලෙස 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'දඹුල්ල අවුරා' කණ්ඩායම අතර ඊයේ (14 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් විය.
  • ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය බී-ලව් කැන්ඩි කණ්ඩායමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ‍සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි.
  • විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ඕවර 2 ක් යවමින් ලකුණු 6 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කැන්ඩි කණ්ඩාය‍මේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.
  • සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන හුදෙකලා පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල කණ්ඩායම ලකුණු 12 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැකගනිමින් මූලික වටය නිමා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹාගිය බී-ලව් කැන්ඩි කණ්ඩායමට ධනංජය ද සිල්වා ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ‍සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ධනංජය ඕවර 2 ක් යවමින් ලකුණු 6 කට කඩුලු 4 ක් බිඳහෙළමින් කැන්ඩි කණ්ඩාය‍මේ ජයග්‍රාහී මාවත අවහිර කළේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී එක් අන්තයක් රැකගෙන හුදෙකලා පිතිහරඹයක නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 50 ක් රැස්කළේය. චන්දිමාල් පිටියේ රැදී සිටින තෙක් කැන්ඩි කණ්ඩයමේ රසිකයෝ ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තු තබා සිටි නමුත් හේඩ්න් කේර්ගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල මත පතිත වීමෙන් 8 වැනි කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යෑමත් සමග එම බලාපොරොත්තු බිඳවැටිණ.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 162 ක් ලබාගත් අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 61 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක ප්‍රනාන්දු (41) සහ සදීර සමරවික්‍රම (31) දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 26 කදී වාර්තා වූ සදීරගේ ඉනිමට හතරේ පහර 6 ක්ද, පන්දු 27 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය.

කෙසේ වුවත් ලකුණු 43 ක් තුළ කඩුලු 5 ක් දවාගැනීමට නුවන් ප්‍රදීප් ප්‍රමුඛ කැන්ඩි පන්දු යවන්නන් සමත් වීමෙන් දඹුල්ල කණ්ඩායම මහත් අසීරුතාවකට පත්විය. සදීරගේ කඩුල්ල දවාගනිමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාවට තිත තැබීමට චතුරංග ද සිල්වා සමත් වෙද්දී, අවිෂ්ක සහ ලක්ෂාන් පිටියෙන් ඉවත් කිරීමට මුජිබුර් රහමාන් සමත් විය.

ඉන් අනතුරුව ධනංජය ද සිල්වාගේ සහ ඇලෙක්ස් රොස්ගේ කඩුලු බිඳ දැමීමට සමත් වූ නුවන් ප්‍රදීප්, දඹුල්ල කණ්ඩායම කබලෙන් ලිපට ඇද දැමුවේය. එහෙත් බෙන් මැක්ඩමොඩ් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද, හේඩ්න් කේර් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් දඹුල්ල කණ්ඩායම තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන ආහ.

පෙර තරගයේදී විවේක ගන්වා සිටි දිනේෂ් චන්දිමාල් සහ මුජිබුර් රහමන් මෙම තරගයේදී යළිත් බී-ලව් කැන්ඩි කණ්ඩායමට ඇතුළත්ව සිටි අතර දඹුල්ල කණ්ඩාම නායක කුසල් මෙන්ඩිස් විවේක ගන්වමින් නවක ක්‍රීඩකයන් රැසක් සමග මෙම තරගයට ක්‍රීඩා කළහ. එහිදී ධනංජය ද සිල්වා විසින් දඹුල්ල අවුරා කණ්ඩායම මෙහෙයවනු ලැබිණ.

(kelimandala.lk)

image 8103725e45

image b3b82e2e40image 2a2f4ec9a6අවිෂ්ක ප්‍රනාන්දු...

image bea1d39036

බෙන් මැක්ඩොමට්...

image 64dd8a37bc

මුජිබර් රහමන්...

image 6a0fc2bce3

සධීර සමරවික්‍රම...

image 57bf2651b8

නුවන් ප්‍රදීප්...

image 133b89112b

වනිඳු හසරංග සහ දිනේෂ් චන්දිමාල් ...

image cad6b23aa2

දිනේෂ් චන්දිමාල් ...


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...