The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL 2023: තීරණාත්මක අවසන් වටය අද ඇරඹේ

T

The Leader Desk

August 17, 2023 • 6:06 AM

LPL 2023: තීරණාත්මක අවසන් වටය අද ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • LPL ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටය අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
  • ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.
  •   ප්ලේ ඕෆ් ආකෘතිය යටතේ අවසන් වටය ක්‍රියාත්මක වන බැවින් මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවේ.
  •   අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී - ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.
අකුරු ප්‍රමාණය (Font Size):



පළමු තරගය පැවැත්වෙන්නේ තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් රැස්කරගෙන සිටින කණ්ඩායම් දෙක අතරයි.

ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු තරගය ගාල්ල ටයිට්න්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර පස්වරු 3.00ට ආරම්භ වේ.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම සෘජුවම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

 

ප්ලේ ඕෆ් ආකෘතිය යටතේ අවසන් වටය ක්‍රියාත්මක වන බැවින් මෙම තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් අවස්ථාවක් හිමිවේ.

 

අවසන් පූර්ව වටයේ දෙවන තරගය බී - ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව  'බී-ලව් කැන්ඩි' සහ 'ජැෆ්නා කින්ග්ස්' යන කණ්ඩාම් අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ පළමු තරගයෙන් පරාජය වන කණ්ඩායම යළි තරග වැදීමට නියමිතය.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබන දෙවන කණ්ඩායම තීරණය වන්නේ එම තරගයේ ප්‍රතිඵලය මතයි.

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...