The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL 2023: අයියා - මලෝ එක්ව කැන්ඩි පිල අවසන් සටනට ගෙන යති

T

The Leader Desk

August 20, 2023 • 4:11 AM

LPL 2023: අයියා - මලෝ එක්ව කැන්ඩි පිල අවසන් සටනට ගෙන යති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද පැවැත්වෙන එල් පී එල් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට 'බී ලව් කැන්ඩි' කණ්ඩායම ඊයේ (19) රාත්‍රියේ සමත් විය.
  • ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති දෙවැනි පිටුවහල් කිරීමේ තරගයේදී 'ගෝල් ටයිටන්ස්' පිල පරදවමින් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 34 ක පහසු ජයක් අත්කර ගත්හ.
  • කුසලාන වෙනුවෙන් තරග වදිනු ඇත.
  • ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් පිලට කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 ඒ, ගාල්ල කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 34 කින් ජයගැනීමත් සමගයි. 

විශිෂ්ට දස්කම් පෙන්වූ චතුරංග ද සිල්වා (16/2) සහ වනිඳු හසරංග (48) එක්ව, එසේ එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගය දක්වා 'බී-ලව් කැන්ඩි' පිල කැඳවාගෙන ගියහ. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති දෙවැනි පිටුවහල් කිරීමේ තරගයේදී 'ගෝල් ටයිටන්ස්' පිල පරදවමින් බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 34 ක පහසු ජයක් අත්කර ගත්හ.

'දඹුල්ල අවුරා' සමග අවසන් සටනට ...

ඒ අනුව අද (ඉරිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී 'දඹුල්ල අවුරා' කණ්ඩායම සහ 'බී-ලව් කැන්ඩි' කණ්ඩායම එල්.පී.එල්. කුසලාන වෙනුවෙන් තරග වදිනු ඇත.

ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් පිලට කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 123 ක් පමණි. කණ්ඩායම වෙනුවෙන් තනිවම සටන් කළ සොනාල් දිනූෂ ලකුණු 28 ක් ලබාගත් නමුත් ඔහු මුහුණ දුන් පන්දු 32 න් පන්දු 10 ක් ම ලකුණු ලබා නොගත් ඒවා විය.

නියමිත ඉලක්කයකට පන්දු යැවූ කැන්ඩි පන්දු යවන්නන්ගේ පන්දු යවන්නෝ රිසි සේ ලකුණු ලබාගැනීමට ගෝල් ටයිටන්ස් පිතිකරුවන්ට ඉඩ නොතැබූහ. ගෝල් ටයිටන්ස් ඉනිමේ පන්දු 120 න් පන්දු 52 ක් ම නිළකුණු පන්දු වූයෙන් තරගයේ ජයග්‍රහණය ගැන සිතීමත් පහසු නොවීය.

ඉනිම පුරාම නිළකුණු පන්දු 54 ක් තිබුණ නමුත්, හයේ හතරේ පහර වැඩියෙන් ගැසූ බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්හ.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරාගත් නමුත් කැන්ඩිලාගේ ආරම්භය අසාර්ථක විය. ලකුණු සංඛ්‍යාව 19 ක් වෙද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය අතර තවත් ඕවරයකින් පසුව තුන්වැනි කඩුල්ලත් බිඳ වැටෙන විට පුවරුවේ සටහන් වූයේ ලකුණු 20 කි. මෙම අවස්ථාවේදී එක්වූ දිනේෂ් චන්දිමාල් සහ වනිඳු හසරංග, පන්දු 52 කදී ලකුණු 72 ක් එක්කාසු කළේ කැන්ඩි කණ්ඩායම නැවතත් තරගයට කැඳවාගෙන එමිනි.

චන්දිමාල් සුපුරුදු පිතිහරඹයේ යෙදෙමින් සිටියදී වනිඳු හසරංග වගේ වගක් නැතිව, තමන්ට හිතෙන හිතෙන පහර ගසමින් ලකුණු ලබාගන්නට විය. පාදයක අපහසුතාවක් හේතුවෙන් අසීරුවෙන් දිව යමින් සිටි නමුත් තබ්රේස් ශම්සිගේ පිට පිට පන්දු දෙකක් ලෝන්ග් ඕන් කලාපයය හරහා හතරේ සීමාවට ඉහළින් යැවූ වනිඳු පන්දු 6 ක් ඇතුළතදී තම තුන්වැනි හයේ පහරත් ඉනිමට එක්කළේය.

දසුන් ශානකගේ පළමු ඕවරයේ පළමු පන්දුවටම වනිඳු ගැසූ පහරකින් ඉහළ නැඟි පන්දුව ගුවනේ බොහෝ වේලාවක් රැඳී තිබුණ නමුත් එය පහළට ඒමේදී මිඩ් ඕන්’ හි සිටි නජිබුල්ලා සද්රාන්ගේ දෑත් අතරින් රිංගා බිම වැටිණ. ඒ වන විට පන්දු 22 කට මුහුණ දී සිටි කැන්ඩි නායකයා ලකුණු 35 ක් ලබා සිටියේය.

හයේ පහර 4 ක් සහ හතරේ පහ 3 ක් ද සහිතව, පන්දු 30 කින් ලකුණු 48 ක් ලබාගත් වනිඳු තවත් දැවැන්ත පහරකට උත්සාහ කිරීමේදී දැවී ගියේය.

වනිඳු දැවී ගිය නමුත් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් එක්ව ලකුණු පුවරුව ක්‍රියාත්මකව තබද්දී වනිඳුගේ වැඩිමහල් සොහොයුරා වන චතුරංග ද සිල්වා, කැන්ඩි පිලේ ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන යමින්, පන්දු 6 කින් ලකුණු 15 ක් ලබාගත්තේය.

(kelimandala.lk)

Screenshot 2023 08 20 at 09.49.27

Screenshot 2023 08 20 at 09.49.56

Screenshot 2023 08 20 at 09.50.26

kasun rajitha 1LPL 2320
LPL23201

LPL23202

LPL 2020

LPL 202345



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...