The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මාෂල් දූපත් : පාපන්දු කණ්ඩායමක් නැති ලොව එකම රට

T

The Leader Desk

October 19, 2023 • 5:20 AM

මාෂල් දූපත් : පාපන්දු කණ්ඩායමක් නැති ලොව එකම රට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දුව යනු ලොව සෑම කොණක් ම ස්පර්ශ කරන ක්‍රීඩාවක්. අන්ත දුප්පත් හා පුංචි දූපත් රටවල සිට මහා බලසම්පන්න ධනවත් රටවල් දක්වා ලොව සෑම ස්ථානයකට ම පොදු දෙයකි පාපන්දු ක්‍රීඩාව.
  • එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් පාපන්දු ක්‍රීඩාව නොකරන එක ම රට වන්නේ ද මාෂල් දූපත්.
  • මාෂල් දූපත් ජගත් පාපන්දු සම්මේලනය - FIFA - පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම් 211ක් නියෝජනය කරනවා.
  • තවත් රටවල් 11කට පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය නැතත් ටීවලු, කිරීබාස් සහ පැසිෆික් දූපත් වැනි ඒ රටවල් පාපන්දු සම්මේලනයට අනුබද්ධිත මහාද්වීපික සම්මේලනයක කොටසක් වී සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ සෑම රටක්ම පාපන්දු ක්‍රීඩා කරනවා. එක් රටක් හැරෙන්නට.

පාපන්දු කණ්ඩායමක් නැති ලෝකයේ තිබෙන අන්තිම රට වන්නේ මාෂල් දූපත්. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193න් පාපන්දු ක්‍රීඩාව නොකරන එක ම රට වන්නේ ද මාෂල් දූපත්.

MI 801

මාෂල් දූපත්

ජගත් පාපන්දු සම්මේලනය - FIFA - පිරිමි ජාතික පාපන්දු කණ්ඩායම් 211ක් නියෝජනය කරනවා. තවත් රටවල් 11කට පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය නැතත් ටීවලු, කිරීබාස් සහ පැසිෆික් දූපත් වැනි ඒ රටවල් පාපන්දු සම්මේලනයට අනුබද්ධිත මහාද්වීපික සම්මේලනයක කොටසක් වී සිටිනවා.

පාපන්දු සම්මේලනයක කොටසක් නොවුනත් තමන් නියෝජනය කරවමින් පාපන්දු කණ්ඩායම් ක්‍රීඩා කර තිබෙන එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ද සිටිනවා. ඒ, මොනකෝ හා වතිකානු නගරය ඇතුළු කණ්ඩායම්.

fifa 3857

FIFA

එක්සත් ජාතීන් හෝ ජගත් පාපන්දු සම්මේලනය හෝ පිලිනොගත්තද තමන් සතුව පාපන්දු කණ්ඩායම් තිබෙන රටවල් අටක් ද තිබෙනවා. ඒ උතුරු සයිප්‍රසය, බටහිර සහරා හා ට්‍රන්ස්නිස්ට්‍රියා ඇතුළු රටවල්.

බොහෝ කලක සිට මේ ප්‍රවාහයෙන් බැහැරව සිටින රටක් වන මාෂල් දූපත්වල කිසිදිනෙක පාපන්දු ක්‍රීඩාව තිබී නැහැ. 1991 වසරේදී එක්සත් ජාතීන්ගේ සංගමයට ඒකාබද්ධ කෙරුණු පැසිෆික් සාගරය මැද පිහිටි මාෂල් රට දූපත් පහක් සහ හිරිගල් දිවයින් 29ක් පුරා විහිදී තිබෙනවා. මෙය අමෙරිකාවේ න්‍යෂ්ටික පර්යේෂණවල සත්කාරක රටක් ද වන අතර 1946 සිට 1958 දක්වා කාලය තුල අමෙරිකාව න්‍යෂ්ටික අවි 67ක් මාෂල් දූපත්වල පුපුරුවා හැර තිබෙනවා.

nuclear 9875

අමෙරිකානුවන් මාෂල් දූපත්වල න්‍යෂ්ටික අවි පුපුරුවා හරින ලද අවස්ථා

විධිමත් පාපන්දු ක්‍රීඩා සමාජ ලීග් ක්‍රමවේදයක් තිබී නැති මේ රටේ ජාතික කණ්ඩායමක් නැති අතර පාපන්දු ක්‍රීඩාංගණයක්ද ඉදිවී නැහැ.

