The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

MCA ‘F’ ඕවර 25 ලීග් තරගාවලියට පිට පිට 7 වැනි වතාවටත් ෆෙයාෆස්ට් රක්ෂණ අනුග්‍රහය

T

The Leader Desk

March 8, 2025 • 2:41 PM

MCA ‘F’ ඕවර 25 ලීග් තරගාවලියට පිට පිට 7 වැනි වතාවටත් ෆෙයාෆස්ට් රක්ෂණ අනුග්‍රහය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හත්වැනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම ඉදිරිපත්ව සිටිනවා.
  • ‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් අදියරේ තරග 67ක් හා පිළිමළුන් පිටුදැකීමේ අදියරේ තරග 15කින් සමන්විතයි.
  • පෙබරවාරි 25 වැනිදා ආරම්භ වූ ලීග් තරග මාර්තු 30 වැනිදායින් අවසන් වන අතර පිළිමළුන් පිටුදැකීමේ අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 5 හා 6 දිනවල පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයට පෙර තරගවලින්.
  • අනතුරුව අර්ධ අවසන් පූර්ව තරග අප්‍රේල් 19 හා 20 දිනවලත්, අවසන් පූර්ව තරග අප්‍රේල් 26 හා 27 දිනවලත්, අවසාන තරගය මැයි 3 වැනිදාත් පැවැත්වීමට වෙළඳසේවා ක්‍රිකට් සංගමය (MCA) සැලසුම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

හත්වැනි වතාවටත් අනුග්‍රහය දැක්වීමට ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම ඉදිරිපත්ව සිටිනවා.

| තරගාවලියේ අනුග්‍රාහකත්වය සීමාසහිත ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සංදීප් ගෝපාල් විසින් වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් ට පිළිගැන්වූ අවස්ථාව. එම රක්ෂණ සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රවිශංකර් වික්නේස්වරන් හා ප්‍රධාන අලෙවි හා වෙළඳ නිලධාරී ඩිලාන් මිචෙල් සහ වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ ලේකම් රොහාන් සෝමවංශ හා අනුග්‍රාහකත්ව කමිටුවේ සභාපති හසිත දසනායක ද මේ අවස්ථාවට සහභාගි වුනා.

 


‘ෆෙයාෆස්ට් රක්ෂණ කුසලානය’ වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ලීග් අදියරේ තරග 67ක් හා පිළිමළුන් පිටුදැකීමේ අදියරේ තරග 15කින් සමන්විතයි.

පෙබරවාරි 25 වැනිදා ආරම්භ වූ ලීග් තරග මාර්තු 30 වැනිදායින් අවසන් වන අතර පිළිමළුන් පිටුදැකීමේ අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 5 හා 6 දිනවල පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයට පෙර තරගවලින්.

අනතුරුව අර්ධ අවසන් පූර්ව තරග අප්‍රේල් 19 හා 20 දිනවලත්, අවසන් පූර්ව තරග අප්‍රේල් 26 හා 27 දිනවලත්, අවසාන තරගය මැයි 3 වැනිදාත් පැවැත්වීමට වෙළඳසේවා ක්‍රිකට් සංගමය (MCA)  සැලසුම් කර තිබෙනවා.

kdfjkr
තරගාවලියේ හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, තරගාවලියේ වීරයා සහ අවසාන තරගයේ වීරයා ට විශේෂ තිළිණ ප්‍රදානය කරන බව සංවිධායකයන් පවසනවා.

පසුගිය තරගාවලියේ ශූරයන් වූයේ හැටන් නැෂනල් බැංකුවේ ‘බී’ කණ්ඩායම. ඔවුන් වෙතින් අවසාන තරගයේදී ඩයලොග් ඇක්සියාටා කණ්ඩායම කඩුලු හතක පරාජයක් ලැබුවා.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්:

‘ඒ’ කාණ්ඩය (කණ්ඩායම් 6) - යුනිලීවර් ශ්‍රී ලංකා, ඊ.බී.ක්‍රීසි, එච්.එන්.බී. ‘බී’, යූනියන් බැංකුව, එම්පයර් තේ, සෙලාන් බැංකුව ‘බී’

‘බී’ කාණ්ඩය (කණ්ඩායම් 7) - ඩේවිඩ් පීරිස් ව්‍යාපාර සමූහය ‘බී’, කාගිල්ස් බැංකුව, වාණිජ බැංකුව ‘බී’, කැමරා එල්.කේ., වී.එස්.ඉන්ෆමේෂන් සිස්ටම්ස්, ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඇන්සල් ලංකා

‘සී’ කාණ්ඩය (කණ්ඩායම් 5) - රන්පත් සමූහය, සිට්‍රෙක්ස් සමූහය, සීමාසහිත ඇස්ට්‍රන්, සියම් සිමෙන්ති, ඉන්ග්ලිෂ් ටී ෂොප්

‘ඩී’ කාණ්ඩය (කණ්ඩායම් 7) - සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම, සීමාසහිත එම්.ඒ.එස්. ඇක්ටිව් ඇටයර් පෞද්ගලික, පීසා හට්, ඇන්සල් ටෙක්ස්ටයිල්ස්, ඩයලොග් ඇක්සියාටා, එමර්චෙමී එන්.බී.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

MCA ‘F’ ඕවර 25 ලීග් තරගාවලියට පිට පිට 7 වැනි වතාවටත් ෆෙයාෆස්ට් රක්ෂණ අනුග්‍රහය | The Leader