The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම මාර්තු 22: තරගාවලිය ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා

T

The Leader Desk

January 14, 2026 • 7:02 AM

LPL ක්‍රීඩකයන් කෙටුම්පත් කිරීම මාර්තු 22: තරගාවලිය ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 ලංකා ප්‍රිමිය ලීගය (LPL – Lanka Premier League) සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ.
  • කණ්ඩායම් අයිතිකරුවන් විසින් ක්‍රීඩකයින් අත්කර ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණින් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම මාර්තු 22 වැනිදා සිදුවන්නේ සියලුම කණ්ඩායම්වලට දක්ෂතාව බෙදා හරිමින් තරගාවලියේ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමටයි.
  • මේ කෙටුම්පත් කිරීමේදී ෆ්‍රන්චයිස් හිමිකරුවන් ඔවුන්ගේ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් තෝරා ගනු ඇතැයි SLC නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
  •   LPL තරගාවලියේ හය වැනි අදියර ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ක්‍රීඩකයන් වෙනුවෙන් කෙළින්ම ලංසු තැබීමක් වෙනුවට මධ්‍යම සංචිතයකින් ක්‍රීඩකයින් තෝරා ගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලට අවස්ථාව සැලසෙන පරිදි ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් අයිතිකරුවන් විසින් ක්‍රීඩකයින් අත්කර ගැනීම කළමනාකරණය කිරීමේ අරමුණින් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම මාර්තු 22 වැනිදා සිදුවන්නේ සියලුම කණ්ඩායම්වලට දක්ෂතාව බෙදා හරිමින් තරගාවලියේ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීමටයි. මේ කෙටුම්පත් කිරීමේදී ෆ්‍රන්චයිස් හිමිකරුවන් ඔවුන්ගේ කණ්ඩායම්වලට ශ්‍රී ලංකා සහ විදේශීය ක්‍රීඩකයින් තෝරා ගනු ඇතැයි SLC නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

lpl 1

 

LPL තරගාවලියේ හය වැනි අදියර ජූලි 8 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබෙන්නේ. මේ තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගැනීම පිණිස කෙටුම් පත් ක්‍රමයක් මෙවර භාවිතා කරන්නේ 2022 වර්ෂයෙන් පසුව ප්‍රථම වතාවටයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි මේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුනේ. එහෙත් මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරග වෙනුවෙන් ක්‍රීඩාංගණ නවීකරණය කර සූදානම් කළ යුතුව තිබූ බැවින් එම තරගාවලිය මේ වසරට කල්දැමුනා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...