The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LPL: ක්‍රිකට් කණ්ඩායම්වල හිමිකරුවන් කවු ද?

T

The Leader Desk

August 16, 2023 • 9:14 AM

LPL: ක්‍රිකට් කණ්ඩායම්වල හිමිකරුවන් කවු ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 05 තරග වදින අතර තරගාවලියට සුවිශාල ආයෝජනයක් කරමින් ඒම කණ්ඩායම්වල
  • 01.කලම්බු ස්ට්‍රයිකර්ස් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයේ වෙනසක් මෙම වසරේ දී සිදුවිය.
  • ඔහු ඉඩම් හා දේපළ වෙළෙඳාම, සංචාරක කටයුතු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සිය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන අයෙකු ලෙස හැඳින්වේ.
  • මේ අතර එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වූ චමින්ද වාස් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිමිකාරීත්වය දරන්නේ කවුදැයි ඔබ දන්නවාද?

ඔවුන් වැඩි දෙනෙක් ලාංකිකයින් වන අතර ක්‍රිප්ටෝකරන්සි, ජංගම දුරකථන ජාල, ජනමාධ්‍ය, දේපළ වෙළඳාම් හා කෝමාරිකා වගා ව්‍යාපෘති අතුළු දෙස් විදෙස් ආයෝජන ව්‍යාපෘතිවල නිරත ව්‍යාපාරිකයින්ය.

කලම්බු ස්ට්‍රයික්ස්, දඹුල්ල ඕරා, ගෝල් ටයිටන්ස්, ජැෆ්නා කිංග්ස් සහ B-Love කැන්ඩි නම් වූ කණ්ඩායම් පහ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග කරන කණ්ඩායම් වේ.

2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර මේ දිනවල පැවැත්වෙමින් ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරණු ලබන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වන්නේ දඹුල්ල ඕරා කණ්ඩායමයි.

මෙම කණ්ඩායම්වල හිමිකාරිත්වය දරනු ලබන්නේ කවුද ? මේ ඒ සම්බන්ධයෙන් වන සොයා බැලීමකි.

01.කලම්බු ස්ට්‍රයිකර්ස්

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයේ වෙනසක් මෙම වසරේ දී සිදුවිය.

ඒ අනුව එම කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ඇමෙරිකාවේ නිව් යෝර්ක්හි SKKY ගෲප් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන සාගර් කන්නා වේ.

ඔහු ඉඩම් හා දේපළ වෙළෙඳාම, සංචාරක කටයුතු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සිය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන අයෙකු ලෙස හැඳින්වේ.

ඇමෙරිකාවේ, නිව්යෝර්ක් කේන්ද්‍ර කර ගත් ක්‍රිකට් තරගාවලියේ සම නිර්මාතෘවරයෙකූ මෙන්ම ස්කයි ස්ට්‍රයිකර්ස් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන්නේද සාගර් කන්නා විසිනි.

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන සයිමන් හෙල්මාට් කටයුතු කරනු ලබයි.

මේ අතර එම කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේගපන්දු යවන්නෙකු වූ චමින්ද වාස් ය.

lplsl 1

02. B- Love කැන්ඩි

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී මහනුවර කණ්ඩායමේ හිමිකාරිත්වයේ ද වෙනසක් සිදුවිය.

B- Love කැන්ඩි කණ්ඩායමේ හිමිකාරිත්වය ලබා ගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ක්‍රිප්ටෝකරන්සි ව්‍යාපාරිකයෙකු වන ඔමාර් ඛාන් විසින්ය.

B - Love නම් වූ එම ක්‍රිප්ටෝකරන්සි මෘදුකාංගය නිර්මාණය කර ඇත්තේ ද ඔමාර් ඛාන් ගේ හිමිකාරිත්වය යටතේ ඇති Innovation Factory නම් සමාගම විසිනි.

ඔමාර් ඛාන්ට අමතරව බොලිවුඩ් නළු සංජේ දත් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් මර්වාන් බින් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ද මෙහි සම හිමිකරුවන් වේ.

එමෙන්ම මෙම කණ්ඩායමේ උපදේශකයින් ලෙස වසීම් අක්‍රම් සහ ජාවේඩ් මියන්ඩාඩ් කටයුතු කරනු ලැබේ.

B - Love සමාගම 2023 සාජාහි පැවති පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර වූ 20/ 20 ක්‍රිකට් තරගාවලියට අනුග්‍රහකත්වය දක්වා ඇති අතර පකිස්ථාන සුපර් ලීග් 08 වන අදියරේ නිල අනුග්‍රාහකත්වය ද දක්වා ඇත.

B - Love කැන්ඩි කණ්ඩායමේ පුහුණුකරු ලෙස පාකිස්ථානයේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුෂ්ටාක් අහමඩ් කටයුතු කරනු ලැබේ. එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා කමල් ෆාරීඩි වේ.

lplsl 2

03.දඹුල්ල අවුරා

දඹුල්ල අවුරා කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ මෙරට ව්‍යාපාරිකයෙකු වන අවුරා ලංකා සමාගමේ හිමිකරු වන විරංජිත් තාඹුගලය.

අවුරා ලංකා සමාගම යටතේ ව්‍යාපාර කිහිපයක්ම පවතින බව හිමිකරු වන විරංජිත් තාඹුගල විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.

ඒ අතරින්, අවුරා ලංකා එන්ටර්ටේන්මන්ට්, අවුරා ලංකා හර්බල් යන ව්‍යාපෘති දෙක ප්‍රධාන තැනක් ගනියි.

පසුගිය තරගාවලි කිහිපයට සාපේක්ෂව මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුළ දඹුල්ල අවුරා කණ්ඩායම පෙරළියක් සිදුකරමින් ප්‍රසාද ලකුණු 12ක් ද සමගින් ලකුණු සටහනේ පෙරමුණේ පසුවේ.

දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන කටයුතු කරනු ලැබේ.

එමෙන්ම එම කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසුරියයි.

lplsl 3

04. ගෝල් ටයිටන්ස්

ගෝල් ටයිටන්ස් කණ්ඩායම නව හිමිකරුවෙකු විසින් මිලට ගනු ලැබ තිබේ.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නව හිමිකරු වන්නේ ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයෙකු වන නයන වාසලතිලකය. ඔහු ඕස්ට්‍රේලියාවේ Malibu Caravans Campbellfield සමාගමේ හිමිකරු වේ.

නයන වාසලතිලක සමගි ජනබල වේගය පක්ෂයේ හපුතලේ ප්‍රධාන සංවිධායකවරයා ද වේ.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ චාමර කපුගෙදරය.

ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරනු ලබන්නේ අචින්ත හේවානායක වේ.

lplsl 4

05. ජැෆ්නා කිංග්ස්

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ලයිකා මොබයිල් සමාගමේ හිමිකාරිත්වය දරනු ලබන බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා දෙමළ ව්‍යවසායකයෙකු වන සුබාස්කරන් අල්ලිරාජා ය.

සුබාස්කරන් අල්ලිරාජා ලයිකා මොබයිල් සමාගමේ හිමිකරිත්වයට අමතරව මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන කිහිපයක ද හිමිකාරිත්වය දරනු ලබයි.

lplsl 5

එයට අමතරව සුබාස්කරන් අල්ලිරාජා විසින් සංචාරක, සිනමා ඇතුළු ක්ෂේත්‍ර රැසක ද සිය ව්‍යාපාර කටයුතු පත්වා ගෙන යනු ලැබේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරයි.

එම කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ හැරී ගනේෂන් වහීසන් වේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන අතර එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.

(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...