Screenshot 2023 10 19 at 10.34.30ලොයිඩ් ඔවර්ස්නමුත් දැන් ඒ තත්ත්වය වෙනස් වීමට ආසන්න වෙමින් තිබෙනවා. මේ දූපත්වල ජනතාව වෙත පාපන්දු ක්‍රීඩාව ගෙන ඒම ඉලක්ක කරගෙන මාෂල් දූපත් පාපන්දු සම්මේලනය 2020දී ස්ථාපිත කෙරුනා. මේ රට දැන් ලොයිඩ් ඔවර්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයා ඔවුන්ගේ තාක්ෂණික අධ්‍යක්ෂ ලෙස පත්කර ගෙන පාපන්දු සංගමයක් පිහිටුවා මාධ්‍ය කණ්ඩායමක්ද පත්කර ගෙන සිටින අතර ඔවුන්ගේ ඉතිහාසයේ පළමු ජාතික ක්‍රීඩාංගණය මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරගෙන යමින් සිටියා.

වැසියන් 60,000ක් ජීවත් වන මාෂල් දූපත් පාපන්දු කණ්ඩායමක් පිහිටුවීමේදී ‌විවිධ ඵෙතිහාසික ව්‍යුහාත්මක ගැටළුවලට මුහුණ දී සිටිනවා. ක්‍රීඩා පිටි නිර්මාණය කිරීම අසීරු වී තිබෙන්නේ ඉඩකඩවල තිබෙන අඩුව නිසා. එරට ක්‍රීඩා සංස්කෘතිය අමෙරිකානු ක්‍රීඩාව වෙත වැඩියෙන් නැඹුරු වී තිබීම ද ප්‍රශ්නයක්. හමුදා කඳවුරු පවත්වා ගෙන යන නිසා මාෂල් දූපත්වලට තිබෙන අමෙරිකානු බලපෑම ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙනවා. මාෂල් දූපත් වැසියන්ට කිසිම යුරෝපීය බලපෑමක් නැතත් ඒ රට ඔවුන්ගේ මුදල් වර්ගය ලෙස භාවිතා කරන්නේ අමෙරිකානු ඩොලර්.

MI 890

මාෂල් රටවැසියන් කාලගුණික වෙනස්වීම්, මුහුදු මට්ටම ඉහළ යාම නිසා නිරන්තර තර්ජනයකට මුහුණ දෙයි

ඔවුන් විසින් ජය ගත යුතුව තිබෙන අලුත් ප්‍රශ්නවලද අඩුවක් නැහැ. කාලගුණික වෙනස්වීම් හා මුහුදු මට්ටම ඉහළ යාම නිසා නිරන්තර තර්ජනයකට මුහුණ පා සිටින මාෂල් රටේ සිටින ජනගහණයේ ප්‍රමාණය කියා පාන්නේ සංස්කෘතික වෙනස්කම් පහසුවෙන් පැමිණෙන්නේ නැති බව.

“මගේ සිත ඇද ගැනීමට එක හේතුවක් වුනේ මෙය දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් වන නිසායි” අලුතින් පත්කරන ලද තාක්ෂණික අධ්‍යක්ෂ ඔවර්ස් ප්‍රකාශ කරනවා.

අභියෝගයන් බොහොමයක් තිබුනත් හොඳ අවස්ථාවන් බොහොමයක්ද ඒ අතර තිබෙනවා. මාෂල් දූපත්වලට සෑන් මරීනෝ ට වඩා දෙගුණයකින් වැඩි ජනගහණයක් තිබෙන අතර මාෂල් රටවැසියන්ගෙන් සමන්විත තරමක් ලොකු ඩයස්පෝරාවක්ද අමෙරිකා එක්සත් ජනපදයේ සිටිනවා. ආකන්සෝ හි පමණක් 15,000කින් යුත් ප්‍රජාවක් සිටින අතර රට හරහා එම සංඛ්‍යාව මෙන් දෙගුණයක් සිටින බැවින් සුදුසුකම් ඇති ක්‍රීඩකයන් සොයා ගැනීමේ හොඳ අවස්ථාවක් තිබෙනවා.

 131375118 marshallisla

“මගේ සිත ඇද ගැනීමට එක හේතුවක් වුනේ මෙය දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් වන නිසායි”

මාෂල් දූපත්වලට තිබෙන අමෙරිකානු බලපෑම ප්‍රබල වන අතර මෙය පාපන්දු ක්‍රීඩාවට සාම්ප්‍රදායික කඩුල්ලක් බවට පත්ව තිබුනත් එය ක්‍රීඩාවේ වැඩිදියුණුවට හේතුවක් වීමට ඉඩ ඇත්තේ දැන් පාපන්දු ක්‍රීඩාව අමෙරිකාවේ ජනප්‍රිය වෙමින් තිබෙන නිසා.

