The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL 2023: කලම්බු විසිවේ - ගෝල් පිළිමළුන් පිටුදැකීමේ වටයට

T

The Leader Desk

August 16, 2023 • 5:48 AM

LPL 2023: කලම්බු විසිවේ - ගෝල් පිළිමළුන් පිටුදැකීමේ වටයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි සහ අවසන්ත තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (15)
  • මෙය 'ගෝල් ටයිටන්ස්' පිල තරග 8 කදී ලැබූ සිව්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත්ගෝ සමඟ ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියේය.
  • ලකුණු 38 ක් ඇතුළතදී කඩුලු 7 ක් බිම දැමූ තබ්රේස් ශම්සි (20/4) සහ සීකුගේ ප්‍රසන්න (14/3) දෙදෙනා එල්.පී,එල්.
  • ශම්සි සහ සීකුගේ දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා වූ හෙයින් ගෝල් ග්ලැඩියේටර්ස්ලා ඕවර 8.3 කදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

පැවැති තරගයේදී 'ගෝල් ටයිටන්ස්' පිල කඩුලු 8 කින් 'කලම්බු ස්ට්‍රයිකර්ස්' පිල පරාජය කිරීමට සමත් විය.

මෙය 'ගෝල් ටයිටන්ස්' පිල තරග 8 කදී ලැබූ සිව්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත්ගෝ සමඟ ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියේය.

කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට මෙම පරාජය සමඟ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

ලකුණු 38 ක් ඇතුළතදී කඩුලු 7 ක් බිම දැමූ තබ්රේස් ශම්සි (20/4) සහ සීකුගේ ප්‍රසන්න (14/3) දෙදෙනා එල්.පී,එල්. තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ශම්සි සහ සීකුගේ දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 74 කට සීමා වූ හෙයින් ගෝල් ග්ලැඩියේටර්ස්ලා ඕවර 8.3 කදී අපේක්‍ෂිත ඉලක්කය පසුකර ගියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 19 ක්ව තිබියදී ග්ලැඩියේටර්ස් පිලේ භානුක රාජපක්‍ෂ සහ ලිටන් දාස් දෙදෙනාම දැවී ගියද, ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 42) සහ සකිබ් අල් හසන් (නොදැවී 17) එක්ව ගෝල් ග්ලැඩියේටර්ස් පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

පන්දු 69 ක් ඉතිරිව තිබියදී ගාල්ල ක්‍රීඩකයන් ලබාගත් ජයග්‍රණය හේතුවෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් ශූද්ධ ලකුණු වේගය -1.215 දක්වා ඇද වැටිණ. එහි අනුයාත ප්‍රතිඵලය වූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවත් වෙමින්, ජැෆ්නා කිංග්ස් පිලට අවස්ථාව හිමිවීමයි.

කාසියේ වාසිය දිනාගත් ගෝල් ග්ලැඩියේටර්ස් නායක දසුන් ශානක කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. පැතුම් නිස්සංක දෙවැනි ඕවරයේදීම දැවී ගිය නමුත් බාබර් අසාම් (06) සහ ළහිරු උදාර (14) ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් ව තිබියදී නිපුන් ධනංජය දවාගත් තබ්රේස් ශම්සි එතැන් සිට කලම්බු ස්ට්‍රයිකර්ස් පිතිකරුවන්ගේ ගෙල සිරකළේය. වමතින් චයිනමන් පන්දු යැවූ ශම්සිට කදිම සහයෝගයක් දුන් දකුණත් පා දඟ පන්දු යවන්නා වන සීකුගේ ප්‍රසන්න, ඕවර  කින් කඩුලු 3 ක් දවාගත්තේ ස්ට්‍රයිකර්ස්ලාගේ ඉනිම ලකුණු 74 කට සීමා කරමිනි.

කලම්බු ස්ට්‍රයිකර්ස් - ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 74 යි
(ළහිරු උදාර 14, නිපුන් ධනංජය 13, නුවනිඳු ප්‍රනාන්දු 14, මොහොමඩ් නවාස් 11, තබ්රේස් ශම්සි 20/4, සීකුගේ ප්‍රසන්න 14/3)


ගෝල් ග්ලැඩියේටර්ස් - ඕවර 8.3 දී කඩුලු 2 ක් දැවී 75 යි
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 42, සකිබ් අල් හසන් නොදැවී 17)



(kelimandala.lk)
 
 


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

LPL 2023: කලම්බු විසිවේ - ගෝල් පිළිමළුන් පිටුදැකීමේ වටයට | The Leader