The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LSR Copa Simha යොවුන් පාපන්දු ශූරතාව Unity Through Football කණ්ඩායමට

T

The Leader Desk

April 28, 2026 • 4:09 AM

LSR Copa Simha යොවුන් පාපන්දු ශූරතාව Unity Through Football කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක හා ක්‍රීඩා-සංචාරක ආයතනය වන ලංකා ස්පෝට්රයිසන් (LSR – Lanka Sportreizen) ප්‍රථම වතාවට
  • කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේ සතිඅන්තයේ පැවැති තරගාවලියේ තියුණු මුහුණුවරකින් ගත් අවසාන තරගයේදී RFA පිල ගෝල් 3-2කින් පරාජය කිරීමට UTF කණ්ඩායම සමත් වුණා.
  • RFA කණ්ඩායමේ ඩෙන්මාර්ක ජාතික ෆර්ඩිනන්ඩ්ස් ස්ටෝරිබර්ග් තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.
  • UTF සහ RFA කණ්ඩායම් අවසාන තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගවලදී Gateway College (GC) සහ Football Lab Academy (FLA) යන කණ්ඩායම් පරාජය කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවිධානය කළ සිම්හ කුසලාන (Copa Simha) වයස අවුරුදු 12න් පහළ යොවුන් පාපන්දු තරගාවලියේ ශූරතාව Unity Through Football (UTF) කණ්ඩායම දිනා ගත්තා. අනුශූරයින් වූයේ Renown Football Academy (RFA) කණ්ඩායමයි.

කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේ සතිඅන්තයේ පැවැති තරගාවලියේ තියුණු මුහුණුවරකින් ගත් අවසාන තරගයේදී RFA පිල ගෝල් 3-2කින් පරාජය කිරීමට UTF කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා වූයේ ගෝල් හතරක් ලබා ගත් UTF කණ්ඩායමේ එම්.එස්.එම්. පිසාරි. RFA කණ්ඩායමේ ඩෙන්මාර්ක ජාතික ෆර්ඩිනන්ඩ්ස් ස්ටෝරිබර්ග් තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස නම් කෙරුනා.

UTF සහ RFA කණ්ඩායම් අවසාන තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගවලදී Gateway College (GC) සහ Football Lab Academy (FLA) යන කණ්ඩායම් පරාජය කරමින්. එහිදී UTF ගෝල් 3-0කින් GC පැරදවූ අතර RFA ගෝල් 1-0කින් FLA පරාජය කළා.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේදී GC කණ්ඩායම ගෝල් 1-0කින් FLA පිල පැරදවූවා.  

කොළඹ මැරතන් (Colombo Marathon), ශ්‍රී ලංකා T-Cup මාර්ග පාපැදි තරගය සහ    Rumble in the Jungle මවුන්ටන් පාපැදි ශූරතාවලිය වැනි ජාත්‍යන්තර තරග සාර්ථකව පවත්වමින් මෙරට ක්‍රීඩා සංචාරක (Sports Tourism) ක්ෂේත්‍රයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන LSR ආයතනය පළමු වරට සංවිධානය කළ මේ යොවුන් පාපන්දු තරගාවලියට මෙරට ජාත්‍යන්තර පාසල්, රජයේ පාසල් සහ පාපන්දු සමාජ හා පාපන්දු ඇකඩමි කණ්ඩායම් 14ක් මහත් උද්යෝගයෙන් සහභාගි වුණා.

ලංකා ස්පෝට්රයිසන් ආයතනයේ නිර්මාතෘ සභාපති තිලක් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2026 සිම්හ කුසලාන හා පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට සිම්හ කුසලාන තරගමාලාවේ ප්‍රධානතම තරගාවලිය වන සිංගප්පූරු සිම්හ කුසලානයේ තරගාවලි අධ්‍යක්ෂ සෙල්වා පනීර්සෙල්වම් මහතා සහ LSR ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.කේ.ආර්. ධර්මපාල හා ඉසව් කළමනාකරු රයන් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගි වුණා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com


  0 0 0 2| ජයග්‍රාහී Unity Through Football කණ්ඩායම කුසලාන සමග

0 0 0 1| LSR සභාපති තිලක් වීරසිංහ සහ සෙල්වා පනීර්සෙල්වම් මහත්වරු අතින් ජයග්‍රාහී නායකයා කුසලානය ලබා ගත් අවස්ථාව. ඩී.කේ.ආර්. ධර්මපාල හා රයන් ප්‍රනාන්දු යන මහත්වරු ද මෙහි සිටිනවා

SIM 3| වැඩිම ගෝල්ලාභියා වූ එම්.එස්.එම්. පිසාරි (UTF), ඩී.කේ.ආර්. ධර්මපාල මහතා අතින් කුසලානය ලබා ගත් අවස්ථාව

0 0 0 6| වඩාත්ම වටිනා ක්‍රීඩකයාට හිමි කුසලානය ෆර්ඩිනන්ඩ්ස් ස්ටෝරිබර්ග් (RFA), සෙල්වා පනීර්සෙල්වම් මහතා අතින් ලබා ගත් අයුරු

0 0 0 5| ජයග්‍රාහී UTF ක්‍රීඩකයෝ

0 0 0 4| අනුශූර Renown Football Academy

0 0 0 3| තෙවැනි ස්ථානය - Gateway College

0 0 0 2| සිවු වැනි ස්ථානය - Football Lab Academy

0 0 0 1|  තරගාවලියේ තියුණු අවස්ථා...

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...