50 කින් 'කලම්බු ස්ට්‍රයිකර්ස්' පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙය දඹුල්ල පිල තරඟ 7 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේය. දඹුල්ල අවුරා සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කි.
ලකුණු 46 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අසරණ වූ දඹුල්ල අවුරා පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් මැක්ඩොමට් සහ ඇලෙක්ස් රොස් එක්ව, ඕවර 9.5 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
80-90 දශක වලදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ අති විශිෂ්ට වේග පන්දු යවන්නකු වූ ක්‍රෙග් මැක්ඩොමට්ගේ පුතණුවන් වන බෙන්ජමින් මැක්ඩොමට්, පන්දු 46 කට මුහුණ දුන්නේය. ඔහු ලබාගත් ලකුණු 69 න් ලකුණු 40 ක් හතරේ සහ හයේ පහර වලිනි. පන්දු 38 කින් ලකුණු 52 ක් ලබාගත් ඇලෙක්ස් රොස් හතරේ පහර 5 කින් සහ හයේ පහර 2 කින් සිය ඉනිම සැරසීය.
මතීෂ පතිරණ පමණක් කඩුලු 2 ක් දවාගත් අතර අනෙක් කඩුලු තුනම නසීම් ෂා, චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩසේ අතර බෙදී ගියේය.
කලම්බු ස්ට්‍රයිකර්ස් පිතිකරුවන් කිසිවකුට ලකුණු 21 සීමාව ඉක්මවා යා නොහැකි විය. බිනුර ප්‍රනාන්දු (18/2) සහ හසන් අලී (16/3) එක්ව කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ පළමු කඩුලු 5 ම ලකුණු 74 කට බිම දැමූ අතර ඔවුන්ට එතැනින් නැගිටීමක් නොවීය.
දඹුල්ල අවුරා - ඕවර 20 කදී කඩුලු 5 ට 166 යි
(බෙන් මැක්ඩොමට් නොදැවී 69, ධනංජය ද සිල්වා 11, ඇලෙක්ස් රොස් 52, මතීෂ පතිරණ 36/2)
කලම්බු ස්ට්‍රයිකර්ස් - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 116 යි
(පැතුම් නිස්සංක 12, බාබර් අසාම් 11, නිරෝෂන් දික්වැල්ල 17, නුවනිඳු ප්‍රනාන්දු 21, ඉෆ්තිකාර් අහමඩ් 18, මොහොමඩ් නවාස් 20, බිනුර ප්‍රනාන්දු 18/2, හසන් අලී 16/3, නූර් අහමඩ් 14/2, දුෂාන් හේමන්ත 16/2)


(kelimandala.lk)
LPL : දඹුල්ල අවුරා නැවතත් පෙරමුණට එති
T
The Leader Desk
August 13, 2023 • 4:28 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ඊයේ (12) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී 'දඹුල්ල අවුරා' ක්‍රීඩකයෝ ලකුණු
- මෙය දඹුල්ල පිල තරඟ 7 කදී ලැබූ පස්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග දඹුල්ල පිල නැවතත් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගත්තේය.
- දඹුල්ල අවුරා සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 කි.
- ලකුණු 46 කට කඩුලු 4 ක් බිඳ වැටීමෙන් අසරණ වූ දඹුල්ල අවුරා පිලේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් මැක්ඩොමට් සහ ඇලෙක්ස් රොස් එක්ව, ඕවර 9.5 කදී ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



