The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL 2023: දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි

T

The Leader Desk

August 17, 2023 • 2:48 PM

LPL 2023: දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරා දෙදෙනාගේ වගකීම් සහගත පිතිහරඹය මත දඹුල්ල අවුරා ක්‍රීඩකයෝ
  • ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති අවසන් වටයේ පළමු සුදුසුකම් තේරීමේ තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අපහසුවකින් තොරවම ගෝල් ටයිටන්ස් පිල කඩුලු 6 කින් පරාජය කරන ලදි.
  • ලකුණු 147 ක පහසු ඉලක්කයක් කරා ගිය දඹුල්ල අවුරා පිතිකරුවෝ පන්දු 02 ක් ඉතිරිව තිබියදී තම ඉලක්කය කරා අවතීර්ණ වූහ.
  • හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ද සහිතව, පන්දු 14 කින් ලකුණු 24 ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි ඕවරයේදීම දැවී ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති අවසන් වටයේ පළමු සුදුසුකම් තේරීමේ තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම විසින් අපහසුවකින් තොරවම ගෝල් ටයිටන්ස් පිල කඩුලු 6 කින් පරාජය කරන ලදි.

ලකුණු 147 ක පහසු ඉලක්කයක් කරා ගිය දඹුල්ල අවුරා පිතිකරුවෝ පන්දු 02 ක් ඉතිරිව තිබියදී තම ඉලක්කය කරා අවතීර්ණ වූහ.

පරාජය වූ නමුත් අද රාත්‍රියේදී පැවැත්වෙන ජැෆ්නා කිංග්ස් සහ බී-ලව් කැන්ඩි කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමගින් සෙනසුරාදා තරග වැදීමෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ තවත් අවස්ථාවක් ගෝල් ටයිටන්ස් පිලට තිබේ.

හයේ පහර 3 ක් සහ හතරේ පහරක් ද සහිතව, පන්දු 14 කින් ලකුණු 24 ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි ඕවරයේදීම දැවී ගියේය. එහෙත් කණ්ඩායම වෙනුවෙන් බර කරට ගත් නායක කුසල් මෙන්ඩිස්, පන්දු 45 කදී ලකුණු 49 ක් ලබාගත්තේය. මෙන්ඩිස් සහ කුසල් පෙරේරා අතර ඕවර 8.5 කින් පැවැති තුන්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 69 කි.

දඹුල්ල ජයග්‍රහණයට එක ලකුණක් අවශ්‍යව තිබියදී පන්දුව අතට ගත් දසුන් ශානක හමුවේ දැවී යාමට පෙර කුසල් පෙරේරා පන්දු 39 කින් ලකුණු 53 ක් ලබා සිටියේය. අද සිය 33 වැනි උපන් දිනය සමරන කුසල් පෙරේරාගේ ඉනිම හතරේ පහර 4 කින් සහ හයේ පහර 3 කින් සමන්විත විය.

අලංකාරයත්, ආක්‍රමණයත්, ආරක්‍ෂාවත් අපූරුවට මිශ්‍ර කළ ලසිත් කෲස්පුල්ලේගේ පිතිහරඹය නිසා යන්තම් හිස් ඔසවාගත් ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ලකුණු 146 ක් ලබාගත්හ. එහෙත්, තණතීරුවේ බරපතළ ප්‍රශ්නයක් නොවේ නම්, ලකුණු 146 ක් යනු මෙවැනි තරගයක ජයග්‍රහණය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවේ.

ගෝල් ටයිටන්ස්ලා, ඕවර 18 ක් නිමාවේදී කඩුලු 6 කට ලකුණු 139 ක් ලබාසිටි නමුත් අවසන් ඕවර දෙකේදී පිතිකරුවන් සිව්දෙනකු දැවීයාම හේතුවෙන් කණ්ඩායම ලකුණු 146 කට දැවී ගියේය.
මෙම තරගාවලියේදී ලකුණු 22 කඩයිම නැවත වරක් බලාත්මක වී ඇති සැටියෙකි. තරගාවලිය පුරාම, ලකුණු අතරට පැමිණි බොහෝ පිතිකරුවන්ට ලකුණ 22 පසුකර යාම අසීරු අභියෝගයක් වූ අතර අද තරගයේදීත් කෲස්පුල්ලේ හැරුණු විට සෙසු කිසිම පිතිකරුවකුට ලකුණු 20 ක් වත් ලබාගත නොහැකි විය.

දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව හොඳින් අධ්‍යනය කර තිබූ අයෙකි. කාසියේ වාසිය දිනාගත් සැණින් ඔහුගේ තීරණය වූයේ පන්දු යැවීමයි.

දෙවැනි පන්දුවෙන්ම භානුක රාජපක්‍ෂ දවාගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් වූ අතර ලිටන් දාස් ද ලකුණු 08 කට දැවී  යාම හේතුවෙන් පන්දු 19 ක් ඇතුළත දෙවැනි කඩුල්ලත් බිඳ වැටිණ. එහෙත් කෲස්පුල්ලේට එක්වූ සකිබ් අල් හසන් මුලු ලකුණු සංඛ්‍යාව 76 ක් දක්වා ඇදගෙන ගිය නමුත් සකිබ්ට ලබාගත හැකිවූයේත් ලකුණු 19 කි. දෙදෙනා අතර පැවැති ලකුණු 51 ක සම්බන්ධතාවට පන්දු 38 ක් වැයවූ අතර එයින් ලකුණු 31 ක්ම පැමිණියේ ලසිත් කෲස්පුල්ලේගෙනි.

හේඩ්න් කර් කඩුලු 3 ක් දවාගත්තද, ලිටන් දාස් හැරුණු විට අනෙක් කඩුලු දෙකම පසුපෙළ පිතිකරුවන්ගේ ඒවා විය. අවසන් ඕවරයේදී ලසිත් කෲස්පුල්ලේ දුවද්දී දැවී යන විට දකුණත් ආරම්භක පිතිකරුවා පන්දු 61 කින් ලකුණු 80 ක් ලබා සිටියේය. ඊට ඇතුළත් වූ හතරේ පහර සංඛ්‍යාව 7 කි.

ගෝල් ටයිටන්ස් - ඕවර 20 කදී සියලු දෙනා දැවී 146 යි
(ලසිත් කෲස්පුල්ලේ 80, සකිබ් අල් හසන් 19, දසුන් ශානක 12 ළහිරු සමරකෝන් 15, හේඩ්න් කර් 18/3, නූර් අහමඩ් 27/2)

දඹුල්ල අවුරා - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 147 යි
(අවිශ්ක ප්‍රනාන්දු 24, කුසල් මෙන්ඩිස් 49, සධීර සමරවික්‍රම 13, කුසල් ජනිත් පෙරේරා 53)

(kelimandala.lk)

LPL 0001 1

LPL 0001 2




සබැඳි පුවත:

LPL 2023: තීරණාත්මක අවසන් වටය අද ඇරඹේ

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

LPL 2023: දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි | The Leader