මාෂල් දූපත් දැන් බෝලය රෝල් කිරීම පටන් ගෙන තිබෙන අතර ඔවුන්ගේ පළමු ඉලක්කය වී තිබෙන්නේ සාගර පාපන්දු සම්මේලනය හෝ ආසියානු පාපන්දු සම්මේලනයට අනුබද්ධ රටක් බවට පත්වීම. ඉන්පසුව එහි පූර්ණ සාමාජිකත්වය ලබා ගෙන ජගත් පාපන්දු සම්මේලනයට අයදුම් කළ හැකි තත්ත්වයකට පිවිසීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබෙනවා

Screenshot 2023 10 19 at 10.46.29

මාෂල් දුපත් පාපන්දු සම්මේලනයේ X (ට්විටර්) සමාජ මාධ්‍ය පණිවිඩයක්

“මොනයම් ආකාරයක හෝ සාමාජිකත්වයක් සාගර පාපන්දු සම්මේලනයෙන් ලැබෙන තෙක් අපට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා අපි මුළුමනින්ම ආධාර මත රැඳී සිටිනවා” යැයි ඔවර්ස් ප්‍රකාශ කරනවා.

ඒ ඒ රටවලට තිබෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රශ්න. ටීවලූ රට ට පාපන්දු ක්‍රමවේදයක් තිබුනත් මාෂල් දූපත් මෙන් ඔවුන්ට හෝටල හෝ සංචාරක රටවල කණ්ඩායම්වලට පුහුණු වීමේ පහසුකම් නැහැ. ළඟදීම විවෘත කිරීමට බලාපොරොත්තු වන ජාතික ක්‍රීඩාංගණයෙන් මාෂල් දූපත්වලට වාසිදායක තත්ත්වයක් උදා වනු ඇතැයි ඔවර්ස් විශ්වාස කරනවා.

 131375120 marshisl

''තවත් රටක් පාපන්දු සිතියමේ තබමින් ලැයිස්තුව සම්පූර්ණ කිරීමට ලැබීම අමතක නොවන ක්‍රියාවක්''

“මාෂල් දූපත් සඳහා වන පාපන්දු ව්‍යූහය ජාතික ක්‍රීඩාංගණය මුල්කර ගත් එකක් වේවි. මෙය පුහුණු වීමේ පහසුකමක් ලෙසට යොදා ගැනීමටත් හැකිවේවි. එය හරියට ජිබ්ර්ල්ටා රට මෙන් එක් ස්ථානයක් මුල් කර ගෙන තරග පවත්වන ක්‍රමවේදයක් වේවි.”

“මෙය ඉතිහාසයේ කොටසක් වීම පිණිස මට ලැබුනු මහඟු අවස්ථාවක්. තවත් රටක් පාපන්දු සිතියමේ තබමින් ලැයිස්තුව සම්පූර්ණ කිරීමට ලැබීම අමතක නොවන ක්‍රියාවක්” යනුවෙන් ඔවර්ස් වැඩිදුරටත් කියා සිටිනවා.

කොවිඩ් වසංගතය නිසා ප්‍රමාද වූ මාෂල් දූපත් ජාතික ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු මෙජුරෝ හි දැන් සිදුවෙමින් පවතින අතර එය 2023 Micronesian ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය ලබා දීම සඳහා සම්පූර්ණ වීමට නියමිතව තිබුනා. නමුත් ඉදිකිරීම නියමිත පරිදි අවසන් නොවූ බැවින් එම ක්‍රීඩා උළෙල ලබන වසරේ ජූනි මස 15 සිට 24 දක්වා ඒ ඉසව්වේ ම පැවැත්වීමට තීරණය වී තිබෙනවා. එය මාෂල් දූපත්වලට අමරණීය අවස්ථාවක් වනවා මෙන්ම ලෝකයේ පාපන්දු ක්‍රීඩා කරන රටවල් ලැයිස්තුව සම්පූර්ණ වී පාපන්දුව ගෝලීය ක්‍රීඩාවක් බවට ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කළ හැකි අවස්ථාව ද වනු ඇත.

සටහන :
ප්‍රේමයේ චමත්කාරයෙන් සුන්දර වූ කාඩිෆ් මැරතන් තරගය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...